සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 675
ජැකාඩ් යන්ත්‍රය
(පාරිභා.) නා. මෝස්තර සහිත රෙදි විවීම පහසු කිරීම සඳහා අළුව සමඟ එකට පාවිච්චි කරන උපකරණයක් (=jacquard loom).
ජැකිය
නා. බරක් ඉහළට එසවීම සඳහා පාවිච්චි කරන (පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි) යා උපකරණයක්; ජැක්කුව.
ජැකෙට්ටුව
නා. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම උඩුකය වසා අඳින සාමාන්‍යයෙන් අත් දිග ඇඳුමක්.
ජැටිය
නා. ජල යාත්‍රාවකින් ප්රවාහණය කරනු ලබන මගීන්ට පා තැබීමටත් භාණ්ඩ ගොඩ බෑමටත් ගොඩබිමින් දිය මතට නෙරා සිටින සේ ඉදි කර ඇති පාලම හෝ වේදිකාව.
ජැන්ඩි
(කථා.) වි. උජාරු; අහංකාර; කැපීපෙනෙන සේ අඳින පලඳින.
ජැන්ඩිපට
(කථා.) නා.ප්‍ර. හවඩියේ මුදු යතුරු ආදිය එල්ලීම සඳහා තනා ඇති දම්වැල් පට.
ජැන්ඩිපහට
(කථා.) ක්‍රි.වි. ජේත්තුවට; ආඩම්බරයට; අලංකාර ලෙස.
ජෑම්
නා.ප්‍ර. ඉදුණු පලතුරු සීනි මිශ්‍රකර තම්බා පල්පයක් සේ සාදා ගනු ලබන කෑම වර්ගයක්; පාන් ආදියෙහි තවරා කෑමට ගනු ලැබේ.
ජිගීෂාව
නා. අන්‍යයන් අබිබවා ජය ලැබීමට ඇති බලවත් ආශාව.
ජිගුච්ඡාව
1. නා. පිළිකුල; ජුගුප්සාව; අප්රසන්නතාව.
2. නා. නින්දාව; අපහාසය.
ජිඝච්ඡාව
නා. කුසගින්න; ක්ෂුධාව.
ජිඥාසාව
නා. දැන ගැන්මේ බලවත් කැමැත්ත; සෙවීමේ ආශාව.
ජිණ්ණ
වි. දිරා ගිය; ජරාවට පත්; ජීර්ණ; දිරූ.
ජිත
වි. ජය ගන්නා ලද; දිනූ; අනුන් පැරද වූ.
ජිතමාර
වි. මාරයා දිනූ; දිනන ලද පස්මරුන් ඇති; තථාගයතන් වහන්සේ පිළිබඳ ව යෙදේ.
ජින
1. නා.ප්‍ර. සියලු කෙලෙසුන් හා පස් මරුන් දිනූ තැනැත්තා; බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්‍ර. බුදුරදුන් කල විසූ ෂට්ශාස්තෘ කෙනෙකුගේ නාමය; නිගණ්ඨනාථපුත්ත.
ජින බිම්බය
නා. බුදු පිළිමය.
ජින වචනය
1. නා. බුදුරදුන් දේශනා කළ ධර්මය; බුද්ධ දේශනාව.
2. නා. ත්‍රිපිටක පාළිය; පාළි භාෂාව,
ජිනපුත්‍ර
නා.ප්‍ර. බුද්ධ පුත්‍රයා; බෞද්ධ භික්ෂුව.
ජින්
නා.ප්‍ර. ධාන්‍ය වර්ග හෝ මෝල්ට් සැර පැසවා සාදා ගන්නා මත්පැන් වර්ගයක්.
ජින්තීගු පිට්ටනිය
(කථා.) නා. පෘතුගීසින් විසින් ක්‍රිස්තියානි නොවූ ජනයාට වෙන් කරන ලද සුසාන භූමිය.
ජින්තීගුවා
(කථා.) නා. රෝමානු කතෝලික නොවන්නා; මිත්යාදෘෂ්ටිකයා.
ජිනේන්ද්‍ර
[ජින + ඉන්ද්‍ර]
1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්‍ර. ප්‍රධාන තවුසා; උතුම් තවුසා.
ජිප්සි
1. නා.ප්‍ර. ස්ථිර පදිංචියක් නැති ව තැනිත් තැන ඇවිදිමින් ජීවත් වන මනුෂ්‍ය වර්ගයක්.
2. නා.ප්‍ර. (ලංකාවේ) අභිගුණ්ඨිකයා.
3. නා.ප්‍ර. ජිප්සින් කතාබස් කරන ඉන්දු යුරෝපීය ලක්ෂණ ඇති භාෂා සමූහය.