අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 210
පාණිනී
නා.ප්‍ර. සංස්කෘත ව්යාකරණඥයකුගේ නාමය (සං. පාණිනී)
පාතරාසය
නා. උදෑසන ආහාරය (පා. පාතරාස)
පාත්‍ර ධාතුව
නා. බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රය
පාත්‍ර වර්ගයා
නා. නාට්‍ය ආදියෙහි එක් එක් චරිත
පාතාලය
1. නා. මහමෙර යට පිහිටා ඇතැයි සැලකෙන ලෝකය/ මුහුදේ පතුල/ ප්රපාතය (පා. සං. පාතාල) 2. අපරාධකරුවන්ගේ කල්ලිය
පාදක
නා.ප්‍ර. පදනම; මූලාධාරය (පා. පාදක)
පාදපරිචාරිකාව
නා. භාර්යාව (පා. සං. පාදපරිචාරිකා)
පාදපීඨිකා
නා.ප්‍ර. පා තබන පුවරුව (පා. සං. පාදපීඨිකා)
පාදබන්ධනය
නා.ප්‍ර. පා බැඳීම/ අරමිණිය ගොතා වාඩිවීම/ පා ආවරණය (සං. පාදබන්ධන)
පාදම
නා. පත්ල; අඩිය/ දාගැබ් කුලුනු ආදියෙහි අත්තිවාරමට ඉහළින් පිහිටි කොටස (දෙ. பாதம்)
පාදලාංඡනය
නා. පා සටහන (පා. පාදලාඤ්ඡන)
පාදස්ථ
වි. පාදයෙහි පිහිටි/ කවි පදයක පිහිටි/ පාදීය
පාදාස්තරණය
නා. පාවාඩය
පාදිලි
නා.ප්‍ර. දේවගැතිවරයා; කිතුනු පූජකයා (පුර්. padre)
පාදුකාව
නා. පාවහන; සෙරෙප්පුව/ සෑදලයේ පය තබන කොටස/ රෝගියකුට කරන උවටැන (පා. සං. පාදුකා)
පානබලය
නා. කම්බි වැටවල් ආදිය සවි වීමට කම්බි කොටයකට තබන ආධාරකය; මුක්කුව
පානය
නා. බොන දේ (පා. සං. පාන)
පානුපැය
නා. අලුයම; ඉරිමා උදය
පාපිල්ල
නා. ව්‍යඤ්ජන අක්ෂරවලට යොදන ‘උ’ හා ‘ඌ’ ස්වර සංකේතය
පාපිෂ්ඨ
වි. පවිටු; පව්කාර (සං. පාපිෂ්ඨ)
පාපෝච්චාරණය
නා. තමා කළ වැරදි එළිදරව් කිරීම/ තමා කළ පව් සමා කිරීම
පාබළ
නා.ප්‍ර. පයින් ගොස් සටන් කරන භටයා
පාමුල
නා. පාදයක බිම තබන කොටස/ පය යොමු කර ඇති දිශාව/ කඳු ගස් ආදියේ මුල කොටස/ ප්‍රාසාදයක මූලය (පා. පාදමූල)
පායාස
නා.ප්‍ර. කිරිබත (සං. පායාස)