සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 856
දුරාචාරය
1. නා. සම්මත ආචාර ධර්මයට විරුද්ධ වූ හැසිරීම; අයහපත් පැවැත්ම; අනාචාරය.
2. නා. කාමයෙහි වැරදි ලෙස හැසිරීම; පරපුරුෂ සේවනය හෝ පරස්ත්‍රී සේවනය.
දුරාචාරී
නා.ප්‍ර. නපුරු පැවැතුම් ඇති; අශිෂ්ට.
දුරාත්ම
වි. නරක අදහස් ඇති; දුෂ්ට සිත් ඇති.
දුරාමර්ශය
නා. අකැප ස්පර්ශය; අයෝග්‍ය ඇල්ලීම හෝ ස්පර්ශය.
දුරාරාධ
වි. සතුටු කළ නොහැකි; අතෘප්තිකර.
දුරාරෝහ
වි. නැඟීමට අපහසු; අමාරුවෙන් නැගිය යුතු.
දුරාලාපය
නා. නින්දා සහගත කියමන; දුෂ්ට ප්‍රකාශය.
දුරාවිෂ්ට
වි. රෝග බෝකරන ජීවීන් පිවිසි; විෂබීජවලට ගොදුරු වූ; රෝග බීජ සහිත.
දුරාශය
වි. දුෂ්ට අදහස් ඇති.
දුරාසද
වි. ළං විය නොහැකි; එළඹීමට දුෂ්කර.
දුරු
1. නා.ප්‍ර. පොළොව; පෘථිවිය; දෙරණ.
2. නා.ප්‍ර. කාන්තාරය; කතර; දුර්ග මාර්ගය.
3. නා.ප්‍ර. ප්රත්යක්ෂ දෙය.
4. නා.ප්‍ර. කුළුබඩු වර්ගයක්.
වි. දුරින් පිහිටි; ඈත.
දුරු වෙනවා
ක්‍රි. ඈත් වෙනවා; දූරීභූත වෙනවා.
දුරුකතර
නා.ප්‍ර. දීර්ඝ වූ ද දුෂ්කර වූ ද ගමන් මාර්ගය; බොහෝ දුරබැහැර.
දුරුක්තය
නා. වැරදි කියමන; නොමනා ප්‍රකාශය; දුර්භාෂිතය.
දුරුච්චාර්ය
වි. උච්චාරණය කිරීමට අපහසු.
දුරුචිය
නා. භෝජනයෙහි ඇල්ම අඩුකම; අරුචිය.
දුරුණු
නා.ප්‍ර. දිරාගිය සිරුරක් ඇත්තා; මහල්ලා.
දුරුත්ත
වි. නපුරු ලෙස කියන ලද.
නා. දුරුතු මාසය.
දුරුතු
1. නා.ප්‍ර. සිංහල මාස ක්රමයෙහි දස වැන්න; ජනවාරියෙහි අග භාගයත් පෙබරවාරියෙහි මුල් භාගයත් ඇතුළත් චන්ද්‍ර මාසය.
2. නා.ප්‍ර. ධූර්තයා; දූ කෙළින්නා.
දුරුපත්තන් කරනවා
ක්‍රි. එලවා දමනවා; පන්නා ගන්නවා; දුරු කරනවා.
දුරුපයෝග
[දුර් + උපයෝග]
නා.ප්‍ර. වැරදි ලෙස යෙදීම; නොමනා ලෙස පාවිච්චි කිරීම.
දුරුබා
1. නා.ප්‍ර. දුර පෙදෙස; ඈත පළාත.
2. නා.ප්‍ර. දොහොත; ඇඳිලි බැඳි දෑත.
දුරුවන් කරනවා
ක්‍රි. ඉවත් කරනවා; ඈත් කරනවා.
දුරූප
දුල
වි. දිලිසෙන; බබලන.