අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 302

විද්‍යාවේදී

නා.ප්‍ර. විද්‍යා විෂයය සම්බන්ධ ප්‍රථම උපාධිය/ විද්‍යා ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ අවබෝධයක් ඇති තැනැත්තා (සං. විද්‍යාවෙදී)

විද්‍යුතය

නා. විදුලිය (සං. විද්‍යුත්)

විද්‍යුත්

වි. විදුලිය පිළිබඳ වූ (සං. විද්‍යුත්)

විද්‍යුත් චුම්බකය

නා. විද්‍යුත් කාන්දම

විද්‍යුත් පරිපථය

නා. විද්‍යුත් ධාරාවක් ගමන් කරවන මාර්ගය

විද්‍යුත් ප්‍රේරණය

නා. තැනකින් තැනකට විදුලිබලය යැවීම

විද්‍යුත් මාධ්‍යය

නා. විද්‍යුත් බලය උපයෝගී කරගෙන සන්නිවේදනයෙහි යෙදීම

විද්‍යුත්ධාරාව

නා. වස්තුවක් තුළින් ඍණ ආරෝපණයකින් යුතු ව ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම

විද්‍යෝදය

නා.ප්‍ර. විද්‍යාවෙහි උදාව/ එනම් ශාස්ත්‍රායතනය

විදාරණය

නා. පුපුරා යෑම/ නැසීම (පා. සං. විදාරණ)

විදාලනය

නා. පැළීම; පිපිරීම (පා. විදාලන)

විදුර

නා. දියමන්තිය (සං. වජ්‍ර). වි. ඉතා ඈත; බොහෝ දුර වූ (සං. විදුර)

විදුරවි

නා. ශක්‍රයාගේ ආයුධය (සං. වජ්‍රායුධ)

විදුරස්න

නා. වජ්‍රාසනය/ ශක්‍ර ආසනය (සං. වජ්‍රාසන)

විදුරු නැණ

නා.ප්‍ර. වජ්‍රය වැනි තියුණු නුවණ

විදුරුමස

නා. දත් මුල් වටා ඇති ශක්තිමත් මාංසල පටකය

විදුරුමිණි

නා.ප්‍ර. දියමන්තිය; වජ්‍ර මාණික්‍යය

විදුලකර

නා.ප්‍ර. විද්‍යාලංකාරය

විදුලි එළිය

නා. විදුලි ආලෝකය

විදුලි සන්දේශය

නා. විද්‍යුඅත් මාධ්‍යයකින් යවන පණිවිඩය

විදුලිය

නා. විදුලි කෙටීම; විද්‍යුල්ලතාව; අකුණ/ විද්‍යුත් ශක්තිය/ විදුලි ආලෝකය

විදූෂක

නා.ප්‍ර. සංස්කෘත නාට්‍යයෙහි කවට චරිත නාමය

විදේශ

නා.ප්‍ර. පිටරට

විදේශ විනිමය

නා. පිටරටින් ලැබෙන ආදායම