සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 611
ගොරවනවා
1. ක්‍රි. වලාකුළු ගැටීමෙන් අහසේ මහ හඬක් නිකුත් වෙනවා; මේඝ ගර්ජනා කරනවා.
2. ක්‍රි. සිවුපා සතුන් මහ හඬ නගනවා; කෝපයෙන් ගුගුරනවා.
3. ක්‍රි. තර්ජනාත්මක ව කථා කරනවා; හඬ නගා තර්ජනය කරනවා.
4. ක්‍රි. (තද නින්දේ දී ආශ්වාස ප්‍රශ්වාස කරන විට) උගුරෙන් ‘ගොර ගොර’ යන හඬ නැගෙනවා.
ගොරහඬ
නා. බියකරු ශබ්දය; බිහිසුණු හඬ; ඝෝර වූ නාදය.
ගොරහැඩි
වි. දැඩි; රළු; ගොරෝසු.
ගොරිල්ලා
නා. අප්‍රිකාවේ වනාන්තරවල වෙසෙන රෞද්‍ර පෙනුමැති වානර වර්ගයේ විශාලත ම සතා.
ගොරී
නා. සුදු ගැහැනිය; ස්වේත වර්ණ ලලනාව; පාර්වතී.
ගොරොක්
2. වි. වෘද්ධ; මහලු.
3. වි. ඔබලත්; දුර්වල.
4. වි. ගූඪ.
5. වි. ගැඹුරු; ගම්භීර.
1. නා.ප්‍ර. තද වු හෝ බර වූ හෝ ද්‍රව්‍යය.
2. නා.ප්‍ර. උපකාරය; උදව්ව.
3. නා.ප්‍ර. පීඩාව; විපත.
4. නා.ප්‍ර. ගෞරවය.
ගොරෝසු
1. වි. රළු; දළ; දැඩි; ගොරහැඩි.
2. වි. දරදඬු; නොහික්මුණු; තැන්පත් කමක් නැති.
3. වි. නපුරු.
4. (පාරිභා.) වි. අමු; අශෝභන; අසංස්කෘත (=crude).
ගොල
1. වි. වට වූ; වටකුරු බවක් ඇති.
2. වි. වයසට ගිය; මහලු.
1. නා. කුඩා වටකුරු දෙය.
2. නා. ඇස් ගුලිය.
3. නා. මිනුම් ප්‍රමාණයක්; පලම් සීය; තුලාව; කුරු සතලිහක බර.
ගොල ගැට
නා. පිට්ටු සහ වැලිතලප සඳහා පිටිවලින් පිළියෙළ කර ගන්නා කුඩා කැට.
ගොල හැල
නා. ගැඹුරට එරෙන හැල; ගැඹුරු මඩවළ.
ගොල්ල
1. නා. රාශිය; ළැහැබ; ගුල්මය; පඳුර; ගොමුව.
2. නා. සමූහය; පිරිස.
3. නා. නෑ පිරිස; ඤාති සමූහය; ඤාති වර්ගයා.
ගොලෑ
1. වි. මෘදු; මොළොක්.
2. වි. ළාබාල; නොමේරූ; ළපටි.
1. නා.ප්‍ර. මැලැස්ස; ළා ගෙඩි.
2. නා.ප්‍ර. නොමේරූ පුවක් ගෙඩි.
ගොලිජ්ජ
(කථා.) නා.ප්‍ර. ගවමූත්ර.
ගොලෝව
1. නා. බෝලයක හැඩය ගත් දෙය; ගෝලාකාර වස්තුව; ගෝලය.
2. (පාරිභා.) නා. පහනක් ආවරණය කරමින් ම එහි එළිය විසරණය කරන උපකරණය (= globel).
ගොවද
1. නා. සමූහය.
2. නා. හිරු රැස්.
3. නා. හරක් ගාල; ගොවුද.
ගොවලා
නා. ගවයන් බලන්නා; ගොපල්ලා.
ගොවළු
නා.ප්‍ර. ගවයන්ගේ කුරය වැදීමෙන් පස හෑරී දිය පිරුණු වළ.
ගොවැර්නදෝරු
නා.ප්‍ර. රජ වෙනුවෙන් පාලනයෙහි යෙදී සිටින ප්‍රධානියා; ආණ්ඩුකාරයා.
ගොවි බස
නා. විශේෂයෙන් කමතේ දී ව්‍යවහාර කරන භාෂාව; කමත් බස.
ගොවිඳු
නා.ප්‍ර. විෂ්ණු දෙවි.
ගොවිපළ
1. නා.ප්‍ර. ගොවිතැන් කරන ගොඩ මඩ භූමි භාගය; වගා බිම; කුඹුර.
2. නා.ප්‍ර. මස් සඳහා සතුන් ඇති කරන භූමි භාගය; සත්ත්ව ගොවිපළ.
ගොවියා
1. නා. (වෘත්තියක් වශයෙන්) ගොඩමඩ ගොවිතැන් කරන්නා; ගොවිතැන ජීවනෝපාය කරගෙන සිටින පුද්ගලයා.
2. නා. පශු කර්මාන්තයෙහි යෙදෙන තැනැත්තා.
3. නා. ගොවි කුලයට අයත් තැනැත්තා; ගොවි වංශිකයා.
ගොවු
1. නා.ප්‍ර. පැරණි දුර මැනීමේ මිම්මක්; ගවුව; හඬසන දෙකක දුර.
2. නා.ප්‍ර. ගොනා; ගවයා.
ගොවුද
1. නා. ගවයන් ලගින ස්ථානය; ගවගාල; ගවහල; ගවමඩුව.
2. නා. ගොපල්ලන් වෙසෙන ගම; ගොපලු ගම.
ගොවුවා
1. නා. ඇත් අස් ගව ආදි සතුන් රැක බලා ගන්නා එඬේරා; ගෝපකයා.
2. නා. මුරකාරයා; දොරටුපාලයා; ආරක්ෂකයා.