සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 45
අණ්ඩජයා
1. නා. බිත්තරයෙන් උපන් සත්ත්වයා; අණ්ඩයෙන් ජනිත වන්නා.
2. නා. පක්ෂියා.
3. නා. සර්පයා.
4. නා. මත්ස්‍යයා.
අණ්ඩධානිය
(පාරිභා.) නා. අණ්ඩ දරා සිටින කෝෂය; ඩිම්බධානිය (=receptaculum ovorum).
අණ්ඩනාඩි
නා.බහු. ස්ත්රීන්ගේ ගර්භාශය දෙපස සිටි බීජ වාහිනී නාල යුග්මය; අණ්ඩ නාල.
අණ්ඩප ධරය
නා. මලක රේණු ද අණ්ඩප ද අතර තිබෙන දික් වූ ග්‍රාහය.
අණ්ඩපය
නා. ආවෘත බීජක පැළෑටියක බීජයන් දරා සිටින පියල්ල; සපුෂ්ප ශාකවල ඡායා ප්‍රජනක අවයවය; මහා බීජානුපත්රය.
අණ්ඩපාතය
1. නා. මත්ස්‍යයන් වැනි සතුන් දමන බිත්තර වැදැල්ල.
2. (පාරිභා.) නා. මෝචනය වූ ශුක්‍රාණු (=spawn).
අණ්ඩපාලයා
(කථා.) නා. කපටියා; තක්කඩියා; ප්‍රයෝගකාරයා; අණ්ඩයා.
අණ්ඩපීත
(පාරිභා.) නා.ප්‍ර. බිත්තරයේ කහමදය (=yolk).
අණ්ඩර දෙමළ
(රූඪි.) නා.ප්‍ර. නොතේරෙන බස; නොතේරෙන බසකින් ලියූ හෝ කියූ දෙය.
අණ්ඩාකාර
වි. බිත්තරයක හැඩහුරුකම ඇති; ඕවාල.
අණ්ඩාකාර ගවාක්ෂය
(පාරිභා.) නා. මැද කනෙහි ඇතුල් බිත්තියේ ඇති අණ්ඩාකාර සිදුර; කුම්බිකා කවාටය (=fenestra ovalis).
අණ්ඩාණුධානිය
(පාරිභා.) නා. අක්මාශාක, පාසි, මීවන ආදි ශාකවල ද නොයෙකුත් විවෘත බීජක වල ද ඡායාලිංගේන්ද්රිය; ආකිගෝනිය (=archegonium archegon).
අණ්ඩාශය
1. (පාරිභා.) නා. අණ්ඩකෝෂය.
2. නා. ස්ත්‍රී ප්‍රජනන සෛල තැන්පත් ව ඇති පැස; බීජකොපුව; ඩිම්බකෝෂය (=ovary).
3. නා. ශාකයක බීජයක් රඳා සිටින කෝෂය.
අණ්ඩෝද්භවය
[අණ්ඩ + උද්භවය]
(පාරිභා.) නා. බිත්තර හට ගැනීම; ඩිම්බ ඇති වීම හා විකසනය වීම; අණ්ඩ ජනනය (=oogenesis).
අණ්ඩෝරුව
(කථා.) නා. පෙරහැරෙහි දේවාභරණ වැඩමවන දෝලාව.
අණ්ණවියා
නා. (රෝ. ක.) රෝමානු කතෝලික දේවස්ථානයක ගිහි භාරකාරයා හා එහි ආගම උගන්වන තැනැත්තා.
අණ්වීක්ෂ ඡායාරූපය
නා. අණ්වීක්ෂයෙන් දැකිය යුතු ක්ෂුද්‍ර වස්තුවක ඡායාරූපය.
අණ්වීක්ෂය
නා. කුඩා දේ විශාල කොට පෙන්වන කන්නාඩිය; අණුදක්නය.
අණාඥාව
1. (කථා.) නා. නියෝගය; විධානය; අණ.
2. නා. උසාවියෙන් කෙරෙන කැඳවීම; සිතාසිය.
අණිමා
නා.ප්‍ර. ශරීරය අණුවක (පරමාණුවක) ප්‍රමාණයට පැමිණ වීමේ ඍද්ධිබලය; සූක්ෂ්ම රූප නිර්මාණය.
අණිලනවා
ක්‍රි. යුද කිරීම පිණිස බලඇණි පෙළ ගැසෙනවා; යුදයට පෙළ ගැසෙනවා.
අණු
නා.ප්‍ර. අණුව.
අණුක ආකර්ෂණය
(පාරිභා.) නා. අණුවක් තවත් අණුවක් වෙත ඇදගන්නා ශක්තිය; අණු පිළිබඳ ආකර්ෂණය.
අණුක කම්පනය
(පාරිභා.) නා. අභ්‍යන්තර වූ හෝ බාහිර වූ හෝ බලපෑමක් නිසා අණුවල ඇතිවන ඉක්මන් චලනය; අණු පිළිබඳ කම්පනය (=molecular vibration).