සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 940

නිරාලෝක

වි. ආලෝකයෙන් තොර; එළියක් නැති; අඳුරු; නොපැහැදිලි.

නිරාවරණ

වි. ඇවිරීමක් නැති; නොවැසුණු; විවෘත.

නිරාවරණය

1. (පාරිභා.) නා. අනාවරණය; එළිදරව් කිරීම; ප්‍රකාශයට පත්වීම; හෙළිවීම.
2. නා. ආලෝකය වැටෙන්නට සැලැස්වීම; අවධානයට යොමු කිරීම (=exposure).

නිරාවර්ජන

වි. ආවර්ජනය නොවන; මෙනෙහි නොකරන.

නිරාවර්ත

(පාරිභා.) වි. ආවර්තනය නොවන; නොකරකැවෙන; යළි යළිත් නොලැබෙන (=non-recurring); කැරකී ඒමෙන් තවත් ළඟා නොවන.

නිරාවළ

[නිරා + වළ]
නා.ප්‍ර. නිරය; නරකාවාටය.

නිරාවේණික

(පාරිභා.) වි. පාරම්පරික නොවන; පරම්පරාවෙන් උරුම නොවන; පරවේණියක් ලෙස නොලැබෙන (=non-inheritable).

නිරාවේණිය

නා. පරම්පරාවෙන් පරම්පරාවට උරුම නොකිරීම; ප්‍රවේණියට අයත් නොකිරීම.

නිරාශ

වි. ආශා රහිත; ඇලීම නැති; තෘෂ්ණා විරහිත.

නිරාශක

වි. බලාපොරොත්තු කඩවුණු; අපේක්ෂා රහිත; උදාසීන.

නිරාශඞ්ක

1. වි. නිසැක; අවිශ්වාසයට නොපැමිණි.
2. වි. බිය නැති; නිර්භය; පරසතුරු උවදුරු නැති.
3. වි. පිරිසිදු; නිවැරදි.

නිරාශද්‍ය

වි. සිටගත නොහැකි; ගමන් කළ නොහැකි.

නිරාශ්වාසක

වි. ආශ්වාස කිරීමෙන් තොර; හුස්ම ගැනීම නැවැත්වූ.

නිරාශ්‍රය

වි. පිහිටක් නැති; ආශ්‍රයක් නැති; අසරණ; හුදෙකලා.

නිරාශා

නා.ප්‍ර. ආශාවන්ගෙන් තොරවීම; තෘෂ්ණාව නැති කිරීම.
වි. ආශාවලින් තොර; තෘෂ්ණාව නැති.

නිරාස

වි. ආශා නැති; පිහිට නැති; අනාථ; බලාපොරොත්තු රහිත.

නිරාසය

නා. බැහැර කිරීම; ඉවත් කිරීම; නැවැත්වීම; වැළැක්වීම.

නිරාසව

වි. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන චතුරාශ්‍රවයන් කෙරෙන් දුරු වූ; ආශාව රහිත; නිකෙලෙස්.

නිරාස්වාද

වි. ආස්වාද රහිත; රස විඳීමක් නැති.

නිරාහාර

වි. ආහාරයෙන් තොර; කෑම නැති ව සිටින; කෑමෙන් වැළකුණු.

නිරීක්ෂ්‍ය

(පාරිභා.) වි. නිරීක්ෂණය කළ හැකි; නිරීක්ෂණය කළ යුතු; නිරීක්ෂණ ගෝචර (=observable).

නිරීක්ෂ්‍යය

නා. නිරීක්ෂණයට ගෝචර වන වස්තුව.

නිරීශ්වර

වි. සර්ව බලධාරී මැවුම්කරුවකු නැතැයි සලකන; නිර්මාතෘ දෙවියකු ගැන විශ්වාස නොකරන.

නිරීහ

වි. උත්සාහයක් නැති; අනුත්සාහික; නිෂ්ක්‍රීය.