සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 46
අණුක ක්ෂේත්රය
(පාරිභා.) නා. අණු පැතිර පවත්නා ප්‍රදේශය; අණු පිළිබඳ ක්ෂේත්රය (=molecular field).
අණුක ඝනත්වය
(පාරිභා.) නා. අණුවක පරිමා ඒකකයක ස්කන්ධය; අණු පිළිබඳ ඝනභාවය (= molecular density).
අණුක චුම්බකය
(පාරිභා.) නා. අණු පිළිබඳ වූ කාන්දම් බලය (=molecular magnet).
අණුක දෝලනය
(පාරිභා.) නා. අණු පිළිබඳ වූ විද්‍යුත් චුම්බක තරංග විකිරණය කිරීම (=molecular oscillation).
අණුක බලය
(පාරිභා.) නා. චලනය විය හැකි වස්තූන් කෙරෙහි ක්‍රියා කළ විට වස්තුවේ චලනයෙහි ත්වරණයක් ඇති කරන අණු පිළිබඳ බලවේගය (=molecular force).
අණුක වාදය
නා. සත්ත්වයන් සහිත විශ්වය සෑදී ඇත්තේ පරමාණුවලින් යැයි පළ කරන දර්ශනය; පරමාණුක වාදය (=molecular theory).
අණුක සාන්ද්‍රණය
(පාරිභා.) නා. ද්‍රාවණයක ග්‍රෑම් 1000 ක තිබෙන අණු සංඛ්‍යාව (=molecular concentration).
අණුක සූත්‍රය
නා. අණු පිළිබඳ සුත්‍රය; රසායනික සංයෝගයක අණුවෙහි තිබෙන පරමාණු වර්ග හා සංඛ්‍යා පෙන්වන අතර, ඒවායේ පෙළ ගැස්ම නොපෙන්වන සූත්‍රය (=molecular formula).
අණුකය
1. නා. වස්තුවක කුඩා කොටස; ක්ෂුද්‍ර වස්තුව.
2. නා. පරමාණුව.
අණුකස්ඵටික
නා.ප්‍ර. අණුවෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකි කිසියම් නිත්‍ය රටාවකට අනුව අණු පිහිටීමෙන් සෑදුණ ස්ඵටික.
අණුජීවියා
නා. අනු දක්නයකින් දැකිය යුතු බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ප්‍රාණියා; අතික්ෂුද්රප්රාණියා.
අණුතර
වි. ඉතා කුඩා; ස්වල්පතර.
අණුදක්නය
නා. කුඩා දේවල් විශාල කොට පෙන්වන කාච කිහිපයකින් සමන්විත උපකරණය; කුඩා දේ ලොකු කර පෙන්වන කන්නාඩිය; අණ්වීක්ෂය.
අණුමාත්රය
නා. ඉතා සුළු කොටස; ස්වල්ප ප්‍රමාණය; ස්වල්ප මාත්‍රය.
අණුව
1. නා. ද්‍රව්‍යයක් බෙදිය හැකි ඉතා කුඩා කොටස; ද්‍රව්‍යයක කුඩාම පංගුව; පරමාණුව.
2. නා. සියුම් මිනුම් ප්‍රමාණයක්; කලා හතරක කාල ප්‍රමාණය.
3. නා. දඬුවම.
4. නා. නියෝගය; අණ; ආඥාව.
අඬ
1. නා. ශබ්දය; නාදය; රාවය; හඬ.
2. නා. බිත්තරය; බිජුවට.
3. නා. වෘෂණය.
අඬ ඇඬියාව
1. (කථා.) නා. කෙනෙකුගේ යස ඉසුරු සැප දැක අන් කෙනෙකු ඒ ගැන ඊර්ෂ්‍යා සිතින් කියන දෙය.
2. නා. අවලාද නැගීම; ශාප කිරීම.
3. නා. යමකුගේ ගුණ හෝ අගුණ නිතරම කියා පෑම.
අඬගසනවා
1. ක්‍රි. හඬ නගා අමතනවා; කෑ ගසා කියනවා; ඝෝෂා කරනවා.
2. ක්‍රි. අභිමුඛයට පමුණුවනවා; කැඳවනවා.
අඬදබරය
නා. කෝලාහලය; කලහය; දබරය; අරගලය.
අඬදිටි
නා.ප්‍ර. නෙත් කොනින් බැලීම; අඩ බැල්ම; නුවනඟ බැලීම.
අඬනවා
1. ක්‍රි. වැලපෙනවා; කඳුළු හෙලනවා; රෝදනය කරනවා.
2. ක්‍රි. ශබ්ද නඟනවා; හඬක් නිකුත් කරනවා.
3. ක්‍රි. රැව් දෙනවා; නාද කරනවා.
අඬබෑය
නා. තම්මැට්ටමේ දකුණු පළුව.
අඬමුර ගසනවා
ක්‍රි. මහත් සේ ශබ්ද නඟා කථා කරනවා; ඝෝෂා කරනවා; කෑකෝ ගසනවා.
අඬලනවා
1. ක්‍රි. කෑ මොර දෙනවා.
2. ක්‍රි. (කුකුළා) නාද කරනවා; රැව් දෙනවා.