අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 303

විදේශාධාර

නා.ප්‍ර. වෙනත් රටකින් ලැබෙන ආධාර

විදේශාධිපත්‍යය

නා. අන්‍ය දේශයකට යටත් බව

විදේශික

වි. පිටරටට අයත්

විධමනය

නා. දුරු කිරීම (පා. සං. විධමන)

විධවා

නා. සැමියා මළ ස්ත්‍රිය (පා. සං. විධවා)

විධ්වංශනය

නා. නැති කිරීම; විනාශ කිරීම; ලෝපනය කිරීම (සං. විධ්වංශන, විධ්වංසන)

විධාතෘ

නා.ප්‍ර. බ්‍රහ්මයා; මැවුම්කරු (සං. විධාතෘ)

විධානය

නා. අණ; ආඥාව (සං. විධාන)

විධායක

වි. නියෝග ක්‍රියාවට නංවන (සං. විධායක)

විධිමත්

වි. පිළිවෙලකට ඇති; ක්‍රමවත්

විධිය

නා. ක්‍රමය (පා. සං. විධි)

විධිවිධාන

නා.ප්‍ර. පිළියෙල කිරීම; අවශ්‍ය කාර්ය සම්පාදනය

විධුර

වි. අසමසම (පා. විධුර)

වින

නා.ප්‍ර. මන්ත්‍ර බලයෙන් කරන උපද්‍රව (දෙ. வினை)

විනය

නා.ප්‍ර. හික්මීම (පා. සං. විනය)

විනයධර

වි. විනයෙහි හසළ; විනය පිටකය කටපාඩම් ඇති (පා. විනයධර)

විනයානුකූල

වි. විනය ශික්ෂාපදයන්ට අනුකූල වූ

විනෂ්ට

වි. නැසුණු; අභාවයට ගිය (සං. විනෂ්ට)

වින්කලය

නා. බයිසිකල් ආදිය අලුත්වැඩියා කරන ස්ථානය

වින්දනය

නා. විඳීම; ආස්වාදය (පා. සං. වින්‍දන)

වින්නඹුව

නා. ගැබිනි මව්වරුන්ගේ සෞඛ්‍ය කටයුතු හා ප්‍රසූතිය සම්බන්ධයෙන් අවශ්‍ය දෑ කිරීමට පත් කර ඇති තැනැත්තිය

වින්‍යාසය

නා. පිහිටීම; තැබීම/ බෙදා දැක්වීම; විග්‍රහ කොට දැක්වීම (සං. වින්‍යාස)

විනා

නි. හැර; නැතිව

විනාකිරි

නා. රා පල් කිරීමෙන් සාදා ගන්නා ඇඹුල් දියර විශේෂයක් (පුර්. vinacre)