සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 831

විවාදක

පු. විවාද කරන්නා, වාදකාරයා. (පි. 478)

විවාදමූල

න. විවාදයට මුල් කාරණය. (පි. 478)

විවාදියති

ක්‍රි. (√ භු. වද, වියත්තියං වාචායං වියත් වචනයෙහි +ති) වාදකරයි. (පි. 478)

විවාහ

පු. පාණිග්‍ර‍හණය, කාරබන්ධනය, කුමාරිකාවක් (ස්ත්‍රියක් කුමාරයෙකුට) (පුරුෂයෙකුට) ගෙනඒම. (පි. 478)

විවිච්ච

අ. වෙන්ව, තුරන්ව, විනා. (පි. 478)

විවිච්ඡා

ඉ. මසුරුකම, තද ලෝබකම. (පි. 478)

විවිණ්ණ

ති. ක්‍ර‍මය, පිළිවෙළ, පටන්ගැන්ම. (පි. 467)

විවිත්ත

ති. විවික්ත, වෙන්වන ලද. (පි. 478)

විවිධ

ති. නානාප්‍ර‍කාර, අනෙකවිධ, නන් අයුරු. (පි. 478)

විවෙක

පු. කාය චිත්තාදීන්ගේ විවේකය, ජනසම්බාධාදියෙන් වෙන්වීම, පරීක්ෂණය, නිවන. (පි. 478)

විවෙචන

න. නිශ්චයකිරීම, විවෙචනය කිරීම, (පි. 478)

විවෙචෙති

ක්‍රි. (√ භු. වව, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ණෙ+ති) විවෙචනය කරයි. (පි. 478)

විවෙස

ති. විශිෂ්ඨ, උසස්. (පි. 478)

විස

√ දි. පෙරණෙ, උත්සාහ යෙහි, විස්සති, උත්සාහ කරයි.
√ භු. පවෙසනෙ, ප්‍රවේශ කිරීමෙහි, විසති, පවිසති, ප්‍රවේශවෙයි, ඇතුළත්කරයි.
√ ති. විප්පයොගෙ, විප්‍රයොගයෙහි, විසාති, විප්‍රයොගවෙයි. (පි. 478)

විසංඛාර

පු. සඞ්ඛාරවිරහිත, නිර්‍වාණය. (පි. 479)

විසංඛිත

න. විධ්වංසනය කළ = විනාශකළ. (පි. 479)

විසංයුත්ත

ති. වෙන්ව යෙදුනු. (පි. 478)

විසංයොග

පු. විවේකය, වෙන්ව යෙදීම. (පි. 478)

විසංවාද

පු. මිථ්‍යාවාද අනිත්‍යාදිය නිත්‍යයයි කීම. (පි. 478)

විසංසෙට්ඨ

පු. වෙන්ව සිටීම, සංසට්ඨනොවන (පි. 478)

විසකණ්ඨ(ණ්ඨක)

න. උක්සකුරු. (පි. 478)

විසඞ්ක

ති. නිර්‍භය, බයනැති, සැකනැති. (පි. 478)

විසජ්ජ

අ. හැර අත්හැර. (පි. 479)

විසඤ්ඤාත්ත

ති. වෙන්ව යෙදුනු. (පි. 478)