සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1234
මැදිපොහොය
නා. චන්ද්‍ර මාසයක මැද යෙදෙන පුර පසළොස්වක පෝය.
මැදියම
නා. මධ්‍යම යාමය ; රාත්‍රියේ දෙවැනි පැය හතර.
මැදිරිය
1. නා. රථයක ආවරණය කළ කොටස.
2. දුම්රියෙහි වෙන් වෙන් වශයෙන් ඇති කොටස ; රේල් පෙට්ටිය.
3. කූඩුව ; පඤ්ජරය.
4. ගෙය ; නිවස.
5. බළලා.
6. කාමරය.
මැදිහත්වෙනවා
ක්‍රි. සම්බන්ධ වෙනවා ; යම්කිසි කටයුත්තකට ඇඟිලි ගසනවා.
මැදුම් සගිය
නා. ත්‍රිපිටක පාලියෙහි මජ්ඣිම නිකාය නම් වූ ග්‍රන්ථය.
මැදුර
නා. මන්දිරය ; විසිතුරු ගෘහය ; නිවාසය.
මැනව
නි. හොඳයි ; සුදුසුයි ; මනෝඥයි.
මැනවින්
ක්‍රි.වි. මනාප සේ ; මනා කොට ; සුදුසු පරිදි ; ඉතා හොඳින්.
මැන්ගනීස්
(පාරිභා.) නා.ප්‍ර. යකඩවලට සමාන අළුපාට ලෝහයක්.
මැන්ඩමුස් ආඥාව
නා. නීතිමය කටයුත්තක් හෝ පොදු කාර්යයක් ඉටු කරන ලෙස ඉහළ උසාවියකින් පහළ උසාවියකට, ආයතනයකට හෝ පුද්ගලයකුට නිකුත් කරන නියෝගය.
මැනෝ මීටරය
නා. ද්රාවික-පීඩන මානය.
මැමතා
(පාරිභා.) නා. වඳවී ගිය ‘මැමත්’ වර්ගයට අයත් ඇතුන් විශේෂයක්.
මැයි
1. නා.ප්‍ර. වෙසක් පොහොය පවතින මාසය (නූතන කැලැන්ඩරයේ) පස්වන මාසය.
2. මැයි මාසයේ දී මල් පිපෙන ගස් වර්ගයක්.
මැයි දිනය
නා. ලෝක කම්කරු දිනය ; මැයි මස පළමු වනදා.
මැර
වි. නපුරු ; දැඩි ; ගොරෝසු ; භයානක ; චණ්ඩ.
1. නා.ප්‍ර. මර්යාදාව ; සීමාව ; වැට ; නියර.
2. හිරු එළිය ; රශ්මිය.
මැරවර
වි. නපුරු ; භයානක ; සාහසික ; චණ්ඩි ; තක්කඩි ; දාමරික.
මැරහැඩි
1. නා.ප්‍ර. පළමු ලෝක මහා යුධ සමයේ දී ලංකාවට ගෙන එන ලද ඉන්දීය මහාරාෂ්ට සෙබළුන් හඳුන්වනු ලැබූ නාමය ; මරාති.
2. (කථා.) දඩබ්බරයා ; නපුරු හැසිරිම් ඇත්තා ; හිතුවක්කාරයා.
මැරෙනවා
1. ක්‍රි. මිය යනවා ; පණ යනවා.
2. (රූඪි.) දැඩි දුක් විඳිනවා.
මැල
වි. මැලවුණු ; මලානික වූ.
මැලගහනවා
(කථා.) ක්‍රි. 1. පිලිස්සීම සඳහා කුණුරොඩු ආදිය ගොඩ ගසනවා.
2. ගිනිමැල ගහනවා.
මැලය
1. නා. ඵලය ; ගෙඩිය.
2. ගිනි තැබීමට පිළියෙල කරන ලද දර හා කුණු ගොඩ.
3. කුණු දර ආදියෙන් නැගි ගිනි සිළු සමූහය.
මැලවෙනවා
ක්‍රි. මලානික වෙනවා ; අප්‍රාණික වෙනවා.
මැලසි
නා.ප්‍ර. ගැට ; නොපැසුණු ඵල ; කුඩා ගෙඩි.
මැල්පිගී
නා. පෘෂ්ඨවංශීය වකුගඩුවේ මුත්රධර නාලිකාවක විශාල වූ කෙළවර.