සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 610
ගොමස්කඩය
නා. ඉතා කිලුටු රෙදිකඩ; අපිරිසිදු වැරහැල්ල.
ගොම්පස්
නා.ප්ර. (කමත්.) ගවවසුරු; ගොම.
ගොම්මං වෙලාව
නා. ගොන් ආපසු මඟට වැටෙන වේලාව; සවස අඳුර වැටීගෙන එන වේලාව.
ගොම්මන
1. නා. අතුපතරින් වැසුණු තුරු ගොමු බහුල කැලෑව.
2. නා. ගොම්මං වෙලාව.
ගොමුව
1. නා. ගස්වැල් එකට කැටි වී වැවුණු තැන; ළැහැබ; ගුල්මය.
2. නා. ගස්වැල්වලින් සෑදූ කූඩුව.
3. (කථා.) නා. ගෙට යාබද ව සෑදූ මඩුව.
4. නා. ගවගාල.
ගොයම්
නා.ප්ර. වී අස්වැන්න; වී කරල්.
ගොයම් අඩිය
නා. (කමත්.) කමතෙහි එක් කරන ලද කැපූ ගොයම් ගොඩ; සම්පූර්ණ නොවූ ගොයම් කොළය.
ගොයම් ඇල්ලීම
නා. (කමත්.) ගොයම් කැපීම සුබ නැකතින් ඇරඹීම.
ගොයම් ඉස්සර
නා. (කමත්.) ගොයම් කැපීමේ දී එක පෙළට සිට කපන ගොයම් තීරුව.
ගොයම් කයිය
1. නා. ගොයම් කැපීම සඳහා සාමූහික ව එක් වූ පිරිස.
2. නා. සාමූහික ව එක් වී ගොයම් කැපීම.
3. නා. එම පිරිසට දෙන භෝජනය.
ගොයම් කොළය
1. (කමත්.) නා. කරල් මැදි වන සේ කවාකාර ව උසට තැබූ ගොයම් ගොඩ.
2. නා. ගොයම් ගසේ පත්රය.
ගොයම් පාගනවා
ක්රි. කපාගත් ගොයම්වලින් වී වෙන් කර ගැනීම සඳහා මඩවනවා; කොළ පාගනවා.
ගොයා
නා. උරග වර්ගයට අයත් ගොඩබිම වසන තලගොයා.
ගොයි පෝරුව
1. නා. කුඹුරෙහි මඩ සමතලා කිරීමට උපයෝගී කරගන්නා උපකරණයක නාමය.
2. නා. වී එකතු කරන ලෑල්ල නොහොත් කකුල.
ගොයියා
1. (කථා.) නා. ගොවියා.
2. නා. තැනැත්තා.
3. නා. යහළුවා.
4. නා. දැතිගොයියා.
ගොයියාව
1. නා. කුරුණිය; ලාහ.
2. නා. උකුණු දැත්ත; දැති ගොයියා.
ගොයුම්
1. නා.ප්ර. ගෞතම බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්ර. තිරිඟු ගොධූම.
ගොයුම්මහණ
නා.ප්ර. ගෞතම බුදුන් වහන්සේ.
ගොයුව
නා. ලපය; පුල්ලිය.
ගොර
1. වි. සුදු; ශ්වේත; පඬෙර.
2. වි. බියකරු; අතිදරුණු; ඝෝර.
1. නා.ප්ර. ඇඟ ගැල්වීමට ගන්නා විලවුන් වර්ගයක්; කොකුම්; කුංකුම.
2. නා.ප්ර. චන්ද්ර ග්රහයා.
3. නා.ප්ර. ගෞරවය.
4. නා.ප්ර. එනම් හඬ; ගොරවන ශබ්දය.
ගොරක මැලියම්
(පාරිභා.) නා. සායම් පිණිස හා බෙහෙත් පිණිස ගන්නා වූ කහපාට ස්වාභාවික රෙසින් මැලියම් විශේෂය (= gamboge gum).
ගොරකයා
1. නා. හැම දෙයක ම දොස් දක්නා තැනැත්තා.
2. නා. ගමේ ගොඩේ හැදුණ තැනැත්තා; නාගරික පරිසරය නුහුරු පුද්ගලයා.
3. නා. ඇත්පැටවා.
4. (කථා.) නා. කිඹුලා.
ගොරතර
වි. දරුණුකමින් වැඩි; ඉතා දරුණු; භයංකාර වූ.
ගොරද
නා.ප්ර. ගෝරෝචන.