සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 601
ගුරු එළිය
(පාරිභා.) නා. ඇතැම් විදුලි උපකරණවල විදුලිය ක්‍රියාත්මක ද නැද්ද යනු පෙන්නුම් කිරීම සඳහා දැල්වෙන කුඩා විදුලි එළිය (=master pilot).
ගුරු ගෙදර
නා. (අතීතයේ) අධ්‍යයන ස්ථානය වූ ගුරුවරයාගේ නිවස.
ගුරු තරුව
නා. බ්‍රහස්පති තාරකාව.
ගුරු දක්ෂිණාව
නා. ගුරුවරයාට පිරිනමන තෑගිබෝග; ගුරුපඬුරු.
ගුරු පූජාව
නා. පුද පඬුරු දීමෙන් හා සේවය කිරීමෙන් ගුරුවරයකුට කරන සත්කාර.
ගුරු මණ්ඩලය
1. නා. (හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව) අල්ලේ පිහිටි ග්‍රහ මණ්ඩලවලින් එකක්; ගුරුට අයත් මණ්ඩලය.
2. නා. පාඨශාලා ආදියෙහි ඉගැන්වීමේ නියුක්ත ගුරු පිරිස.
ගුරු මුරිච්චිය
නා. ලියවන පට්ටලයේ ගුරු ඉස්කුරුප්පුවට යටින් සවි කරන (පැල්ම සහිත) මුරිච්චිය.
ගුරු මුෂ්ටිය
නා. (ඇතැම් විට) ගුරුවරයා තමා වෙත ම ආරක්ෂා කොට තබාගන්නා ශාස්ත්‍ර සාරය; ආචාර්ය මුෂ්ටිය.
ගුරු රෝදය
(පාරිභා.) නා. බල පහරින් ඇන්ජිමක ඇති වන කම්පනය ඒකාකාරී ව පාලනය කිරීමට සවි කොට තිබෙන බර රෝදය; ජව රෝදය (=flywheel).
ගුරු සේවය
නා. ගුරුවරුන්ගේ මෙහෙය; ගුරු වෘත්තිය.
ගුරු හෝරාව
නා. (ජ්‍යෝති.) සතියෙහි එක් එක් දිනයන්හි ගුරු ග්‍රහයාට අයත් හෝරාව හෙවත් ඔර්ලෝසු පැයක කාලය; බෘහස්පති හෝරාව.
ගුරුඅහර
නා.ප්‍ර. බර ආහාර; දිරවීමට අපහසු ආහාර.
ගුරුකම
1. නා. උපදේශය : අවවාදය.
2. නා. උපක්‍රමය.
3. නා. කොඩිවින, හදි හූනියම් ආදිය හෝ ඒවායින් මිදීමට කරන යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් ආදිය.
ගුරුකර්ම
නා.ප්‍ර. වෙනත් කුශල හෝ අකුශල කර්මයකින් වළක්වන්නට නොහැකි බලවත් විපාක දෙන කර්මය; ගරු කර්මය.
ගුරුකුලය
නා. ගුරුවරයකුගෙන් ඉගෙනුම ලැබූ සිසු පරපුර; ගුරු ශිෂ්‍ය පරම්පරාව; ඒ හා සම්බන්ධ මධ්‍යස්ථානය.
ගුරුත්ව කේන්ද්‍රය
(පාරිභා.) නා. වස්තුවක බර යම් ලක්ෂ්‍යයක් ඔස්සේ ක්‍රියා කරන්නේද ඒ ලක්ෂ්‍යය (=center of gravity).
ගුරුත්ව නියමය
(පාරිභා.) නා. ගුරුත්වාකර්ෂණ නියමය (=law of gravitation).
ගුරුත්වජ ත්වරණය
(පාරිභා.) නා. නිදැල්ලේ වැටෙන වස්තුවක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා අත්කර ගන්නා ත්වරණය. (=acceleration due to gravity).
ගුරුත්වය
1. නා. බරබව; බරගතිය.
2. නා. දීර්ඝත්වය; දිගුබව.
3. නා. උසස්බව; ගරු ගාම්භීරත්වය.
4. නා. ආචාර්යභාවය.
5. (පාරිභා.) නා. සියලු භෞම වස්තු පෘථිවි කේන්ද්‍රය වෙතට ඇද ගැනීමේ බලය (=gravity).
ගුරුත්වාකර්ෂණ නියමය
(පාරිභා.) නා. වස්තු දෙකක් අතර පවත්නා ආකර්ෂණ බලය ඒවායේ ස්කන්ධවල ගුණිතය හා අනුලෝම වශයෙන් ද ඒවා අතර ඇති දුරෙහි වර්ගය හා ප්‍රතිලෝම වශයෙන් ද විචලනය වේ යන නියමය.
ගුරුත්වාකර්ෂණය
[ගුරුත්ව + ආකර්ෂණය]
(පාරිභා.) නා. ඕනෑ ම ද්‍රව්‍යමය අංශු දෙකක් හෝ වස්තු දෙකක් එකක් අනෙක වෙත ආකර්ෂණය වීමේ සංසිද්ධිය (=gravitation).
ගුරුත්වාඞ්ග අපවර්තකය
(පාරිභා.) නා. පැළෑටියක අංකුරය පෘථිවි ගුරුත්වයට විරුද්ධ දෙසට හෙවත් පෘථිවියෙන් ඉවතට විහිදීම. (=negative geotropism).
ගුරුත්වාඞ්ග උපවර්තකය
(පාරිභා.) නා. පැළෑටියක මුදුන් මුල පෘථිවි ගුරුත්වය දෙසට ඇදීම. (=positive geotropism).
ගුරුත්වාවර්තනය
නා. ගුරුත්වයට ශාක අංශවල ඇති වන ප්‍රතික්‍රියාව; ගුරුත්වය කරණකොට ගෙන පැළෑටිවල ඇති වන චලනය.