සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 978

නෞකාශය

නා. නැව් තැනීම, ප්‍රතිසංස්කරණය ආදි කටයුතු සිදු කිරීම සඳහා කොටු කරන ලද පෙදෙස; නැව් තටාංකාගනය.

ප

1. සිංහල හෝඩියේ හතළිස් පස් වැනි අකුර ; ඕෂ්ඨජ, අඝෝෂ, අල්පප්‍රාණ ව්‍යඤ්ජන ශබ්දය.
2. අව්‍ය. උපසර්ග විස්සෙන් එකක්.

ප වර්ගය

නා. හෝඩියේ ප අක්ෂරය මුල් කොට ඇති ව්‍යඤ්ජනාක්ෂර පහ ; ප, ඵ, බ, භ, ම යන ඕෂ්ඨජාක්ෂර.

ප(ර්) කාබනේට්

නා.ප්‍ර. දැරිය හැකි වැඩි ම ලවණ ප්‍රමාණය දරා ඇති කාබනික අම්ලය.

පංක

නා.ප්‍ර. මඩ ; කලල්.

පංක දුර්ග

නා.ප්‍ර. ගමන් කිරීමට අපහසු වගුරු බිම.

පංකජ

1. නා.ප්‍ර. පියුම ; නෙළුම ; පද්මය.
2. උපුල ; මහනෙල්.

පංකාදු

වි. ඉතා හොඳ ; අනගි ; වටිනා ; ඉස්තරම් ; මනාව ඔබිනා.

පංකාව

නා. පවන් ගැසීම සඳහා භාවිත කරන උපකරණයක්; පවන් පත.

පංගාඩම්

නා.ප්‍ර. නියමය ; විධානය ; පැවරීම.

පංගාර්තුව

1. නා. නියමය ; විධානය ; පැවරීම.
2. (අදාළ කටයුතු) පිළියෙල කිරීම; සූදානම් කිරීම.

පංගුකාරයා

නා. යමක අයිතියෙන් කොටසක් හිමි තැනැත්තා ; කොටස්හිමියා ; හවුල්කාරයා.

පංගුලයා

නා. අබ්බගාතයා ; පිළා.

පංගුව

1. නා. කොටස; භාගය.
2. අඛණ්ඩ ව නොබෙදී පවතින ඉඩම් කට්ටිය.
3. යම් සේවයක යෙදී සිටින ජන කොට්ඨාසය.
4. වර්ගය ; ප්‍රභේදය.

පංච

නා.ප්‍ර. සංඛ්‍යාවක්; පහ.

පංච කෙළිය

නා. විශේෂයෙන් සිංහල අලුත් අවුරුදු සමයේ දී කිරි කවඩි පහ ආශ්‍රිත ව කරනු ලබන ජනප්‍රිය ගෘහ ක්‍රීඩාවක්.

පංච තික්ත

නා.ප්‍ර. ආයුර්වේදයේ සඳහන් වන රසකිඳ, කොහොඹ, කටුවැල්බටු, දුම්මැල්ල (පටොල) සහ ආඩතෝඩා යන තිත්ත රසැති පස් වර්ගයකින් සමන්විත ඖෂධ.

පංච මහා බලවේගය

නා. සඟ, වෙද, ගුරු, ගොවි සහ කම්කරු යන පුද්ගල සංවිධාන පහකින් යුත් බලය ; 1956 මහ මැතිවරණයේ දී ක්‍රියාත්මක වූ බලවේගයක්.

පංච මහා විෂ

නා.ප්‍ර. ගෞරි, පාෂාණ, තාලක, මනඃශිලා, වත්සනාභ සහ සර්පවිෂ යන උග්‍ර වූ විෂවර්ග පහ.

පංචාස්‍රය

නා. පැති පහක් ඇති කොටුව ; පස් පට්ටම ; පඤ්චභූජය.

පංචි

නා.ප්‍ර. පංච ක්‍රීඩාවට ගන්නා කිරි කවඩි.

පංචෝඩය

නා. ඉලෙක්ට්‍රෝඩ පසකින් සමන්විත වන ත'මයන කපාටය ; කෙටි තරංග හා රූපවාහිනී ආදායකවල යොදාගනු ලැබේ.

පංජරය

1. නා. කූඩුව ; මැදිරිය.
2. සැකිල්ල ; රාමුව.
3. කවුළුව.

පංඤ්චශිඛයා

නා. දෙව්ලොව වීණා ගායක දිව්‍ය පුත්‍රයා ; පන්සිළු.

පංතිය

1. නා. පෙළ ; පේළිය.
2. වර්ගය ; සමූහය.