සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 66
අද්‍රව්‍යය
නා. ද්‍රව්‍යයක් නොවූව; ද්‍රව්‍ය ගණයට නොගැනෙන වස්තුව.
අද්රව්යවාචක
වි. ද්‍රව්‍යයක් ප්‍රකාශ නොවන.
අද්‍රාව්‍ය
(පාරිභා.) වි. දිය කළ නොහැකි (=insoluble).
අද්රිජා
නා.ප්‍ර. පර්වතයෙන් උපන්නී අරුතින් උමා දේවී; පාර්වතී; දුර්ගා.
අද්රිරාජ
නා.ප්‍ර. පර්වත අතර ප්‍රධාන හිමාලය පර්වතය.
අද්රෝහ
වි. ද්‍රෝහි නොවූ; පස මිතුරු නොවූ; අවිරුද්ධ.
අදාගය
නා. ඇනීමට භාවිත කළ කුඩා කොට කඩුව.
අදාන්ත
වි. දමනය නොවූ; නොදැමුණු; නොහික්මුණු; සංවරයක් නොමැති.
අදාරනවා
1. ක්‍රි. කට පාඩමින් හඬ නඟා කියනවා.
2. ක්‍රි. ඉගෙන ගන්නවා; හදාරනවා.
අදාස
වි. ගැති නොවූ; දාස නොවූ; නිදහස්; ස්වෛරී .
අදාහ්‍ය
(පාරිභා.) වි. ගින්නෙන් නොදැවෙන; දැවිය නොහැකි; පිලිස්සිය නොහෙන (= incombustible).
අදාළ
1. වි. සුදුසු; උචිත; යෝග්‍ය.
2. වි. අනුකූල; සම්බන්ධකමක් ඇති.
3. වි. උපයෝගී; උපකාරී.
4. වි. උගත්; හැදෑරූ; අධ්‍යයනය කළ.
5. වි. සුදුසු; නියම කරන ලද.
අදිකයා
1. නා. වැඩිපුර ඇති තැනැත්තා
2. නා. රොඩී මිනිසුන්ගේ නායකයා; කුප්පායමේ ප්‍රධානයා; හුලවාලියා.
අදිකාරම
නා. මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන තන්ත්රයේ පැවති ප්‍රධාන තනතුරක්; තනතුර දැරූ උසස් නිලධාරියා; මහනිලමේ.
අදිකාරී
නා.ප්‍ර. සිංහල රාජ්‍ය පාලන සමයෙහි සිටි උසස් නිලධාරියෙක්; අධිකරණ නායකයා.
අදිගම
නා. ඵල ප්‍රයෝජනය; ලාභය.
අදිටන
නා. (යමක්) තරයේ සිතා ගැනීම; ඉටා ගැනීම; අධිෂ්ඨානය.
අදිටන්පැරුම්
නා.ප්‍ර. පාරමිතා දහයෙන් එකක්; අධිෂ්ඨාන පාරමිතාව.
අදිට්ඨය
නා. නුදුටු දෙය; නොදක්නා ලද්ද.
අදිති
1. නා.ප්‍ර. හිරු; සූර්යයා.
2. (ජ්‍යෝති.) නා.ප්‍ර. පුනාවස නම් නැකත.
අදිති නන්දන
1. නා.ප්‍ර. දිව්‍ය පුත්‍රයා; දෙවියා.
2. නා.ප්‍ර. හිරු; සූර්යයා.
අදිතිය
නා. ප්‍රජාපතිහුගේ දියණිය; සූර්යයාගේ මව; දේව මාතාව.
අදින යොත
නා. ගිනි ඉපදවීමට ගිනි ගානා දඬු ක්‍රියා කරවීම සඳහා බැඳි ලණුව.
අදින රැහැන
නා. දොරක අගුළ ක්‍රියා කරවන ලණුව.