සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 522

කොඳුරු

නා.ප්‍ර. ඇතා; හස්තියා.

කොඳුව

නා. ගොඩනැගිල්ලක පිටට නෙරා ගිය ලීස්තරය.

කොඳුවළල්ල

නා. ටැම් ආදියෙහි රවුමට ලීස්තර බේරා කරන ලද වාත්තු සැරසිල්ල.

කොපර්සල්ෆේට්

(පාරිභා.) නා.ප්‍ර. තඹ ලවණයක් වන පල්මානික්කම් (=copper sulphate).

කොප්පකටුව

(කථා.) නා. ලී ආදියට ගසන ඇණ නොපෙනෙන පරිදි යටට ගිල්වීමට පාවිච්චි කරන වඩු උපකරණයක්.

කොප්පර

1. නා.ප්‍ර. වියළන ලද පොල් මද; කොප්පරා.
2. නා.ප්‍ර. කරදිය මත්ස්‍යයෙක්.
3. නා.ප්‍ර. සත පහේ තඹ කාසියක්.

කොපි කරනවා

1. ක්‍රි. මුල් ආකෘති වූ සැටියෙන් ම දක්වනවා; පිටපත්කරනවා.
2. ක්‍රි. අනිකකු ගේ නිර්මාණයක් තමන්ගේ නිර්මාණයක් බවට වංචනිකව සොරා ගන්නවා.
3. ක්‍රි. අනුකරණය කරනවා.

කොපිය

නා. මුල් කෘතියේ ම පිටපත.

කොපිල

නා. නොමේරූ අත්ත; ගොබය.

කොපුල

නා. කම්මුල; කපෝලය.

කොපුල්තල

නා.ප්‍ර. කම්මුල; කපෝලය; කපෝල ස්ථලය.

කොපුව

1. නා. ඇතැම් උපකරණ සුරක්ෂිතව බහා ලීමට භාවිත කරන කෝෂය.
2. නා. පොල් මල්, පුවක් මල් ආදිය ආවරණය වී ඇති වැස්ම; කොලපුව.
3. නා. බිඩාල ගෝත්‍රයේ සතුන් ගේ නියපොතු ආවරණය වී ඇති කෝෂය.

කොබ

1. නා.ප්‍ර. ඇලළීම; කැලඹීම; කැලතීම.
2. නා. කොතැන; කොයිබ; නිකම් තැන; කවර තැන.

කොබෝගෙඩි වළල්ල

නා. ප්‍රසාදවල මුදුන්වල පක්ෂීන්ගේ වාසය සඳහා ලීයෙන් තැනුණු කූඩුව; විටංකය.

කොබෝනයා

නා.ප්‍ර. පියාඹතැයි සැලකෙන නාග විශේෂයක්.

කොමන්දය

1. නා. යුද බළඇණිය; භට පිරිස; සේනාව.
2. (කථා.) නා. පිරිස; සමූහය.

කොමන්දෙ ගැහෙනවා

(කථා.) ක්‍රි. කණ්ඩායම් වශයෙන් (නිකරුණේ) රැස්වෙනවා.

කොමල

1. වි. මෘදු; මොළොක්; සිනිඳු.
2. වි. සිත්ගන්නාසුලු; සිත්කලු; මනස්කාන්ත.
1. නා.ප්‍ර. අඟරදඟර; ඉඟිබිඟිය.
2. නා.ප්‍ර. මැණික.

කොමලඟ

[කොමල + අඟ]
නා.ප්‍ර. කෝමල ශරීරයක් ඇති තැනැත්තිය; මනහර කාන්තාව; කෝමලාංගිය.

කොමසාරිස්

නා.ප්‍ර. කිසියම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමේ බල සහිත ව (රජය විසින්) පත් කරනු ලබන නිලධාරියා.

කොම්ප්‍රමේන්තුන්ව

1. නා. ආඩම්බරය; උජාරුව; ගර්වය.
2. නා. අඟරදඟරය; ඔමරිය.
3. නා. පෙරැත්ත කරවා ගැනීම.

කොම්පාසුව

1. නා. උතුරු දෙසට යොමු වන කාන්දම් කටුවක් සහිත දිශාව දැනගැනීමට භාවිත කරන උපකරණය; මාලිමා යන්ත්‍රය; දිශා මානය.
2. නා. වෘත්ත ඇඳීමට භාවිත කරන උපකරණයක්; කවකටුව.

කොම්පැනිය

1. නා. ව්‍යාපාර කර්මාන්ත ආදිය පවත්වා ගෙන යෑම වැනි යම්කිසි පොදු අරමුණක් සඳහා හවුල් වූ පුද්ගල සමූහය.
2. නා. එක් ව කටයුතු කරන පිරිස; ආශ්‍රය කරනු ලබන කණ්ඩායම; සමූහය.

කොම්පියුටරය

නා. පරිගණක යන්ත්‍රය; පරිගණකය.