සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 941

නිරීහකත්වය

නා. උත්සාහයක් නැති බව; ක්‍රියාකාරිත්වයෙන් තොරබව; අක්‍රියත්වය.

නිරු

නා.ප්‍ර. නිරය; අපාය; නරකය.

නිරුක්ති

1. නා.ප්‍ර. ශබ්දයක ප්‍රකෘති ප්‍රත්‍යයාදි ලක්ෂණ විභාග කොට අර්ථ දැක්වීම.
2. නා.ප්‍ර. නිරුක්ති ශාස්ත්‍රය.
3. නා.ප්‍ර. විභාග කොට අර්ථ දැක්වීම.
4. නා.ප්‍ර. චතුපටිසම්භිදා ඤාණ අතර එකක්.

නිරුක්ති ශාස්ත්‍රය

නා. ශබ්දයක ප්‍රකෘතිය ප්‍රත්‍යය ආදින්හි ප්‍රභවය, වර්ධනය හා අර්ථය හැදෑරීමේ ක්‍රමවේදය.

නිරුච්ජ්වාස

නා.ප්‍ර. ආශ්වාස ප්‍රශ්වාස රහිතබව.

නිරුජ්ඣයනය

නා. නිරුද්ධ කිරීම; නැති කිරීම; වැනසීම.

නිරුත්

1. වි. බස්නාහිරටත් දකුණටත් අතර ඇති අනුදිශාවෙහි වූ; නිරිත දිග වූ,
2. වි. නැතිවුණ; අභාවයට ගිය.
නා.ප්‍ර. නිරුක්ති ශාස්ත්‍රය.

නිරුත්තර

1. වි. උත්තර දිය නොහැකි; පිළිතුරු නැති.
2. වි. වඩා ශ්‍රේෂ්ඨයකු නැති; උත්තරීතර; අනුත්තර.

නිරුත්මරු

නා.ප්‍ර. නිරිතදිගින් හමන සුළඟ.

නිරුත්සාහක

වි. උත්සාහයක් නැති; පරිශ්‍රමයක් නැති.

නිරුත්සාහය

නා. උත්සාහ නැතිබව; ධෛර්ය හීනතාව; උද්යෝගයක් නොමැතිබව.

නිරුත්සුක

වි. උනන්දුවක් නැති; උත්සාහයෙන් තොර.

නිරුදක

වි. දිය නැති; උදක රහිත; ජල ශූන්‍ය.

නිරුද්ධ

වි. විනාශයට පත්; අභාවයට ගිය; වළක්වන ලද.

නිරුපක්ලේශ

වි. කිලුටු නැති; කෙලෙස් රහිත; සිත කිලුටු කරන ධර්ම රහිත.

නිරුපකාර

වි. උපකාර රහිත.

නිරුපඨිශේෂ

නා.ප්‍ර. (අභි.) ශරීරය ශේෂ ව තිබියදී කෙලෙසුන් නැසීම.

නිරුපද

වි. උවදුරු නැති; උපද්‍රව නැති.

නිරුපද්‍රතාව

නා. උවදුරු නැතිබව; උපද්‍රව රහිතබව.

නිරුපද්‍රව

1. වි. උවදුරු නැති; හානි නැති; උපද්‍රව රහිත; ක්ෂේම.
2. වි. අසාධ්‍ය නොවන; මාත්සරික නොවූ (=benign).

නිරුපදිසේස

වි. (අභි.) ශරීරය ශේෂ ව තිබියදී කෙලෙසුන් නැසූ.

නිරුපදෘත

වි. උවදුරු රහිත.

නිරුපධි

වි. උපධි සංඛ්‍යාත කෙලෙස් නැති කළ; උපධි රහිත.

නිරුපම

වි. උපමා රහිත; උපමා කළ නොහැකි.