සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 837
දියසක
1. නා. ලෝකයට ඇසක් බඳු තැනැත්තා; බුදුන් වහන්සේ; බෝසතුන් වහන්සේ.
2. නා. හිරු; සූර්යයා.
3. නා. යුද්ධ ජයග්රහණයකදී පිඹින හක්ගෙඩිය; ජයශඞ්ඛය.
දියසක්
නා.ප්‍ර. ජලයෙහි වෙසෙන ශංඛ හෙවත් හක් බෙල්ලන් විශේෂයක්.
දියසරණ
වි. ලොවට පිහිට ලෝකයට සරණ වන. වන;
දියසළුව
නා. දිය නෑමේදී අඳින වස්ත්‍රය; දිය රෙද්ද; නානකඩය.
දියස්බඩ
[දිය + අස්බඩ]
නා.ප්‍ර. දිය පහරේ අයින; ජලයෙහි අද්දර හෝ සමීපය.
දියසායම්
නා.ප්‍ර. චිත්‍ර ඇඳීම සඳහා ජලයෙන් දිය කර පාවිච්චියට ගන්නා සායම්.
දියසිදුර
නා.ප්‍ර. දිය උනන සිදුරු; උල්පත.
දියසිර
නා.ප්‍ර. ලෝක පරිසරයෙහි මුදුන; අහසේ මුදුන.
දියසිළ
නා. වේගවත්ව ගලා යන දිය දහර; සැඩපහර; මහෝඝය.
දියසුන්
1. වි. ජලය සිඳී ගිය; වියළි.
2. වි. දුන්නෙහි ජ්‍යාය හෙවත් ලණුව කැඩුණු.
දියසුන්නත
(කථා.) නා. කුඹුරුවලට වතුර ගැනීම සඳහා ඇළ ආදියේ ඉවුර කපා වතුර පාර හැර වු කපොල්ල.
දියසෙට
වි. ලොවට උතුම්; ජගත් ශ්‍රේෂ්ඨ.
දියසෙණ
නා.ප්‍ර. අධික ලෙස රත් වු ජලය පතිත වන අකුණ.
දියහළුවා
නා. රෙදි සෝදා පිරිසිදු කරන්නා; රජකයා.
දියහුණුකැන්
නා.ප්‍ර. දියාරු කැඳ; කැඳ වතුර.
දියහුනු
1. නා.ප්‍ර. ජලයෙහි දියකර පාවිච්චියට ගන්නා හුනු; තම්බාපු හුනු.
2. නා.ප්‍ර. පොල් ගෙඩියේ මදය මතුපිට ඇති දිය කළ හුනු වැනි වූ කොටස.
දියහෙබ
නා. ජලය පිරුණු ගැඹුරු වළ; හෙබ; විල.
දියහොල්මන
නා. කුඹුරු පාළු කරන මීයන් ආදි සතුන් බිය වැද්දීම සඳහා උණ බම්බුවෙන් සාදන ලද, හඬ නැගෙන උපකරණයක්; දියබෙරය.
දියළු අවාන
(පාරිභා.) නා. දියළු පස් අවානක හැඩයට තැන්පත් වීමෙන් සෑදුණු භූමි ප්‍රදේශය (=alluvial fan).
දියළු කේකුව
(පාරිභා.) නා. දියළු පස් තැනිතලා බිමෙක කේතුවක් හැඩයෙන් සෑදෙන භූමි ප්‍රදේශය (=alluvial cone).
දියළු තලාව
(පාරිභා.) නා. දියළු පස් තැන්පත් වීමෙන් සෑදුණු උස් තැනිතලා බිම (=alluvial flat).
දියළු නිධිය
(පාරිභා.) නා. ඝන ව ගැඹුරට තැන්පත් ව පවතින දියළු ස්තරය; දියළු පසෙහි යටට කිඳා බැස තැන්පත් වන ලෝහ, ගල් ආදිය (=alluvial deposit).
දියළු මළුව
(පාරිභා.) නා. උස් ව වේදිකාවක් මෙන් පිහිටි දියළු පස් තට්ටුව (=alluvial terrace).
දියළුව
(පාරිභා.) නා. වතුරෙන් ගසා ගෙන අවුත් තැන්පත් වන රොන් බොර සහිත සාරවත් පස; දියළුපස (=alluvium).