සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 603
ගුවන් මිණ
නා. සූර්යයා.
ගුවන් විකිරණය
(පාරිභා.) නා. යම්කිසි ප්‍රභවයකින් නිකුත් ව අවකාශයේ සරල රේඛා දිගේ ගමන් කරන ශක්ති විශේෂය; අත්තරීක්ෂ විකිරණය (=celestial radiation).
ගුවන් සමීක්ෂණය
(පාරිභා.) නා. ගුවන් යානා ආධාර ඇති ව කරන සමීක්ෂණය (=aerial surveying)
ගුවන්කරණම්
නා.ප්‍ර. අහස් යානයකින් අහසේ කරන විවිධාකාර ත්‍රාසජනක ක්‍රීඩා.
ගුවන්තලය
නා. ග්‍රහ වස්තූන් සැරිසරන්නාක් මෙන් පෙනෙන ප්‍රදේශය; අහස්තලය.
ගුවන්තොටුපොළ
නා.ප්‍ර. අහස්යාත්රා පිටත්කරවන, බස්සවන හා නතර කරවන ස්ථානය; අහස්යාත්රාංගණය; ගුවන්යානා නැවතුම්පොළ,
ගුවන්මුරකරු
(පාරිභා.) නා.ප්‍ර. අහස් යානාවල පැමිණීම ගැන සෝදිසියෙන් සිටින නිලධාරියා. (=air guard).
ගුවන්විදුලි තරංගය
(පාරිභා.) නා. එක් තැනක සිට තවත් තැනකට අහසින් සංඥා ගෙන යන විද්‍යුත් චුම්බක තරංගය.(=wireless radio wave).
ගුවන්විදුලිය
නා. විද්‍යුත් චුම්බක තරංග උපයෝගී කරගෙන එක් තැනක සිට අනිත් තැනකට ගුවනින් සංඥා යැවීමේ ක්‍රමය; රේඩියෝව.
ගුස්ති
නා.ප්‍ර. පොර බැදීම; පොර ඇල්ලීම; මල්ලව පොරය.
ගුහ්‍ය
1. වි. සැඟවිය යුතු; වැසිය යුතු; රහස්‍ය.
2. (භා. දර්ශන) වි. ගුප්ත අර්ථ ඇති.
ගුහ්යධර්ම
(පාරිභා.) නා.ප්‍ර. ගුප්ත ඇදහිලි ක්‍රමය; ගුප්ත ධර්මය (=mystery religion).
ගුහ්‍යය
1. නා. සඟවන්නට සුදුසු දෙය; සැඟවුණු දෙය; රහස.
2. නා. සැඟවිය යුතු ශරීරාංගය; රහසඟ.
3. නා. ක්ෂීරපායී ගැහැණු සතුන්ගේ බාහිර ප්‍රජනන විවරය; භගය.
ගුහ්යර්ථය
නා. සැඟවුණු අරුත; යටි අදහස.
ගුහා ලිපිය
නා. ගල්ලෙන්වල කොටා තිබෙන ශිලා ලේඛනය; ලෙන් ලිපිය.
ගුහායිත
(පාරිභා.) වි. කුහර සහිත; ගුහා සහිත; මී වදයක ආකාරය ඇති (=cavernous).
ගුහාව
1. නා. පොළවෙහි හෝ ගල්පර්වත ආදියෙහි සෑදුණු විවෘත පැත්තක් සහිත සිදුර; ලෙන.
2. නා. කුහරය; හිල (=cavity).
ගුහාසය
නා.ප්‍ර. ශරීර ඉන්ද්‍රියක නාමය; හෘදය.
ගුහාසයා
නා. ගුහාවෙහි වසන්නා; සිංහයා.
ගුළ
1. නා.ප්‍ර. පන්දුව.
2. නා.ප්‍ර. උක්පැණියෙන් සාදා ගන්නා හකුරු; උක්සකුරු.
3. නා.ප්‍ර. ලිහිණි විශේෂයක නාමය.
ගුළ්හ
වි. සැඟවුණු; ගුප්ත.
ගුළා මූට්ටුව
(පාරිභා.) නා. ගුළාවකින් / බෝලයකින් එහා මෙහා ක්‍රියා කරන මූට්ටුව; බෝල සන්ධිය.
ගුළා වෑල්වය
(පාරිභා.) නා. වැල්ව වර්ගයක නාමය; ද්‍රව වායු ආදිය ගලා යන නාලයක් බෝලයක් මගින් අවහිර කිරීමට සලස්වන වෑල්වය (=ball valve).
ගුළාව
1. නා. පන්දුව; බෝලය; ගෝලය; වටකුරු දෙය.
2. නා. වදය; මී වදය.
3. නා. පොකුර; කළඹ.