සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1853

සූර්යාඝාතය

(පාරිභා.) නා. අධික සූර්ය තාපයට භාජන වීම නිසා වැළඳෙන තීව්‍ර අධිජ්වරය.

සූර්යාතපනය

(පාරිභා.) නා. හිරුගෙන් පොළොවට ලැබෙන තාප ප්‍රමාණය ; සීමිත කාලයක දී එක් තැනකට බලපාන සූර්ය ශක්තිය.

සූර්යාලෝකය

නා. සූර්යයාගෙන් නිකුත් වන ආලෝකය ; හිරු එළිය.

සූර්යාවර්තනය

(පාරිභා.) නා. සූර්යාලෝකය දෙසට වැඩීම හෝ විහිදීම ; පැළෑටියක් හෝ එහි කොටසක් හෝ ආලෝක උත්තේජනයට ප්‍රතිචාරය වීම.

සූර්යෝදය

නා.ප්‍ර. හිරු උදාවන වේලාව ; ඉර පෑයීම.

සූරාකෑම

නා. සමාජයේ එක් පන්තියක් පෙළමින් අසාධාරණ ලෙස තවත් පන්තියක් අයුතු ලෙස ධනය ඉපැයීම ; අසාධාරණ ලෙස, අයුතු ලෙස ධනය ඉපැයීම ; අයුතු අන්දමින් ලාබ ලැබීම.

සූරිය මල් ව්‍යාපාරය

1. නා. අධිරාජ්‍යවාදීන්ගේ පොපි මල් ව්‍යාපාරයට විරුද්ධව දේශප්‍රේමී ලාංකිකයන් විසින් පළමු ලෝක සංග්‍රාමයෙන් මිය ගිය දේශීය භටයන්ගේ පවුල්වලට ආධාරදීම පිණිස ඇරඹූ ව්‍යාපාරයක්.
2. ලංකාවේ සම සමාජ පක්‍ෂයේ ආරම්භය සඳහා හේතු වූ ව්‍යාපාරය.

සූරියකාන්ත

1. නා.ප්‍ර. පලිඟු විශේෂයක් ; සූර්යකාන්ත පාෂාණය.
2. සූර්යයා දෙස හැරී පවතින ඉතා අලංකාර රන්වන් මල් වර්ගයක්.

සූරී

නා.ප්‍ර. උගත් තැනැත්තා ; වියතා ; පඬිවරයා.

සූරු

1. නා.ප්‍ර. භාර්යාවගේ හෝ ස්වාමිපුරුෂයාගේ පියා ; මාමා.
2. මාමාගේ හෝ නැන්දාගේ හෝ පුතා ; මස්සිනා.
3. ඌරා ; සූකරයා.
වි. දක්ෂ ; සමත්.

සූරුබඩුවා

නා. මාමණ්ඩියගේ පුතා ; මස්සිනා.

සූලය

1. නා. උල ; හෙල්ල.
2. උදුන ; ලිප ; පෝරණුව.

සූලිකාව

1. නා. කුඩා උල.
2. සිහින් ආලෝක ධාරාව.

සූවිසි විවරණය

නා. ගෞතම බෝධිසත්වයන් වහන්සේ මතු බුදුවන බවට බුදුවරයන් විසි හතර නමක් විසින් කරන ලද තිරසර ප්‍රකාශ.

සූස්ථ

වි. සිනිඳු ; මොළොක්.

සෘණිත වචන

නා. භාෂාවකට වෙනත් භාෂාවකින් ණයට ගත් වචන.

සෘණිපති

නා.ප්‍ර. හිරු; සූර්යයා.

සෘතමණ්ඩලය

නා. පෑදුණු ගිතෙල්වල උඩ ඇති ඝන කොටස; ගිතෙලෙහි සාරය.

සෘතය

1. නා. ගිතෙල්; එළඟිතෙල්.
2. නා. ගිතෙලින් කකාරා ගත් ඖෂධ සංයෝගය.

සෙංකෝලය

නා. යම්කිසි ධුරයක් හඟවන යෂ්ටිය.

සෙංහල ගෘහය

නා. සිංහලයාට උරුම ව පවතින වාස භූමිය වන ලංකාව ; සිංහල දේශය.

සෙංහලීය උපසම්පත්

නා. සිංහල රටේ සීමා තුළ සිංහල භික්ෂූන් වහන්සේ විසින් කරනු ලබන උපසම්පදාව.

සෙකරතාරිස්

නා.ප්‍ර. ලේකම් ; ලේකම් නිලය දරන්නා.

සෙක්

නා.ප්‍ර. රහත් මග හැර ඉතිරි මාර්ගඵල ලැබූ පුද්ගලයා ; හික්මෙන්නා ; ශෛක්ෂයා.