සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1330
රස සංඥාව
1. නා. සෞන්දර්යය පිළිබඳ හැඟීම ; සුන්දරත්වය දැනීම.
2. රසය හෙවත් ඕජස් ගතිය.
රසකාරක
වි. ආහාරයෙහි රස යොදන ; ආහාර රසවත් කරන.
නා.ප්‍ර. ආහාරය රසවත් කිරීමට යොදන ද්‍රව්‍ය.
රසකාෂ්ඨ
නා.ප්‍ර. ගසක අරටුවට බාහිර ව හා පොත්තට යාබද ව සෑදෙන දැව කොටස ; ඵලය ; ප්ලෝයම.
රසකැවීම
(පාරිභා.) නා. ආහාර පිළියෙල කිරීමේ දී ඒවාට ලුණු ඇඹුල් ආදිය ප්‍රමාණවත් ව දැමීම ; ලුණු ඇඹුල් කැවීම.
රසකිඳ
නා.ප්‍ර. ඖෂධීය වැල් වර්ගයක නාමය.
රසඥතා
නා.ප්‍ර. කාව්‍ය, නාට්‍ය චිත්‍ර ආදී කලාවන්ගේ රසයන් විඳීම.
රසදිය
1. නා.ප්‍ර. බෙහෙවින් දියර ස්වරූපයෙන් පවතින්නා වූ ද, රිදී පැහැයෙන් යුක්ත වූ ද ලෝහයක්.
2. මහේශ්වරයා.
රසදිය ආමානය
(පාරිභා.) නා. ගෑස්, වායු ආදියේ පීඩනයේ වෙනස හෝ චලනය රසදියේ ආධාරයෙන් මැනීමට ගැනෙන මැනෝ මීටරය.
රසදිය උෂ්ණත්වමානය
(පාරිභා.) නා. රසදිය ආධාරයෙන් උෂ්ණත්වය මැනීමට ගැනෙන උපකරණය.
රසදිය කඳ
(පාරිභා.) නා. උෂ්ණත්ව මානක උපකරණවල වීදුරු බටය තුළ රේඛාවක් සේ විහිදී පවතින රසදිය තීරුව.
රසදිය පීඩනමානය
(පාරිභා.) නා. රසදියෙහි ආධාරය ඇතිව වායු ගෝලයේ පීඩනය මැනීමට ගැනෙන උපකරණය ; බැරෝමීටරය.
රසදිය වාෂ්ප පහන
(පාරිභා.) නා. රසදිය වාෂ්ප තුළින් විසර්ජනය සිදුවන විද්‍යුත් විසර්ජන පහනක්.
රසදිව
නා. උගුරෙහි දිව මුලට උඩින් එල්ලෙමින් තිබෙන මස් වැදැල්ල ; ලෝලාව ; උප ජිහ්වාව.
රසධානිය
(පාරිභා.) නා. සෛල කෝෂය මෝරන විට ඒ කෝෂයෙහි ඇති හිස් ශුන්‍ය ස්ථානය.
රසන
1. නා.ප්‍ර. අරත්ත නම් පැළෑටිය.
2. වලසා.
3. රස දැනෙන ඉන්ද්රිය ; දිව.
රසනය
1. නා. රස බැලීම ; රස විඳීම ; රස පරීක්ෂා කිරීම.
2. රසය.
3. ඝෝෂාව ; මහත් ශබ්දය.
රසනා
1. නා. ස්ත්‍රී ආභරණයක් වන මෙවුල් දම ; මේඛලා දාමය ; රසන්දම ; රසනාදාමය.
2. ඉඟපටිය ; හවඩිය.
රසනායක
නා.ප්‍ර. ඛනිජ විශේෂයක් වන සාදිලිංගම් ; හිඟුල්.
රසනුපුර
නා.ප්‍ර. අතීතයේදී ස්ත්‍රීන් වළලුකරේ පැලඳි ආභරණයක්.
රසඳුන
නා.ප්‍ර. ඇසෙහි ගාන අඳුන ; රසාඤ්ජනය.
රසපරසය
නා. රසවත් බව ; මිහිරිකම.
රසබර
වි. අතිශයින් රසවත් වූ ; රසයෙන් පිරුණු.
රසභූත
නා.ප්‍ර. දියාරු බව ; යුෂයෙන් යුත් බව.
රසම්
නා.ප්‍ර. ආහාර රුචිය වර්ධනය කිරීම සඳහා ගම්මිරිස්, සුදුළූණු, කරපිංචා සහ සියඹලා ආදිය යොදා සෑදූ සූපයක්.