සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 44
අණදෙන නිලධාරියා
නා.සේනාවක් හෝ බලඇණියක් හෝ මෙහෙයවන නිලධාරියා.
අණපනත්
නා.ප්ර. නියෝග සහ පැනවීම්; ආඥා සහ ප්රඥප්ති රාජාඥා.
අණබණ
නා. ආඥාව හා අනුශාසනය; නියෝගය හා උපදේශනය.
අණව
නා. මුහුද, සාගරය, සමුදුර; අර්ණවය.
අණවනවා
ක්රි. නියම කරනවා; නියෝග නිකුත් කරනවා; විධාන කරනවා; අණ කරනවා.
අණස
නා. මුහුද; සාගරය.
අණසක
නා. නියෝගයක් හෝ නීතියක් හෝ සතුව ඇති බලය; ආඥා චක්රය.
අණසක්විති
නා.ප්ර. මුළු මහත් පොළෝතලයට ආඥා පතුරුවන රජතුමා; අධිරාජයා.
අණසුන්පත
නා. ආඥා සඳහන් අසුන්පත; රජුගේ නියෝග සඳහන් ලියවිල්ල.
අණ්ඩ
1. නා.ප්ර. කකුළු ගෝනුසු ආදින්ගේ ශරීරයේ ඉදිරිපස කොටසේ පිහිටා ඇති කතුරක හැඩය ඇති අවයවය.
2. නා.ප්ර. කකුල; පාදය; ගාත්රය.
3. නා.ප්ර. කෝප්ප, ජෝගු ආදිය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා සවි කොට ඇති කොක්ක.
4. නා.ප්ර. වෘෂණය.
අණ්ඩ කෝෂය
1. නා. පුරුෂ ව්යඤ්ජනයට අයත් අණ්ඩ යුග්මය සහිත කෝෂය; මුෂ්කය; වෘෂණය.
2. නා. පුරුෂ ව්යඤ්ජනය සම්බන්ධ අණ්ඩ දරා සිටින කොපුව.
3. නා. බිත්තරයෙහි කෝෂය; බිජුවක පිට කටුව; බිත්තර කටුව.
අණ්ඩ ජන්මාණුකතාව
(පාරිභා.) නා. විශාල අචල අණ්ඩයක් කුඩා පුං ජන්මාණුවකින් සංසේචනය වන අසම ජන්මාණුකතාව (=Oogamy).
අණ්ඩ ජලාබුජතාව
නා. ගර්භාශය තුළ බිත්තර පුපුරා පැටවුන් එළියට ඒම; ඩිම්බ ජලාබුජතාව.
අණ්ඩ දමනවා
ක්රි. වස්ත්රයක හෝ ලී බඩු ආදියක අබලන් වූ තැනකට අමතර කැබැල්ලක් යොදා අලුත්වැඩියා කර ගන්නවා.
අණ්ඩ පාතනය
(පාරිභා.) නා. බිත්තර දැමීම; බිජු දැමීම (=spawning).
අණ්ඩ පෝෂණය
(පාරිභා.) නා. බිජු රැකීම (=incubation).
අණ්ඩ මෝචනය
1. නා. බිත්තර දැමීම; බිජු දැමීම (=ovulation).
2. (පාරිභා.) නා. ක්ෂීරපායින්ගේ ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පිටතට ඒමේ ක්රියාවලිය; ඩිම්බ මෝචනය; ඩිම්බ නීහරණය.
අණ්ඩ වාතය
නා. අණ්ඩ කෝෂයෙහි හට ගන්නා ආබාධයක්; අණ්ඩයෙහි වාතය හෝ දිය පිරීම; අණ්ඩය මහත්වීම.
අණ්ඩ වෘත්තය
(පාරිභා.) නා. ඕවලාකාර වෘත්තය; ඉලිප්සය (=ovel).
අණ්ඩ සෛලය
නා. ඡායා ජන්මාණු සෛලය; ප්රථම ධ්රැවීය. දේහ ඇති වීමට පෙර වූ චුම්බය; සංසේචනයට සුදුසු වන්නට පෙර අණ්ඩයක ළපටි අවස්ථාව.
අණ්ඩකෝෂ්ඨය
(පාරිභා.) නා. ඇතැම් ප්රොටොසොවාවන්ගේ සංයුග්මන ජන්මාණු යුගලයක් වටා සෑදෙන කෝෂය (= oocyst).
අණ්ඩච්ඡේදය
නා. අණ්ඩ සිඳ දැමීම; වෘෂණ ඉවත් කිරීම; කර ඇඹීම.
අණ්ඩජ
වි. පක්ෂි, උරග, මත්ස්යාදි බිජු ලන සත්ත්ව ගණය පිළිබඳ වූ; බිත්තරයෙන් උපදින; අණ්ඩයෙන් ජනිත වූ.
නා.ප්ර. බිත්තරයෙන් උපදනා සත්ත්ව ගණය.
අණ්ඩජනක
වි. බිජුවටින් පැටවුන් උපදවන; බිත්තර දමන.