සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 599

ගුදභ්‍රංශය

නා. ගුද නාලය පාතට වැටීමේ රෝගය.

ගුදම

1. නා. බඩු ගබඩාව; රේගුවේ බඩු ගබඩාව.
2. නා. මත්පැන් ගබඩා කොට තබන ගෙය.

ගුදමූලය

නා. ගුදයෙහි මුල; අසූචි පිටවන කෙළවර.

ගුදය

1. (පාරිභා.) නා. ආහාර ජීර්ණ පද්ධතියෙහි අවසාන කොටස.(=rectum)
2. (පාරිභා.) නා. ශරීරයෙන් අසූචි පහ වන සිදුර.(=anus).

ගුදරක්ත

නා.ප්‍ර. ගුදයෙන් ලේ වහනය වීම.

ගුදාන්ත්‍රය

නා. මහාන්ත්‍රයෙහි ගුදයට සම්බන්ධ වන කොටස.

ගුදාස්ථිය

(පාරිභා.) නා. කොඳුඇට පේළියේ පහළ ම කෙළවරේ පිහිටි ඇටය (=coccyx).

ගුදිරිය

නා. ඇඳට හෝ පුටුවට දමන මේට්ටය; කුලිච්චම.

ගුදීය

(පාරිභා.) වි. ගුදය හා සම්බන්ධ; ගුදයට අයත්(=rectal).

ගුදීය පෝෂණය

(පාරිභා.) නා. ගුදමාර්ගයෙන් ආහාර ගැන්මට සැලස්වීම (=rectal feeding).

ගුප්ත

1. වි. ආරක්ෂිත; රක්ෂා කරන ලද.
2. වි. රහස්‍ය; සැඟවුණු; නොපැහැදිලි.
3. වි. විස්මයජනක පුදුම උපදවන.
4. (පාරිභා.) වි. නියම ස්වරූපය සැඟවී පවතින; ප්‍රච්ඡන්න (=latent, potential).

ගුප්ත ආසාදනය

(පාරිභා.) නා. සැඟවුණු හේතුවක් ඇති ලෙඩ බෝවීම; දුරවබෝධ රෝග සංක්‍රමණය (=cryptic infection).

ගුප්ත උද්ධමනය

(පාරිභා.) නා. මිල නැගීමක් සඟවනු පිණිස වුවමනාවෙන් ම භාණ්ඩවල තත්ත්වය බාල කිරීම. (=hidden infection).

ගුප්ත පරිණාමය

(පාරිභා.) නා. පැහැදිලිව නොපෙනී රහසින් මෙන් වෙනස් වෙවී යෑම.

ගුප්ත බද්ද

(පාරිභා.) රජය වෙත කෙරෙන සෘජු ගෙවීමකට වෙනස් මුහුණුවරක් ගන්නා ව්‍යාපාරික බදු බර (=hidden tax).

ගුප්ත බලය

(පාරිභා.) නා. සැඟවී තිබෙන බලය; පැහැදිලි ව නොපෙනෙන බලය (=hidden hand).

ගුප්ත භාෂණය

1. නා. සැඟවුණු අර්ථ ඇති කථාව; අප්‍රකට අර්ථයක් ගැබ්ව ඇති භාෂාව.
2. නා. රහස් කීම.

ගුප්ත වත්කම

(පාරිභා.) නා. වෙළඳ අගයට වඩා සෑහෙන තරම් අඩු වටිනාකමකින් පොත්වල පවත්වා ගෙන යන වත්කම් (=hidden assets).

ගුප්ත විද්‍යාව

නා. රහස් ආකාරයෙන් පවත්නා යන්ත්‍ර-තන්ත්‍ර-ඉන්ද්‍රජාල ආදි ශාස්ත්‍ර.

ගුප්ත වෘෂණයා

(පාරිභා.) නා. ගුප්ත වූ/ සැඟවුණු අණ්ඩකෝෂ ඇති සත්ත්වයා (=cryptorchid)

ගුප්ත සංවාදය

නා. දෙදෙනකු අතර පමණක් සිදුවන සාකච්ඡාව; රහස් මන්ත්‍රණය.

ගුප්ත සන්දේශය

නා. රහස් පණිවිඩය.

ගුප්තතාපය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයක් උෂ්ණත්වය වෙනස් නොකර ඝන අවස්ථාවේ සිට වායු අවස්ථාවට හෝ පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය (=latent heat).

ගුප්තයෝගී ශාක

(පාරිභා.) නා. මල් හට නොගන්නා ශාක (=cryptogamia).