සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 680
ජුණ්ටා
1. නා.ප්‍ර. සමිතිය; සංවිධානය.
2. (නව.) නා.ප්‍ර. දේශපාලන රහස් සංවිධානය.
ජුණ්ඩ
(කථා.) නා.ප්‍ර. ස්වල්පය; ටික; සොච්චම.
ජුණ්ඩා
(කථා.) නා. කුඩා තැනැත්තා; පොඩි එකා; චුට්ටා.
ජුණ්හ
වි. එළිය ඇති; ආලෝකය තිබෙන; (සඳ) එළියෙන් පිරෙන.
ජුණ්හ පක්ෂය
නා. (ජ්‍යෝති.) අමාවකින් අනතුරු ව එන සඳ මෝරන කාල පරිච්ඡේදය; පුර පක්ෂය.
ජුබිලිය
නා. වැදගත් ආයතනයකට හෝ සිද්ධියකට වසර 25 ක්, 50 ක් හෝ 60 ක් ආදි වශයෙන් පිරීමේ උලෙළ; රජත, ස්වර්ණ හෝ වජ්ර ජයන්තිය.
ජූට්
නා.ප්‍ර. ගෝණි මලු විවීම, ලණු ඇඹරීම ආදිය සඳහා කෙඳි ලබාදෙන හණ පැළෑටිය.
ජූඩෝ
(නව.) නා.ප්‍ර. ජපන් මල්ලව පොර ක්‍රමයක්.
ජූත
නා.ප්‍ර. සූදුව.
ජූතිය
1. නා. ශෝභාව; කාන්තිය; ආලෝකය.
2. නා. ආනුභාවය; තේජස.
ජූරිසභාව
නා. අධිකරණයේ නඩුවක් පිළිබඳ ව නිවැරදි තීන්දුවක් දීමේ දිවිරීම පිට විනිශ්චය කාරයාට සහාය පිණිස පත් කරනු ලබන විශේෂ මණ්ඩලය.
ජූලය
(පාරිභා.) නා. විදුලි බලය පිළිබඳ මිනුම් ඒකකයක්; නිව්ටන ඒකක බලයක් මීටර් ඒකක දුරක් ඔස්සේ ක්‍රියා කිරීමේදී කෙරෙන කාර්ය ප්‍රමාණය(=joule).
ජූලිය
(කථා.) නා. (බලාපොරොත්තු රහිත) කරදරය; අකරතැබ්බය; හදිය.
ජෘම්හණය
1. නා. ඈනුම් ඇරීම.
2. නා. පිපීම; පිබිදීම.
3. නා. ප්‍රකාශ වීම.
ජෙට් එන්ජිම
නා. දහනය වූ වායු දහරක් වේගයෙන් නිකුත් වීම නිසා එයට ප්‍රතිවිරුද්ධ දිශාව කරා ජව බලය දෙන නවීන යන්ත්‍රයක් (=jet engine).
ජෙනරේටරය
(පාරිභා.) නා. යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන යන්ත්‍රය (=generator ).
ජෙලටින්
(පාරිභා.) නා.ප්‍ර. සත්ත්ව පටක, අස්ථි, කුර ආදිය තැම්බීමෙන් ලබා ගන්නා අස්ඵටික ස්වභාවයක් ගත් ද්‍රව්‍යය. (=gelatin ).
ජෙසුයිට්
නා.ප්‍ර. රෝමානු කතෝලික සභාවේ නිකායක්.
ජෙහොර
1. වි. තිර පිළිවෙතක් නැති; චපල.
2. (කථා.) වි. දියාරු; බෙරි වූ.
ජේත්තුව
නා. හැඩ වැඩට ඇඳ පැලඳ ගැනීම; උජාරුවට සැරසීම.
ජේලර්
නා.ප්‍ර. සිර ගෙයක් හෝ සිරකරුවන් හෝ භාර නිලධාරියා; බන්ධනාගාර පාලකයා.
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ
නා. (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි ආගමේ කර්තෘවරයා.
ජෛව
වි. ජීවයට සම්බන්ධ; ප්‍රාණීන් පිළිබඳ වූ.
ජෛව ගෝලය
(පාරිභා.) නා. පෘථිවි ගෝලයේ හා ආශ්රිත ව ජීවීන් වාසය කරන කලාප. (=biosphere ).
ජෛව පරිණාමය
(පාරිභා.) නා. සත්ත්ව හා ශාක වර්ග අන්‍යාකාරයකට පෙරළීම; වෙනස්වීම (=organic evolution ).