සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 571
ගලා වැටෙනවා
1. ක්‍රි. ගිලෙනවා; ගලාබසිනවා; අවරට යනවා; අස්තවෙනවා.
2. ක්‍රි. (දිය පාරක්) ඇද හැලෙනවා; උස් තැනකින් පහතට වැටෙනවා.
ගලා හැලෙනවා
ක්‍රි. ජලය පහතට වැටෙනවා; ඇද හැලෙනවා.
ගලාග්රභාගය
නා. උගුරේ ඉහළ කොටස; ග්‍රසනිකාව.
ගලාපියනවා
ක්‍රි. ගිලෙන්ට සලස්වනවා; ගිල්වනවා.
ගලිත
1. වි. ගිලිහුණු; ගැලවුණු; ගැලවී ගිය.
2. වි. වැගුරුණු; ගලාගිය; වෑස්සුණු.
ගලිය
නා. බැස යන ජලයේ අපද්‍රව්‍ය මාර්ග කීපයක් එකට එකතුවන හුවමාරු ස්ථානය.
ගලුව
නා. රුක් සමූහය.
ගලෙත්තු පෙට්ටිය
නා. රන්රිදී බඩු මුදල් ආදි භාණ්ඩ තැන්පත් කොට තබන කුඩා පෙට්ටිය; ගබෙත්තු පෙට්ටිය; ගබෙත්තුව.
ගව මුළ
නා. එළ ගව සමූහය; ගවරැළ.
ගවආර
නා. (ජ්‍යෝති.) රාශි දොළහෙන් එකක්; වෘෂභ රාශිය.
ගවකුර
1. නා.ප්‍ර. ගවයාගේ කකුල්වල පතුලේ කොරොස් ආවරණයකින් යුත් කොටස; හරක් කුරය.
2. නා.ප්‍ර. ගවයාගේ කුරය පොළොවෙහි එරීමෙන් සෑදුණු කුර සටහන ඇති වළ.
ගවගාල
නා. හරක් මඩුව; පට්ටිය; ගවයින්ගේ වාසය සඳහා තැනූ ගෙය.
ගවඟන
[ගව + අඟන]
1. නා. ගවයාගේ ගෑනු සතා; එළදෙන.
2. නා. දෙව් ලොව සිතූ පැතූ සම්පත් ලබා දෙති යි දැක්වෙන, ගවදෙන; සුරභි ධේනුව.
ගවතෙල්
නා.ප්‍ර. ගව දෙනුන්ගේ කිරි උණු කිරිමෙන් ලබා ගන්නා තෙල්; ගිතෙල්; එළඟිතෙල්.
ගවපල්
1. නා.ප්‍ර. ගවයන් රැක බලා ගන්නා; ගොපල්ලා; එඬේරා.
2. නා.ප්‍ර. දෙවියෙක්; ශ්‍රී කෘෂ්ණ; ගෝවින්ද.
ගවපාන
1. නා.ප්‍ර. වතුර මුසු නොකොට එළකිරෙන් පමණක් පිසූ බත; පැන් නුමුසු කිරිබත.
2. නා.ප්‍ර. ගිතෙල්, මෝරු, දී, කිරි, වෙඬරු යන පස්ගෝරස.
ගවයහන්
1. නා. ගොනා යොදා ගත් යානය; ගොන් වාහනය.
2. නා. ගොනකු වාහනය කොට ගත් තැනැත්තා; ඊශ්වර දෙවි.
ගවයා
නා. ක්ෂීරපායී ගණයේ හීලෑ සිවුපාවෙක්; හරකා.
ගවර
1. නා.ප්‍ර. වල් හරකා; කුළු හරකා.
2. නා.ප්‍ර. ගව මූත්‍ර සහ එක්වූ පල්වුණු ගොම; කසළ.
ගවර වළ
නා. අපද්‍රව්‍ය දැමීම සඳහා පිළියෙල කරන ලද වළ.
ගවරකෙළිය
නා. ගවරුන් මෙල්ල කිරීමේ පුරාණ භයානක ක්‍රීඩාවක්.
ගවරහං
නා.ප්‍ර. පැරණි තූර්ය භාණ්ඩ විශේෂයක්; ගවර අඟින් කළ නළා වර්ගයක්.
ගවරා
1. නා. වල් හරකා.
2. නා. ගෝනා
(කථා.) (රූඪි.) නා. හොරා; තක්කඩියා.
ගවරැස
නා. නක්ෂත්රයෙහි රාශි දොළොසින් දෙවැන්න වූ වෘෂභ රාශිය.