සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 329

උපසර්ගය

1. නා. උවදුර; පීඩාව; යක්ෂභූතාදිගෙන් වන උපද්‍රවය; රෝග විකාරය; රෝගය.
2. (ව්‍යාක.) නා. ප්‍රකෘතියකට මුලින් ඈඳෙන අව්‍යය පද.

උපසර්පණය

නා. ළඟට පැමිණීම; සමීපයට එළඹීම; ආගමනය.

උපස්කාරය

නා. වැඩිපුර කොටස; අතිරේකය; පරිශිෂ්ටය.

උපස්ඛලනය

නා. පැකිළීම; පැටලීම.

උපස්තම්භක

වි. ආධාරයක් හෝ උපකාරයක් වන; අනුබල දෙන; උපකාරී වූ; සහාය වූ.

උපස්තම්භනය

නා. උපකාරී වීම; ආධාරය; රුකුල; අනුබලය.

උපස්තරය

(පාරිභා.) නා. යටින් පිහිටි තට්ටුව; යට තට්ටුව; යටිතලය.

උපස්ථය

නා. ජනනේන්ද්‍රිය; ලිඞ්ගය හෝ යෝනිය; කර්මේන්ද්‍රියයන් අතරින් එකක්.

උපස්ථාන ශාලාව

1. නා. රැස්වීම් ශාලාව.
2. නා. ආරක්ෂා ස්ථානය; රක්ෂාස්ථානය.
3. නා. භෝජනාගාරය; බොජුන්හල.
4. නා. විසිත්ත කාමරය; සාලය.

උපස්ථානය

1. නා. සමීපයට එළඹීම; එළඹ සිටීම.
2. නා. වන්දනාමානාදියෙන් හා සිවුපසය පිරිනැමීමෙන් භික්ෂූන් වහන්සේලා වෙත කරන මෙහෙය.
3. නා. ආහාරපාන, ඉඳුම් හිටුම් ආදිය සැපයීමෙන් කරන සත්කාරය; උවටන.

උපස්ථාපක

වි. (ආධාර කරවන) ආධාරකයක් වන්නා වූ; සේවයක් වන්නා වූ.

උපස්ථාපිතකය

(පාරිභා.) නා. ගුද මාර්ගයට හෝ යෝනියට හෝ ඇතුළු කොට දිය වෙන්නට හරිනු ලබන සිලින්ඩරාකාර හෝ කේත්වාකාර බෙහෙත්කුර (=suppository).

උපස්ථායකයා

1. නා. සමීපයෙහි සිට උපස්ථාන කරන්නා; භික්ෂුවකගේ ආවතේවයෙහි යෙදී සිටින්නා; කැපකරුවා; රෝගියකු රැක බලා ගන්නා.
2. (ක්‍රිස්ති.) නා. මෙහෙකරුවා; සේවකයා.

උපස්ථිත

වි. ළඟට පැමිණි; සමීපයට එළඹ සිටි; පහළ වූ.

උපස්නේහනය

(පාරිභා.) නා. යන්ත්‍රයන්හි වැඩ කරන කොටස්- වල පෘෂ්ඨයන් අතර ඝර්ෂණය අඩු කිරීමට යොදන තෙල් වර්ග ආදිය; උපස්නේහකය (=lubrication).

උපස්සය

නා.ප්‍ර. වසන ස්ථානය; අරම; අසපුව; ආවාසය.

උපස්සුතිය

නා. වචන ඇසෙන ප්‍රමාණයේ දුර; ශ්‍රැති සමීපය.

උපසාධ්‍ය

වි. සිද්ධ විය හැකි හෝ සිද්ධ විය යුතු; ඉටුවිය හැකි.

උපසාමාන්‍ය

(පාරිභා.) වි. සාමාන්‍යයෙන් අඩු (=subnormal).

උපසික්ත

වි. ඉසින ලද; තෙමන ලද; මිශ්‍ර කරන ලද; අනන ලද.

උපසිද්ධාන්තය

නා. ප්‍රධාන හෙවත් මූලික සිද්ධාන්තයට අවශේෂ වූ සිද්ධාන්තය; අතුරු සිද්ධාන්තය.

උපසූතිකාව

නා. ප්‍රසූතිය කරවන්නිය; වින්නඹුව.

උපසේවනය

නා. ඇසුරු කිරීම; සේවනය කිරීම; භුක්ති විඳීම.

උපසෝභිත

වි. අලංකාර වූ; සැරසූ; හොබවන ලද.