සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 65
අද්ධාන පරිශ්රමය
නා. දුර මඟක යෑමෙන් ඇති වන වෙහෙස; ගමන් විඩාව.
අද්ධානය
නා. දීර්ඝ කාලය; කාලාන්තරය.
අද්ධිකයා
නා. මාර්ගයෙහි ගමන් කරන්නා; මගියා.
අද්ධුනක
වි. සිත් කම්පා කරන; අඳෝනා මුසු.
අද්ධුව
වි. ස්ථීර නොවන; අස්ථීර; අනිත්‍ය.
අද්බුදය
නා. සංඛ්‍යා නාමයක්; අක්ෂෞභිණි දස දහස.
අද්භූත ධර්මය
1. නා. ආශ්චර්ය ධර්මය; විශ්මය ජනක දෙය.
2. නා. ආශ්චර්ය අද්භූත ධර්ම ප්‍රතිසංයුක්ත සූත්‍රාන්ත දේශනා.
අද්භූතය
1. නා. පුදුමය; විස්මය; ආශ්චර්යය.
2. (අලං.) නා. සිතේ පහළ වන විස්මය සහගත හැඟීම; නව නාට්‍ය රසයෙන් එකක්.
3. නා. ඔට්ටුව; පරදුව.
අද්භූතාකෘති
අද්භූතාත්මක
වි. ආශ්චර්යවත්.
අද්භූතෝපමාව
නා. (අලං.) යම්කිසි වස්තුවකට ලෝකයේ හමු නොවන අද්භූත වස්තුවක් උපමා කර දැක්වීම.
අද්මිනිස්ත්‍රාසි
වි. උසාවියෙන් ලත් බලය පිට දේපළක් හෝ බූදලයක් හෝ පාලනය කරන.
අද්මිරල්
නා.ප්‍ර. යුද නැව් හමුදාවක ප්‍රධාන නිලධරයා; නාවික සේනාධිපති.
අද්වකාත්
නා.ප්‍ර. ජ්‍යෙෂ්ඨ නීතිඥයා; අධිනීතිඥයා.
අද්වය
නා.ප්‍ර. දෙකක් නොවන බව; ඒකත්වය.
අද්වයවාදී
නා.ප්‍ර. වචන දෙකක් නොකියන්නා; දෙආකාර නොවූ එක ම සත්‍ය වචනය ප්‍රකාශ කරන්නා; බුදුරජාණන් වහන්සේ පිළිබඳ කියැවේ.
අද්විතීය
වි. දෙවැන්නෙකු නැති; දෙවැනි නොවන; අසහාය.
අද්වේෂය
නා. ද්වේෂ රහිත බව; අවෛරය; මෛත්‍රිය.
අද්වේෂී
වි. ද්වේෂ රහිත; ක්‍රෝධ නැති; අවෛරී.
අද්වෛත
වි. දෙයාකාරයක් නැති; ඒකාන්ත.
නා.ප්‍ර. පරමාත්මය හා ජීවාත්මය එකක් ම යැයි යන මතය.
අද්‍ය
නි. අද; මේ දවස.
අද්‍යතන
වි. අද පවත්නා; මේ කාලය පිළිබඳ; වර්තමානය හා සම්බන්ධ.
අද්‍රවණශීල
(පාරිභා.) වි. දිය නොවන ස්වභාවය ඇති; පහසුවෙන් දිය නොවන (=lyophobic).
අද්‍රවණශීල කලිලය
(පාරිභා.) නා. පහසුවෙන් දිය නොවන මැලියම් වැනි සංශ්ලේෂණ ද්‍රව්‍යය (=lyophobic colloid).