සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 362
එළුරැස
නා. මේෂ රාශිය.
එළුව
නා. හෙළ බස; ශුද්ධ සිංහල භාෂාව.
එළුවන් පැනීම
නා. කාන්තා පක්ෂයට විශේෂ වන ජන ක්‍රීඩාවක නාමය.
එළුසන්
නා.ප්‍ර. ප්‍රීතියෙන් නඟන හඬ; ප්‍රීතියෙන් කුල්මත් ව (නළාවක් පිඹින්නා සේ) මුඛයෙන් නඟන හඬ.
එළෙම්බි
නා.ප්‍ර. අශ්වයාගේ ගැහැනු සතා; වෙළඹ.
ඒ
මිශ්‍ර සිංහල හෝඩියේ දහහතර වැනි අකුර හා දහහතර වැනි ස්වරය; ‘එ’ යන්නෙහි දීර්ඝ රූපය.
සර්ව. අනභිමුඛ නොහොත් පූර්වෝක්ත දෙය හෝ තැනැත්තා; ඒ දෙය; එය; ඒ තැනැත්තා.
වි. අනභිමුඛ වූ; පූර්වොක්ත; තත්.
ඒක
වි. තනි; හුදු; එක ම.
සර්ව. ඒ දෙය; එය.
ඒකංගික
වි. එක් අංගයක් හෙවත් කාරණයක් ඇති.
ඒකංස
1. නා.ප්‍ර. එක් උරය; ශරීරයෙහි එක් අංශය; එක් පැත්ත.
2. නා.ප්‍ර. ඒකාන්ත බව; ස්ථිරත්වය; නිශ්චය.
ඒකංසිකය
නා. එකස් කොට හෙවත් ඒකාංස කොට පොරවන සිවුර; එක් උරයක් වැසෙන සේ පොරවන චීවරය.
ඒකකය
1. (පාරිභා.) නා. අවම සම්පූර්ණ සංඛ්‍යාව; එක.
2. නා. එකක් වශයෙන් සලකනු ලබන සමස්තය හෝ කොටස.
3. නා. මැනීමේ දී හෝ ප්‍රමාණ කිරීමේ දී හෝ ගන්නා මිම්ම; මාපකය.
ඒකක්ෂණය
නා. එක ම මොහොත; ඉතා සුළු කාලප්‍රමාණය.
ඒකක්ෂණික
වි. එක් ක්ෂණයක් හෙවත් මොහොතක් පවතින.
ඒකකාලවර්ති
වි. එක් කාලයකට අයත්; එක ම කාලයක පවත්නා; සමකාලීන.
ඒකකේන්ද්‍රික
(පාරිභා.) වි. එක ම කේන්ද්‍රයක් ඇති; පොදු ලක්ෂ්‍යයක් කේන්ද්‍රය කොට ඇති (=concentric).
ඒකකෝලාහල
නා.ප්‍ර. එක සේ පැතුරුණු මහත් හඬ; මහත් ඝෝෂාව හා කැලඹීම; ඒකනින්නාදය.
ඒකකෝශක
(පාරිභා.) වි. තනි කෝෂයක් හෙවත් සෛලයක් ඇත්තා වූ; ඒකසෛලික (=unicellular).
ඒකකෝෂ්ඨික
(පාරිභා.) වි. (ඩිම්බකෝෂයක) එක ම කෝෂ්ඨයක් හෙවත් කාමරයක් ඇති (=unilocular).
ඒකගණපර්යාපන්න
වි. එක ම තලයට ඇතුළත්; එක සමූහයකට අන්තර්ගත (භික්ෂූන් සම්බන්ධ ව කියැවේ).
ඒකගුණ
(පාරිභා.) වි. ජීවියකුගේ පරිණත අවස්ථාවට පැමිණි ජන්මාණු සෛලවලට විශේෂ වූ වර්ණදේහ සංඛ්‍යාව ඇති (=haploid).
ඒකගුරු
නා.ප්‍ර. එක ම ගුරුවරයා; එක ම ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා.
ඒකගෘහී
(පාරිභා.) වි. පුමංගි පුෂ්ප සහ ජායාංගි පුෂ්ප එක ශාකයෙහි හටගන්නා වූ; ද්විලිංගික (=monoecious).
ඒකඝන
වි. හිස්තැන් නැති ව එකට බැඳී පවත්නා; ඇතුළත සිදුරු නැති ව එක ම ඝනයක් වූ; එකට කැටි වූ.
ඒකචර
වි. තනි ව හැසිරෙන හෝ ජීවත්වන; සමූහයෙන් වෙන් ව හැසිරෙන; එකලා ව හැසිරෙන.