අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 329
සංග
1. නා.ප්ර. ඇල්ම; කෙලෙස්/ සන්සුන් බව (පා. සං. සඞ්ග) 2. සමූහය/ සංඝයා/ එක්රොක් වීම (පා. සඞ්ඝ)
සංගණනය
නා. සංඛ්යාලේඛන සකස් කිරීම සඳහා කරනු ලබන ගණන් බැලීම
සංගණිකාව
නා. එකට විසීම (භික්ෂූන්)/ සමාජය (පා. සඞ්ගණිකා)
සංගත
වි. එක් වූ/ සුදුසු/ ඇලුණු/ පරිපූර්ණ (පා. සං. සඞ්ගත)
සංගතිය
නා. එක්වීම; සමගිය/ ඉබේ සිදුවන දෙය/ ගැළපීම (පා. සං. සඞ්ගති)
සංගදිය
නා. හේතුව; කාරණය/ අකරතැබ්බය (දෙ. சங்கதி)
සංගමනය
නා. එකතු වීම; රැස්වීම (සං. සඞ්ගමන)
සංගමය
නා. එක් වීම; සංවාසය; සමිතිය (පා. සං. සඞ්ගම)
සංගමශීලී
වි. සාමූහික වාසයට කැමති
සංග්රාමය
නා. යුද්ධය; සටන (සං. සඞ්ග්රාම)
සංගායනාව
නා. එකට රැස් ව කීම; සාකච්ඡා සභාව (පා. සං. සඞ්ගායනා)
සංගාහක
වි. රැස් කරන; සංග්රහ කරන (පා. සංගාහක)
සංගිලි
වි. දම්වැලින් තැනූ (දෙ. சங்கிலி)
සංගීතඥයා
නා. සංගීත ශාස්ත්රය හදාළ තැනැත්තා
සංගුණකය
නා. එකතුව (සං. සංගුණක)
සංගෘහීත
වි. රැස් කළ/ ඇතුළත් කළ/ උපකාර කළ (සං. සඞ්ගෘහීත)
සංඝ
නා.ප්ර. භික්ෂූන් වහන්සේ/ සමූහය; පිරිස (පා. සඞ්ග)
සංඝගණ
නා.ප්ර. භික්ෂු සමූහය
සංඝගත දක්ෂිණාව
නා. සඟ සතු කොට පුදන දානය
සංඝටකය
නා. අවයවය; අංගය (සං. සඞ්ඝටක)
සංඝටනය
නා. එකට සම්බන්ධ වීම; එකට ගැටීම/ සංයුතිය (සං. සඞ්ඝටන)
සංඝට්ටනය
නා. එකිනෙක ගැටීම; අන්යෝන්ය වශයෙන් බලපෑම/ ඝර්ෂණය/ ගැළපීම (පා. සං. සඞ්ඝට්ටන)
සංඝනනය
නා. ඝන බවට පත් වීම
සංඝභේදය
නා. සංඝයා අතර සමගිය නැති කිරීම (පා. සං. සඞ්ඝභෙද)