සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1046
ප්රමුඛ ලක්ෂණය
1. නා. ඉදිරියෙන් සිටීමේ ස්වභාවය ; මුල් ව සිටීමේ ගතිය.
2. අසමාන වූ ජනක දෙමුහුම් වීමෙන් ඇති වන ජනිතයා කෙරෙහි විද්යමාන වන ලක්ෂණය.
ප්රමුඛතා ලේඛනය
නා. සැලකිල්ලට ගනු ලැබිය යුතු අනුපිළිවෙළ පෙන්වා දෙන ලියවිල්ල.
ප්රමුඛතාව
1. නා. වඩා වැදගත් තැන ; කාල, ස්ථාන, ඨානාන්තර ආදි කිසිවකින් මුල් තැන ; පූර්වතාව.
2. ශාක ප්රජාවක් තුළ කිසියම් විශේෂතාවක් හෝ විශේෂතා ප්රධාන වී සිට ඒවායේ දේහ ලක්ෂණ කෙරෙහි බලපෑම.
ප්රමුඛය
1. නා. ඉදිරිය ; ඉස්සරහ ; අභිමුඛය ; පෙරමුණ.
2. ගෙයක හෝ ගොඩනැඟිල්ලක ඉදිරියෙහි පිහිටි ඉස්සරහට නෙරා ගිය කොටස ; පෝටිකෝව.
3. ජීවශාක ප්රජාවක වඩා බලපාන විශේෂය.
ප්රමුඛයා
නා. ප්රධානයා ; මූලිකයා ; නායකයා.
ප්රමුඛාචාර්ය
නා.ප්ර. විශ්ව විද්යාලයක අධ්යයන අංශයක ප්රධානයා ; අංශ ප්රධානයා.
ප්රමුදිත
වි. අතිශය ප්රීතියට පත් ; ඉතා සතුටට පැමිණි ; අතිශයින් තුෂ්ටි ප්රාප්ත.
ප්රමේය
වි. ප්රමාණ කළ හැකි ; මෙතෙකැයි පමණ දැක්විය හැකි ; ඔප්පු කළ හැකි.
ප්රමේයය
1. නා. සාධක දක්වා ඔප්පු කළ හැකි නිගමනාත්මක ප්රකාශය ; සාකච්ඡා කරනු ලැබිය යුතු සිද්ධාන්තය ; තර්කයේ ප්රතිඥාව.
2. ඔප්පු කරනු ලැබිය යුතු සූත්රය ; ගණිතමය න්යායය.
ප්රමේහය
නා. ජනනේන්ද්රියය සහ මූත්ර මාර්ගය සම්බන්ධ රෝග විශේෂයක් ; මුත්ර රහිත ව හෝ සහිත ව ශුක්ර, ලේ, තෙල්, ශ්ලේෂ්ම යන මේවා වරින් වර පිටවීමේ රෝගය.
ප්රමෝදය
නා. අධික ප්රීතිය ; උපරිම සන්තෝෂය.
ප්රමෝද්යය
නා. අධික සතුට ; ප්රීතිය ; ප්රමුදිතභාවය.
ප්රමෝදිත
වි. මහත් වූ ප්රීතියට පැමිණි ; අතිශය සන්තෝෂ වූ ; අමන්දානන්දයට පත්.
ප්රමෝහය
නා. (අරමුණක) කිසිසේත් සිත නොයෙදීම ; බලවත් සිහිමුළාව ; සිතෙහි මහත් වූ කැළඹීම.
ප්රයත්නය
නා. දැඩි උත්සාහය ; මහත් වීර්යය ; අතිශය වෑයම ; දැඩි ආයාසය.
ප්රයාණංගනාව
[ප්රයාණ + අංගනාව]
නා. සරණ පාවාදීමට සුදුසු අඟන.
ප්රයාණය
1. නා. ගමන ; යෑම ; නික්මීම ; පිටත්වීම.
2. වැදගත් කටයුත්තක් සඳහා යන ගමන.
ප්රයාසය
නා. බලවත් උත්සාහය ; මහත් වීර්යය ; වෙහෙස.
ප්රයුක්ත
1. වි. මැනවින් යෙදුණු ; මනා ව යෙදී ඇති ; නිරත වූ ; ව්යාවෘත වූ.
2. යොදන ලද ; භාවිත කැරුණු ; පාවිච්චියට ගත්.
ප්රයුක්තයා
නා. යෙදුණු තැනැත්තා ; (යමක් කෙරෙහි) නැඹුරු වූ පුද්ගලයා ; (යම් කාර්යයක) ව්යාපෘතයා.
ප්රයුක්තිය
නා. විද්යා, කලා ආදි ශාස්ත්රයන් භාවිතයෙහි යෙදීම; ක්රියාවට නැංවීම.
ප්රයුඤ්ජනය
(පාරිභා.) නා. අවබෝධයට පත් කරුණක් භාවිතයෙහි යෙදීම; ක්රියාත්මක කොට බැලීම ; ප්රායෝගිකව අරමුණු ඉටු කර ගැනීම.
ප්රයෝක්තෘ
1. නා.ප්ර. යොදන්නා ; ක්රියාවට නගන්නා යෝගාකාරකයා.
2. සේවනය කරන්නා ; පරිශීලනය කරන්නා.
ප්රයෝග
1. නා.ප්ර. යෙදීම ; යෝජනය.
2. උපක්රමය ; උපාය මාර්ගය.
3. වංචාව ; උපාය ; කපටිකම.
4. සමාචාරය ; නිසි පැවැත්ම ; (සත්වයින්ට උපකාර වසයෙන්) බුදුවරයකු විසින් අනුගමනය කරන ක්රියා මාර්ගයක්.