සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 572
ගවරිළු
නා.ප්‍ර. හරක් රංචුව; ගව රැළ; ගව පට්ටිය.
ගවරුවා
1. නා. ගවයා පිටයන්නා.
2. නා. ගවපාලකයා; ගොපල්ලා.
ගවසනවා
1. ක්‍රි. ඝන සේ යොදනවා; අතරක් නැති ව යොදනවා; තදට යොදනවා.
2. ක්‍රි. (මල්,වැලි) ආදිය විසුරුවනවා; අතුරනවා.
3. ක්‍රි. බහුල වෙනවා.
4. ක්‍රි. සරසනවා; අලංකාර කරනවා.
ගවසම්පත
නා. ගවයන් නමැති ධනය; ධනයක් වශයෙන් සැලකුම් ලබන ගව සමූහය.
ගවසෙය්යාව
නා. ගවයකු නිදාගන්නා ඉරියවුව.
ගවහරුව
(කථා.) නා. ගෙවල් ආදිය තැනීම, අලුත්වැඩියා කිරීම ආදිය සඳහා උඩට නැඟ සිටීමට සාදන මැස්ස; පලංචිය.
ගවහල
1. නා. ගවයින්ගේ වාසය සඳහා ඉදි කරන මඬුව; ගවමඩුව; ගාල.
2. නා. ගව වෙළෙඳ පොළ.
ගවහෝනිය
නා. දෙවියන් රජුන් ආදි උතුමන් සඳහා දෙන පුද පඬුරු වසාගෙන යෑමට ද ආභරණ දැමීමට ද භාවිත කරන ලද රෙදි උර විශේෂයක්.
ගව්‍ය
වි. ගවයාට අයිති; ගවයා සම්බන්ධ; ගව, ගෙරි.
ගව්‍යය
1. නා. දුන්නේ ලණුව; දුනු දිය.
2. නා. වෛද්‍ය ප්‍රතිශක්තිකරණය සඳහා පාවිච්චි කරන එන්නත් ද්‍රව්‍ය.
3. නා. වර්ණකයක් ලෙස පාවිච්චි කරන කහ පාට මැටි විශේෂයක්; හිරියල්.
ගවාක්ෂ ජාලය
නා. සමාන සිදුරු සහිත දැල; කවුළු දැල.
ගවාක්ෂය
1. නා. කවාකාර කවුළුව; වටකුරු හුළං සිදුර.
2. (පාරිභා.) නා. අස්ථියක, අස්ථි දෙකක් අතර, යම් ශාක පටලයක හෝ හිස්කබලෙහි දක්නා ලැබෙන විවර වර්ගයක්.
ගවාදන
නා.ප්‍ර. ගවයාගේ ගොදුරු බිම; තණ බිම; තණ බිමෙහි තණ කොළ.
ගවාදනිය
නා. ගවයින්ට කෑම දමන බක්කිය; ගව ආහාර ඔරුව.
ගවාමෘත
නා. ගවයාගෙන් ලබා ගන්නා අමෘතය; එළ කිරි.
ගවුමානය
නා. ගවුවක දුර; ගවුවක ප්‍රමාණය.
ගවුව
නා. දුර මැනීම සඳහා භාවිත වූ පැරණි මිම්මක්; සැතපුම් හතරක හෝ ඉසුබු 80 ක ප්‍රමාණය; යොදුනකින් හතරෙන් එක.
ගවෙට්ඨි
නා.ප්‍ර. ස්වල්ප ආයෝජනයකින් මහත් ලාභයක් බලාපොරොත්තු වීම; සුළු දෙයකින් විශාල ප්‍රයෝජන පැතීම.
ගවේෂකයා
නා. සොයන තැනැත්තා; විමසන්නා; සොයා බලන්නා.
ගවේෂණය
නා. අලුතෙන් යමක් සෙවීම; විමංශනය; පරීක්ෂණය.
ගවේෂිත
වි. අලුතින් යමක් සොයන ලද; පිරික්සන ලද.
ගවෝදක
නා.ප්‍ර. ගවයාගේ මූත්‍ර; ගෝමූත්‍ර.
ගස
1. නා. කඳක් හා අතුපතර ඇති ශාකය; වෘක්ෂය; රුක.
2. නා. ගැටීම; ඝර්ෂය.
ගසනවා
1. ක්‍රි. පහර දෙනවා; තළනවා; ගුටිබැට දෙනවා.
2. ක්‍රි. වේගයෙන් සොලවනවා; ගසා දමනවා.
3. ක්‍රි. හඬ නගනවා; උස් හඬින් කෑගසනවා; ඝෝෂණය කරනවා.
4. ක්‍රි. ඉසිනවා; විසුරුවනවා.
5. ක්‍රි. දල්වනවා; මොළවනවා.
6. ක්‍රි. සවිකරනවා; අනිනවා.
7. ක්‍රි. අමුණනවා.
8. ක්‍රි. කපා දමනවා; සිඳිනවා.