සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 688
ටින්කෑම
නා. ටින්වල ඇසිරීමෙන් කල්තබාගන්නා ආහාර ද්‍රව්‍ය; ටින් කළ කෑම.
ටින්ටස් ඇණය
(කථා.) නා. ටින් ආවරණයක් ඇති කුඩා යකඩ ඇණය; රබන් ඇණය.
ටින්නිධි
නා.ප්‍ර. ටින් නමැති ලෝහ විශේෂය ලබා ගන්නා ඉල්ලම්; බෙලෙක් ඉල්ලම්.
ටින්මාලු
(කථා.) නා.ප්‍ර. (තෙල් තබා ගැනීම සඳහා එක්තරා ක්‍රමයකට) ටින්වල අසුරන ලද මාළු; ටින් කළ මාළු.
ටිප්
1. නා.ප්‍ර. ඔට්ටු ආදියේ දී දිනුම් පිළිබඳ ව ලැබෙන රහසිගත තොරතුර.
2. (කථා.) නා.ප්‍ර. කිසියම් සේවාවක් සඳහා පාරිතෝෂිත වශයෙන් දෙන සුළු මුදල.
ටිප්පණිය
නා. ටිකාවට කළ අර්ථ විවරණයක අනුටිකාව.
ටිම්බ
නා.ප්‍ර. ගුළිය; ගුටිය; තැම්බ; පිඬ.
ටිම්බාලය
1. නා. කෑම වර්ග වන්ඩුවෙන් තම්බා ගැනීම සඳහා පාවිච්චි කරන කෝප්පයක හැඩය ඇති අච්චුව.
2. නා. ටිම්බාල අච්චුවෙහි ලා පිස ගන්නා කෑම.
ටියුටරිය
නා. (පෞද්ගලික) අධ්‍යාපන ආයතනය; පෞද්ගලිකව උගන්වන තැන.
ටියුබකල් බැසිලය
(පාරිභා.) නා. ක්ෂය රෝග කාරක අණුජීවියා (=tubercle bacillus).
ටියුබකුලෝසියාව
(පාරිභා.) නා. ටියුබකල් බැසිය නම් අණු ජීවීන් නිසා සෑදෙන, බෝවන රෝගය; ක්ෂය රෝගය; කාසය (=tuberculosis).
ටියුබය
1. නා. වීදුරු හෝ ලෝහ වැනි දෙයකින් නිම වූ බටය; නාලය; නළය; නාලිකාව.
2. නා. වායු පීඩනයෙන් පිම්බිය හැකි රබර් කෝෂය.
3. නා. මිරිකා ඇතුළත අඩංගු දේ සිදුරකින් ඉවත් කළ හැකි (දන්තාලේපාදිය සඳහා භාවිත) කොපුව.
ටියුබර
නා.ප්‍ර. පැළෑටියක මූලෙහි සෑදෙන අල; ආකන්දය; කන්දකය.
ටියුල්
(පාරිභා.) නා.ප්‍ර. සිහින් තුනී හිදෑස් සහිත රෙදිකඩ; දුහුල් ලේස් රෙද්ද.
ටියුෂන්
නා.ප්‍ර. උපදේශකයකු විසින් ආධුනිකයකුගේ අතිරේක අධ්‍යාපනය සඳහා පෞද්ගලිකව කෙරෙන ඉගැන්වීම (=tuition).
ටිෂූකඩදාසි
නා.ප්‍ර. විනි විද පෙනෙන තුනී කඩදාසි; සව් කඩදාසි; සරුංගල් කඩදාසි.
ටීක් බෝලය
නා. පිඟන් මැට්ටෙන් හෝ වීදුරුවලින් හෝ සාදන ලද කුඩා බෝලයක්.
ටීකාචාර්යවරයා
[ටිකා + ආචාර්යවරයා]
නා. ටීකා සම්පාදනය කළ ආචාර්යවරයා.
ටීකාපාළිය
1. නා. තේරුම් ගැනීමට අපහසු අට්ඨ කතා පාඨ තේරුම් කරමින් සම්පාදිත ග්රන්ථ සමූහය.
2. නා. ටීකා ග්‍රන්ථවල භාවිත භාෂාව.
ටීකාව
නා. පාලි අට්ඨ කථා ග්රන්ථ වල දුරවබෝධ පද තේරුම් කිරීම සඳහා ලියූ විවරණය.
ටීටර්
(කථා.) නා.ප්‍ර. වේදිකා නාට්‍යය; නාඩගම.
ටීනියා
1. (පාරිභා.) නා.ප්‍ර. දිලීර නිසා හට ගැනෙන ස්පර්ශයෙන් බෝවන චර්ම රෝගයක් (=tinea).
2. නා.ප්‍ර. පටිපණුවා.
ටීපි
නා.ප්‍ර. රතු ඉන්දියන්වරුන්ගේ කූඩාරම (=tipi).
ටීපෝව
නා. පාද තුනකින් හෝ හතරකින් යුත් කුඩා මේසයක් (=tipoi).