සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 523
කොම්පෝස්ට් පොහොර
නා. කාබනික ද්‍රව්‍ය අණුජීවීන්ගේ ආධාරයෙන් දිරාපත් වීමට සැලැස්වීමෙන් සාදා ගනු ලබන පොහොර.
කොම්බුව
1. නා. සිංහල හෝඩියේ “එ” ස්වරය එකතු වීම දැක්වීමට ව්‍යඤ්ජනයකට මුලින් යොදනු ලබන “ ෙ” යන සංකේතය.
2. නා. පුරාණයේ එකේ ඉලක්කම වෙනුවට භාවිත කළ සංකේතය.
3. නා. කොම්බුවක් මෙන් වටකුරුව කරකැවී ගිය කඳක් සහිත නළා විශේෂයක්; කොම්බු නළාව.
කොමාලි
නා.ප්‍ර. විකට නළුවා; කෝලමා; බම්මන්නා; බහුබූතයා.
කොමාව
නා. වාක්‍යයක කෙටි විරාමයක් දැක්වීම සඳහා භාවිත කරන ලකුණ.
කොමියුනිස්ට් වාදය
නා. සියලු දේපළ හා නිෂ්පාදන මාර්ග ජන සමාජය නොහොත් රජය සතු කිරීම හා එයින් පාලනය වීම, හැම දෙනකු ම තමා ගේ ශ්‍රම ශක්තිය අනු ව වැඩ කිරීම හා ඒ අනු ව ශ්‍රමය සංවිධානය වීම, වැඩ කරන ජනතාවගේ පරමාධිපත්‍යය පැවතීම ආදිය අරමුණු සේ ගත් දේශපාලන න්‍යායවාදය.
කොමිෂන් සභාව
නා. යමක් ගැන කරුණු පරීක්ෂා කොට වාර්තා කිරීමටත් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් රජයෙන් පත් කරනු ලබන විශේෂ පරීක්ෂණ මණ්ඩලය; කොමිසම.
කොමිසන් කරනවා
ක්‍රි. (ක්‍රිස්ති.) (ක්‍රිස්තු භක්තිකයින්) පව්වලට සමාව ලබා ගන්නවා.
කොමිස්
නා.ප්‍ර. වෙළඳ නියෝජිතයකු වශයෙන් ක්‍රියා කිරීම වෙනුවෙන් ගනුදෙනුවේ වටිනාකමින් නියමිත ප්‍රමාණයට ගෙවනු ලබන ගාස්තුව.
කොමු
1. නා.ප්‍ර. ධාන්‍යයෙන් පිළියෙල කළ තලප, රොටි හෝ පිට්ටු.
2. නා.ප්‍ර. කොමු පට්ටයෙන් කළ වස්ත්‍රය; කොමු පිළී.
වි. අඩක් තැම්බුණු; ඇට්ටකුණා වූ; ප්‍රමාණයට වඩා තැම්බුණු; බෙරි වූ.
කොමුව
1. නා. අගුව; පිල්කොන.
2. නා. අයින; කොන.
කොඹුමිණ
නා. විෂ්ණු දෙවියන් කිරි මුහුද අල්ලන කල්හි පහළ වුණයි පැවැසෙන මාණික්‍යය; විෂ්ණු දෙවියන් උර පැලඳ සිටිනා මැණික; කෞස්තුභ පාෂාණය.
කොයි
වි. කුමන; කවර
කොයිබ
ක්‍රි.වි. කවර තැනක.
කොයිරුව
නා. බීරලු ගෙතීමේ දී බීරලු කොට්ටයට සවිකරනු සඳහා අල්පෙනෙත්තියෙන් විදින ලද කුඩා සිදුරු සහිත මෝස්තරය පෙන්නුම් කරන කඩදාසි මෝස්තර කොළය.
කොර
1. වි. අත්පා වකුටු වූ; පිළු; නොන්ඩි.
2. වි. කුඩා; මිටි.
නා.ප්‍ර. කොරපොතු; කොරල.
කොර වෙනවා
ක්‍රි. යම් ආබාධයක් නිසා අත්පා කවර ප්‍රමාණයෙන් හෝ අක්‍රීය වෙනවා.
කොරටු
1. නා.ප්‍ර. භෝග වගා කිරීම සඳහා වැටකින් වටකොට වෙන් කර ගනු ලැබූ භූමි ප්‍රදේශ; එළවළු කොටුව.
2. නා.ප්‍ර. නරියා; හිවලා.
කොරඩාබත්
නා.ප්‍ර. කැටි ගැසුණු කිරිබත්; බොල් කිරිපිඩු
කොරදම
නා. හැට්ට, කමිස ආදියේ කර හිර කිරීම සඳහා දමන නූල.
කොරදෙණිය
නා. දණහිසේ යටිපැත්ත.
කොරනර්
නා.ප්‍ර. හදිසි මරණ පරීක්ෂක.
කොරන්ටයින්
(පාරිභා.) නා.ප්‍ර. බෝවන රෝගීන් හෝ ඔවුන් ඇසුරු කළවුන් හෝ නියමිත කාල සීමාවකට අන්‍යයන් ගෙන් වෙන් කොට තැබීම; පිටරටකින් ගෙනෙන ලද සතුන්ගෙන් ලෙඩක් බෝවිය හැකි යැයි අනුමාන කර යම් කාල සීමාවක් තුළ වෙන් කර තැබීම.
කොරපොතු
1. නා.ප්‍ර. සම මතුපිට ඉරි වැටුණු ආකාරයෙන් යුත් ස්වභාවය.
2. නා.ප්‍ර. මාලුවන්ගේ ඇඟෙහි පවතින ආවරණ පොතු විශේෂය; ශල්ක.
කොරමරුය
1. නා. රස ඖෂධ පෙරා ගැනීම සඳහා භාවිතා වුණු පෙරහන් විශේෂයක්; රස පෙරහන.
2. නා. පෙනේරය.
කොරල
නා.ප්‍ර. ශරීරයේ හම මත ඉරි වැටුණාක් මෙන් පෙනෙන්නට ඇති ලකුණු විශේෂයක්.