සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 600
ගුප්තවේශ්ම
නා.ප්‍ර. රැකවරණය ඇති නිවහන; ආරක්ෂිත ගෘහය.
ගුප්තාංශුව
(පාරිභා.) නා. රුධිරයට ඇතුළුවීමට පෙර පටකවල ජීවත් වන බීජාංශුවේ අවස්ථාවක් (=cryptozoite).
ගුප්තානුකූලතාව
(පාරිභා.) නා. වරදක් දැක නොදැක්කාක් මෙන් කටයුතු කීම; වරදට ඉඩ හැරීම (=connivance)
ගුප්තාපරාධය
නා. රහසිගතව කෙරෙන අපරාධය; අභිරහස් අපරාධය.
ගුප්තාර්ථය
නා. සැඟවුණු අදහස; අප්‍රකට අරුත.
ගුප්තාවාටය
නා. පොළොව යටින් දිය බැස යන කාණුව.
ගුප්තිකයා
නා. රැකවල් කරන්නා; ආරක්ෂකයා.
ගුප්තිය
1. නා. රැකවල් කිරීම; ආරක්ෂාව.
2. නා. රහස් ස්වභාවය.
ගුබ්බායම
1. නා. කුඩා අතුපැල් විශේෂයක්; රොඩී ජනයා වසන තැන; කුප්පායම.
2. නා. රා අරක්කු වැනි මත්පැන් රැස්කොට තබන හෝ විකුණන ස්ථානය; දුසිරිතට පොළඹවන ස්ථානය.
ගුබ්බිය
නා. මල් පොහොට්ටු; මල් මොට්ටුව.
ගුම
1. නා. මී මැස්සන්ගේ ගුමු ගුමු හඬ.
2. නා. මේඝ ගර්ජනාව.
3. නා. ගොමුව; පඳුර; ගුල්මය.
ගුමනදැල්ල
(පාරිභා.) නා. විවෘත නළයක් තුළ දැවෙමින් ඇතැම් තත්ත්ව යටතේ සංගීත ස්වර නංවන හයිඩ්රජන් නැතහොත් ගල් අඟුරු ගිනිසිළුව (=singing flame)
ගුමනවා
ක්‍රි. ගුම් ගුම් හඬ නංවනවා.
ගුම්
1. නා. මී මැසි නාදය.
2. නා. ගුල්මය; ගොමුව; පඳුර.
ගුම්බය
1. නා. රාශිය; සමූහය; රංචුව.
2. නා. ගස් හෝ වැල් ගොමුව.
ගුමු
1. නා. ගොමුව; ගුල්මය; ලැහැබ.
2. නා. මී මැස්සන්ගේ නාදය; ගුම් හඬ.
ගුමුගුමුව
නා. මී මැසි ආදින්ගේ නාදය; ගුමු ගුමු නාදය.
ගුය්හ
වි. සැඟවිය යුතු; වැසිය යුතු; රහස්‍ය.
ගුර
1. නා. බර ව උච්චාරණය කරන අක්ෂරය.
2. නා. මාත්‍රා දෙකක් අතර ඇති අකුර; දීර්ඝාක්ෂරය හෝ හල් අකුරක් පර කොට ඇති භ්රස්වාක්ෂරය.
ගුරණය
1. නා. වචනයක උච්චාරණයේ දී ශබ්දය බර කර උච්චාරණය කිරීම.
2. නා. උත්සාහය; ප්රයත්නය.
ගුර්විණී
නා.ප්‍ර. බඩ දරු ස්ත්‍රිය.
ගුරා
1. නා. ශිල්ප ශාස්ත්‍රාදිය උගන්වන්නා; ගුරුවරයා.
2. (කථා.) නා. කණ්ඩායමක නායකයා.
3. නා. බෙර වයන්නා.
4. නා. නැකැත් බලන්නා.
5. නා. මන්ත්‍ර ගුරුකම් කරන්නා.
6. නා. රන්රිදී වැඩ කරන්නා; රන්කරුවා.
ගුරු
1. වි. දිරවීමට අපහසු; බර.
2. වි. උතුම්; මහත්.
3. වි. දැඩි; තද.
4. වි. ගැඹුර; ගම්භීර.
1. නා.ප්‍ර. ශිල්ප ශාස්ත්‍ර ආදිය උගන්වන තැනැත්තා; ගුරුවරයා.
2. නා.ප්‍ර. බෘහස්පති ග්‍රහයා; සුරගුරු.
3. නා.ප්‍ර. මව්පිය දෙදෙන.
4. නා.ප්‍ර. මහා බ්‍රහ්මයා.
5. නා.ප්‍ර. ඉතා සියුම් මැටි විශේෂයක්; සිවංගුරු.
ගුරු අකුර
1. නා. බර ව උසුරුවන අකුර; මාත්‍රා දෙකකින් යුත් අකුර; දීර්ඝාක්ෂරය.
2. නා. ශිෂ්‍යයාගේ අනුකරණය සඳහා ගුරුවරයා විසින් ලියන ලද අකුර.