සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 609
ගොන්බාන
නා. එකට ඈඳූ ගවයන් දෙදෙනා.
ගොන්වායා
නා. ගවයන් රැක බලා ගන්නා තැනැත්තා; එඬේරා; ගොපල්ලා.
ගොනා
1. නා. හරකා; ගවයා.
2. (කථා.) (රූඪි.) නා. මෝඩයා; අඥානයා.
ගොනැස
නා. පැරණි ගෘහ නිර්මාණ ක්රමය අනුව වහල හැඩ ගැස්වීමට ගන්නා කෙළවර හෝ මැද වක් වූ පරාලය; පරාලයේ කෙළවර වකය.
ගොනු කරනවා
ක්රි. පිළිවෙළකට එක්තැන් කරනවා; ඒකරාශි කරනවා.
ගොනුව
1. නා. කිසියම් පිළිවෙලකට රැස්කර තැබූ (ලිපි ආදි) මිටිය; සකස් කළ ගොඩ.
2. නා. කැටිය; මිටිය; ගොඩ; රාශිය; සමූහය.
3. නා. එකිනෙකට ඇති සම්බන්ධය; ගැළපීම.
4. (පාරිභා.) නා. යන්ත්රයක එකිනෙකට පූට්ටු කළ කොටස් සමූහය (= assembly).
ගොනෝරියාව
(පාරිභා.) නා. ලිංගික රෝගයක්; සුද බින්දුම (=gonorrhoea).
ගොපල්ලා
1. නා. ගවයන් රැක බලාගන්නා; ගව පාලනය ජීවනෝපාය වශයෙන් කරන්නා.
2. නා. පොළොව පාලනය කරන්නා; මහී පාලකයා.
3. (කථා.) නා. ගවයන්ට අධිගෘහිත යැයි සැලකෙන යක්ෂයෙක්; ගොපලු යකා.
ගොපලු ගම
නා. ගොපල්ලන් වාසය කරන ගම.
ගොප් අත්ත
නා. පොල් ගහේ ගොබ අත්ත; එහි ළපටි කොළ සහිත නොවිහිදුණු පත් කැටිය; ගොක් කොළ අත්ත.
ගොප් මස
නා. බොලට දෙපසටත් දණහිස් පෙදෙසටත් අතර වූ මස් ගොබය; බත් කෙණ්ඩය.
ගොපු
1. නා.ප්ර. ඇස් වටය; (පයේ) වළලුකර.
2. නා.ප්ර. වස; වහ.
ගොපු ඇටය
නා. ගොප් ඇටය; ගුල්ඵාස්ථිය.
ගොපුර
නා. නගරයට ඇතුළු වන ප්රධාන දොරටුව; නගර ද්වාරය.
ගොබඩ
1. නා.ප්ර. කිලිල/ බඩ සහිත ගස්; පොල් පුවක් ආදි තාල වර්ගයේ ගස්.
2. නා.ප්ර. ළා ගෙඩිය.
ගොබය
1. නා. (පොල්, කිතුල්, කෙසෙල් ආදි ගස්වල) ළාදළුව; ළපටි කරටිය.
2. නා. වැදැල්ල; රොද; පේශිය.
3. (පාරිභා.) නා. ගඟක උඩහට වේගයෙන් දුවන විශාල උදම් රළ ගෙඩිය; වඩදිය රැළ (=bore).
ගොබවලාව
(පාරිභා.) නා. වේගයෙන් නැගෙමින් අතිශය විනාශකාරී ලෙස හමා එන සුළි සුළඟ; ටෝනාඩෝව (=water spout).
ගොබ්බ
1. වි. කම්මැළි; අලස.
2. වි. මෝඩ; අනුවණ.
ගොබ්බයා
1. නා. කම්මැළියා; අලසයා.
2. නා. මෝඩයා; අනුවණ තැනැත්තා.
ගොබුඩ
නා. කරටිය; අග්ගිස්ස.
ගොම
නා.ප්ර. ගව වසුරු.
ගොම ගානවා
1. ක්රි. ගෙබිම ආදි ස්ථානයන්හි ගොම ආලේප කරනවා; ගොම පිරිබඩ ගන්නවා.
2. ක්රි. අවලස්සන කරනවා; අශෝභන කරනවා.
ගොමපිරිබඩ ගන්නවා
ක්රි. ගොම මැටි ගානවා; ගොම ආලේප කරනවා.
ගොමවැරටි
නා.ප්ර. වියළි ගොම පිඩු.