අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 304
විනාඩිය
නා. කාල ප්‍රමාණයක්; තත්පර හැටක කාලය (දෙ. வினாடி)
විනාශමුඛ
වි. විනාශයට එළඹ සිටි (සං. විනාශමුඛ)
විනාශය
නා. වැනසීම; ව්‍යසනය; නැසීම (සං. විනාශ පා. විනාස)
විනිමය
නා.ප්‍ර. රටවල් අතර ගනුදෙනු හුවමාරුව
විනිර්මුක්ත
වි. සම්පූර්ණයෙන් මිදුණු
විනිවිද
වි. මැනවින් පෙනෙන; පැහැදිලි/ සිදුරු කරන ලද; පසාරු කරන ලද
විනිශ්චය
නා. විග්‍රහය; සවිස්තර විභාගය/ තීරණය; නිගමනය/ නඩුවක තීන්දුව (සං. විනිශ්චය)
විනිස
නා. තීරණය; නිගමනය (සං. විනිශ්චය)
විනිසුරු
නා.ප්‍ර. විනිශ්චයකාරයා
විනීත
වි. හික්මුණු; ශිෂ්ට (පා. සං. විනීත)
විනේතෘ
නා.ප්‍ර. ශික්ෂණය ඇති කරන්නා (සං. විනෙතෘ)
විනේයජන
නා.ප්‍ර. හික්මවිය හැකි ජනයා (පා. වෙනෙයජන සං. වෛනෙයජන)
විනෝද
වි. සතුටු වූ; ප්‍රීති වූ (පා. සං. විනොද)
විනෝදාංශය
නා. විනෝදය පිණිස කරනු ලබන කටයුතු
විනෝදාස්වාදය
නා. සතුටින් ලබන වින්දනය (සං. විනොදාස්වාද)
විඳින
වි. භුක්ති විඳින; අනුභව කරන (පා. සං. වින්දන)
විපක්ෂ
වි. විරුද්ධ වූ; සතුරු වූ (සං. විපක්ෂ)
විපර්යාසය
නා. විරුද්ධ පැත්තට පෙරළීම (සං. විපර්යාස)
විපරිණාමය
නා. පෙරළීම; වෙනස් වීම (සං. විපරිණාම)
විප්රලම්භය
නා. විරහව; වෙන්වීම (සං. විප්රලම්භන)
විපිළිසර
වි. පසුතැවිලි වූ; පශ්චාත්තාප වූ (පා. විප්පටිසාර)
විපුල
වි. විශාල; බොහෝ (පා. සං. විපුල)
විභක්ති
වි. නාමයක අර්ථ හඟවන ප්‍රත්‍යයට අයත් (සං. විභක්ති)
විභඞ්ග
නා.ප්‍ර. බිඳීම; වෙන් කිරීම (පා. සං. විභඞ්ග)