සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 521
කොන්කෝටුව
නා. ඔරුවක කඳ තුවාල නොවීම පිණිස පිටට නෙරා තිබෙන කෙළවරේ සවි කරන ලී කැබැල්ල.
කොන්ගල
නා. ගොඩනැගිල්ලක (විශේෂයෙන් අත්තිවාරමක) බිත්ති දෙකක් එකට සම්බන්ධ වන තැන තැබූ ගල.
කොන්ඩිලෝමාව
(පාරිභා.) නා. උපදංශ වැළඳුණු කෙනෙකුගේ ගුද මාර්ගය සහ බාහිර ලිංගේන්ද්‍රිය අසල වැඩෙන ඉන්නකු වැනි බිබිල (=condyloma).
කොන්ඩිස්
නා.ප්‍ර. තුවාල සේදීම සඳහා භාවිත විෂබීජ නාශක ද්‍රව්‍යයක්.
කොන්ඩෙන්සරය
1. (පාරිභා.) නා. පරිවාරක ද්‍රව්‍යයකින් වෙන් කරන ලද සන්නායක තහඩුවලින් සමන්විත විදුලි උපකරණයක්.
2. නා. ආසවනය කිරීමේ දී වාෂ්පයක් ද්‍රවයක් බවට හැරවීමට යොදන උපකරණයක්.
කොන්තය
1. නා. හෙල්ල; තෝමරය; කුන්තායුධය.
2. (රෝ. ක.) නා. ජපමාලාව.
කොන්තරත්තුව
නා. නියමිත කාලයක් තුළ නියමිත ගෙවීමක් අනු ව යම්කිසි කාර්යයක් ඉටු කිරීමට භාර ගැනීමේ පොරොන්දුව.
කොන්තලීය
නා. නියඳ පැදුරු වියන අලුවේ නූල් හැදය මත රැඳී තිබෙන පොල්ල; උත්තර පත.
කොන්තේරුව
1. නා. දෝලාව නවතා තැබීමේ දී එහි පොල්ල දරා සිටීම සඳහා යොදා ගන්නා යකඩ කරුව හෙවත් ආධාරකය; දෝලා කුරුපාව.
2. (කථා.) නා. යකුන් නැටීමේ දී යකැදුරා දරන අණ සැරයටිය.
කොන්ද
1. නා. කොඳුඇට පෙළ.
2. නා. ගොඩනැගිලි ආදියෙහි පිටට නෙරා යන සේ ගලින් හෝ බදාමයෙකින් හෝ තනන ලද පටිය.
3. නා. සිහින් කෙන්ද හෝ කූර; වැඩට ගන්නා කෙන්ද.
4. නා. ශාකවල සිහින් පත්‍රය; දිගටි කොළය.
5. නා. මල්රේණු; පුෂ්පකේශර.
කොන්දුන් ගහනවා
(කථා.) ක්‍රි. තනි කකුලෙන් පැන පැන යනවා; කුන්දු ගහනවා.
කොන්දේසිය
නා. යම්කිසි කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන් සම්මත කරනු ලබන පොදු නියමය.
කොන්දොස්තර
1. නා.ප්‍ර. බස්රථවල ගාස්තු අය කිරීම ආදිය බාර ව සිටින්නා.
2. නා.ප්‍ර. වතු කම්කරුවන්ගේ වැඩ මෙහෙයවන පුද්ගලයා.
කොන්සල්
නා.ප්‍ර. තමාගේ රට වෙනුවෙන් වෙනත් රටක සිටින රාජදූතයා.
කොන්සේජුව
නා. උසාවිය; විනිශ්චය ශාලාව.
කොනිත්තනවා
1. ක්‍රි. මහපටැඟිලි තුඩ හා දබරැගිලි තුඩ එක් කොට ශරීරයේ යම් ස්ථානයක් තදින් මිරිකනවා; කොනිස්සනවා.
2. ක්‍රි. රිදවනවා; කෙනෙහිලිකම් කරනවා.
කොඳ
1. නා.ප්‍ර. පිච්ච වර්ගයට අයත් ශාකයක නාමය; කුන්ද.
2. නා.ප්‍ර. ජලජ පුෂ්ප විශේෂයක්; සුදු මහනෙල්; කල්හාර.
3. නා.ප්‍ර. කුරහන් ඇටයේ පොත්ත; කුරහන් සිවිය.
4. නා.ප්‍ර. විනාශයක ලකුණ; විපත්තිය.
5. නා.ප්‍ර. බැගෑපත් හඬ; වේදනා සහගත අඳෝනාව.
කොඳකැකුළු
නා.ප්‍ර. නොමේරූ මල් මොට්ටු.
කොඳු ඇටපෙළ
නා. කශේරුකාව; මිනිස් සිරුරේ ඇට තිස්තුනකින් යුත් පිටි කොන්ද; කොඳු නාරටිය.
කොඳු ගානවා
ක්‍රි. සිහින් වන සේ ගානවා; පෙරංගානවා.
කොඳුගල් පේළිය
නා. වාහල්කඩ ආදිය තැනීමේ දී පිටට නෙරා යන ලී ස්තරයක ස්වරූපය ඇති වන සේ තැබූ ගල්පේළිය.
කොඳුපත්බඩ
නා.ප්‍ර. ස්තූපයක පේසා වළලු වෙනුවට තනා ඇති ලීස්තර.
කොඳුපලස
නා. එළු ලොම්වලින් කළ ඇතිරිල්ල.
කොඳුරනවා
1. ක්‍රි. නොපැහැදිලි ලෙස යමක් කියනවා; සිහින් හඬින් කනට ඇසෙන නෑසෙන සේ කතා කරනවා.
2. ක්‍රි. තරහින් මුමුනනවා.
3. ක්‍රි. කෙඳිරිගානවා.