සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 899
නාථ දේවාලය
නා. නාථ දෙවි කෙරෙහි කැප වුණු දේවාලය; නාථ දෙවියන් උදෙසා කළ දෙවොල.
නාථකයා
නා. (නීති.) භාරකරුවා; භාරකාරයා.
නාථපුත්‍ර
නා.ප්‍ර. ජෛනාගමේ ශාස්තෘවරයා; නිගණ්ඨනාථ පුත්‍ර; ජෛන මහාවීර
නාදමානය
නා. ශබ්දය මැනීමේ උපකරණයක්; ධ්වනිමානය.
නාදය
නා. හඬ; අව්‍යක්ත ශබ්දය; රාවය; ධ්වනිය.
නාදැත්ත
1. නා. කුහරයකට කා වැදීමෙන් සන්ධියක් සාදන්නා වූ නාදැත්තක් වැනි ඇටය.
2. නා. මුදුන ගුළියක් මෙන් වූ අස්ථිය.
3. නා. කුඤ්ඤය; ලී ඇණය.
4. (උද්භි.) නා. කැකිරි, පිපිඤ්ඤා ආදියේ අධඃකොටිලයේ තිබෙන ප්‍රසරයක්.
නාදිව
නා. නාග ද්වීපය.
නාදේය
නා.ප්‍ර. මුහුදු ලුණු; ලේවා ලුණු.
වි. ගංගාවල වාසය කරන; ගඟෙහි සිටින; නදියෙහි හටගත්.
නානගෙය
1. නා. දිය නෑම සඳහා සකස් කළ කුටිය; නාන කාමරය.
2. නා. වැසිකිළිය.
නානවා
1. ක්‍රි. දිය නහනවා; ජල ස්නානය කරනවා.
2. ක්‍රි. සිරුර පුරා යමක් තවරා ගන්නවා.
නාන්තරීයක
[න + අන්තරීයක]
වි. අතරක් නැති වූ; ඉඩක් නැති ව ඒ සමග ම යෙදෙන.
නාන්දි
වි. ප්රශංසාත්මක; ස්තුතිපූර්ව; වන්දනීය.
නානා
නි. නොයෙක්; අනේකවිධ; නන් අයුරු.
නානාංගකරණය
[නානා + අංගකරණය]
(පාරිභා.) නා. අනේකාකාර කිරීම; විවිධත්වයට පැමිණවීම; නොයෙක් ආකාර ඇති කිරීම.
නානාකරණ
නා.ප්‍ර. වෙනස.
නානාගතිය
නා. නොයෙක් භවවල ඉපදීම; විවිධ උත්පත්තිය.
නානාත්වය
නා. විවිධබව; වෙනස් ස්වභාවය; ඒකාකාර නොවන ගතිය.
නානානය
නා.ප්‍ර. විවිධබව; වෙනස් ස්වභාවය; ඒකාකාර නොවන ගතිය.
නානාප්‍රකාර
වි. නොයෙක් ආකාර; නන්වැදෑරුම්; විවිධ; අනේක ප්‍රකාර; නානාවිධ.
නානාභිධාන
නානාභිධේය
නානාරූපේක්ෂය
[නානා + රූප + ඊක්ෂය]
නා. නැවත නැවතත් සෑදෙන ප්‍රතිබිම්බ නිසා රූප සමූහයක් අලංකාර ලෙස දිස්වන සේ සාදා ඇති උපකරණය.
නානු
1. නා.ප්‍ර. හිස සේදීමට ජලස්නානය කිරීමේ දී භාවිත උකු දියර සංයෝගය.
2. නා.ප්‍ර. ඇතැම් ශාකවල අඩංගු බෙලසුල් ද්‍රව්‍යය; ශාක ද්‍රව්‍යවලින් ලැබෙන මැලියම් වැනි සංකීර්ණ කාබනික සංයෝග.
නානුමුර මංගල්‍යය
1. නා. මහනුවර දළදා මාලිගාවේ බදාදා දිනවල දී කරනු ලබන පූජාවක්.
2. නා. හිස සේදීමේ උත්සවය.