අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 211

පාරගම්‍ය

වි. ඇතුළට යන; විනිවිද යන

පාරජම්බූල

වි. වර්ණාවලියේ ජම්බූල වර්ණපථය ඉක්මවා යන රසායනික වර්ණ ධාරාවට අයත්

පාරණය

නා. උපවාසයකින් පසු පළමු වරට ගන්නා ආහාරය (සං. පාරණ)

පාරදෘශ්‍ය

වි. විනිවිද පෙනෙනසුලු

පාරනවා

ක්‍රි. රිදවනවා; අවුස්සනවා/ පහර දෙනවා (පා. පහරති)

පාරප්‍රාප්තිය

නා. කෙළවරට පැමිණීම/ පරතෙරට පැමිණීම (සං. පාරප්‍රාප්ති)

පාරලෞකික

වි. පරලොවට අයත් (සං. පාරලෞකික)

පාරවිලයනය

නා. වෛද්‍ය විද්‍යානුකූල ව ලෙඩකුට ලේ දීම

පාර්ශ්වය

නා. පැත්ත; අංශය/ ඇලපත (සං. පාර්ශ්ව)

පාර්ශ්වික

වි. අංශයක හෙවත් පැත්තෙහි පිහිටි (සං. පාර්ශ්වික)

පාරාදීසය

නා. ඉතා සැපවත් ස්ථානය; ස්වර්ගය (ඉං. paradise)

පාරාන්ධ

වි. විනිවිද නොපෙනෙන

පාරායණය

නා. ඉගෙනීම (සං. පාරායණ)

පාරායනය

නා.ප්‍ර. එතෙර වීම; එගොඩ වීම (පා. පාරායන)

පාරාවළල්ල

නා. චක්‍රාකාර ආයුධ විශේෂයක්

පාරිතෝෂිකය

නා. තෑගි වශයෙන් දෙන දීමනාව (සං. පාරිතොෂික)

පාරිභාෂික

වි. කිසියම් විෂයයක් සඳහා වූ විශේෂ අර්ථයක් දක්වන (සං. පාරිභාෂික)

පාරිභෝගික

වි. පරිභෝග කිරීමට සුදුසු; පරිභෝජනය කළ (පා. පාරිභොගික)

පාරිලෙය්‍ය

නා.ප්‍ර. පැරණි දඹදිව තිබූ වනගත ප්‍රදේශයක් (පා. පාරිලෙය්‍ය සං. පාරිලෙය්‍යක)

පාරිශ්‍රමිකය

නා. යම් කාර්යයක් හෝ සේවයක් හෝ වෙනුවෙන් කරන ගෙවීම

පාරිශුද්ධ

වි. ඉතා පිරිසිදු (පා. පාරිසුද්ධ සං. පරිශුද්ධ)

පාරිහාරික නුවණ

නා. තැනට සුදුසු නුවණ; ස්ථානෝචිත ප්‍රඥාව

පාරුපනය

නා. පෙරවීම (පා. පාරුපන)

පාරුෂ්‍යය

නා. දරුණු ස්වභාවය/ රළු වචනය (සං. පාරුෂ්‍ය)