සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 791
දඬුහල
නා. වඩුවැඩ කරන ස්ථානය; වඩුමඩුව.
දඬුහැකිල්ල
නා. දැවයෙන් කළ බැම්ම.
දත
1. නා. ආහාර විකීම, ඉරීම, ඇඹරීම වැනි කාර්ය සඳහා මුඛ කුහරය තුළ පේළි වශයෙන් පවතින ශක්තිමත් ව්‍යුහයක්.
2. නා. ඇත්, ඌරු ආදි සතුන්ගේ කට දෙපසින් පිටතට දික් ව වැඩුණු දළ.
3. නා. රෝදයක ගරාදිය; දැවිය.
4. නා. කියත් ආදි ආයුධවල එකිනෙකින් වෙන් වී පෙළට පිහිටි දන්තාකාර තුඩු; දැති.
5. නා. උරහිස්; දසරුව; අංස කූටය.
දත කංසය
නා. දත විදුරුමසට සවි වී තිබෙන ස්ථානය; දත පිහිටා ඇති කූපය.
දත නියවනවා
1. ක්‍රි. දත් පෙනෙන සේ තද කොට තොල් විවර කරනවා; අවඥාව විහිළුව, සරදම, සඳහා විරිත්තනවා; විලිස්සනවා.
2. (කථා.) (රූඪි.) ක්‍රි. (තමන් සතු අයිතිය අනුන්ට පවරා දී අවසානයේ ඒ නිමිති කොට) බැගෑපත් වෙනවා; දතපත නියවනවා.
දත පත
නා. දත්පොළ; දන්ත පන්තිය.
දත සුද්දා
1. නා. (රූඪි.) දත් සුදු පුද්ගලයා; බුලත් නොසපන අය.
2. (කථා.) වඳුරා; වානරයා.
දත්
1. නා.ප්‍ර. ඇතා; හස්තියා.
2. නා.ප්‍ර. දැනගැනීම; අවබෝධය.
දත් ඇතිරිය
(පාරිභා.) නා. දතක් විකසනය සඳහා විදුරුමස දිගට පිහිටි අපිචර්මීය දන්ත ස්තරය.
දත් ඇන්ද
නා. උඩු හෝ යටි දත් පෙළ.
දත් කනවා
ක්‍රි. අසිහිය, කෝපය ආදිය නිසා උඩු යටි දත් එකිනෙක ගටවමින් එහා මෙහා කරනවා.
දත් කාරම
(පාරිභා.) නා. දතේ පසු පැත්තේ තැන්පත් වන කැල්සියම් පොස්පේට් හා අනිකුත් ද්‍රව්‍ය තට්ටුව.
දත් පිළු
නා.ප්‍ර. උරහිස; දසරුව; උරහිස නමැති ස්ථලය; මුදුන.
දත් බැම්ම
නා. මුදු ආදි රන්රිදී ආභරණවල මැණික් ගල්, මුතු ආදිය රඳවන දත් වැනි බැඳුම; මැණික් ගල් එබ්බවීමට යෙදෙන දැති රවුම.
දත් යතුරු වැටෙනවා
(කථා.) ක්‍රි. (සිහි මුර්ඡා වී) කට ඇරිය නොහැකි සේ තද වෙනවා; හනු එකිනෙක පූට්ටු වෙනවා.
දත් වහල්ල
නා. විදුරු මස සහිත දත් ඇන්ද.
දත්ගෙල
(පාරිභා.) නා.ප්‍ර. දතේ මස්තකය හා මූලය එක් වන තැන ඇති සිහින් කොටස; දන්ත ග්රීවය.
දත්ත
නා. දෙන ලද දෙය; නිගමනයකට එළඹීම සඳහා දෙන මූලික කරුණු; නිර්දිෂ්ටය; උපන්‍යාසය.
දත්තාභිෂේක
වි. (දෙන ලද අභිෂේක ඇත්තා) දැනීමෙන් අගතැන් පත්; අවබෝධයෙහි මුදුන් පැමිණි.
දත්මල
නා.ප්‍ර. දත් මැලියම්; දන්ත මල.
දත්රිපු
නා.ප්‍ර. ඇතුන්ගේ සතුරා වන සිංහයා.
දද
වි. මෝඩ; අඥාන; දග්ධ.
1. නා. කොඩිය; ධ්වජය.
2. නා. පුරුෂ ලිංගය; පුරුෂ නිමිත්ත.
3. නා. මත්ස්යධ්වජය දරන්නා; අනංගයා.
4. නා. දත්; දළය; දන්තය.
5. නා. චර්ම රෝගයක්; දද.
6. නා. දහසක් ඇස් ඇත්තා; ශක්‍රයා.
7. නා. ඇසිපිය හෙළන කාලය; නිමේෂය.
8. නා. තාරකාව; තරුව.
දදඉඳු
නා.ප්‍ර. තාරකා නායකයා; සඳ.