අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 330

සංඝර්ෂණය

නා. එකිනෙක ගැටීම; ඇතිල්ලීම; ගෙවී යෑම (සං. සංඝර්ෂණ)

සංඝාට

නා.ප්‍ර. යුග්මය; යුගලය (පා. සඞ්ඝාට)

සංඝාටිය

නා. සඟළ සිවුර; දෙපට සිවුර (පා. සඞ්ඝාටි)

සංඝාතය

නා. සමූහය/ නැසීම/ නරකයක නාමයක්/ කාව්‍ය බන්ධන විශේෂයක් (පා. සං. සඞ්ඝාත)

සංඝාදිශේෂ

නා.ප්‍ර. භික්ෂූන් උදෙසා දේශිත ඇවැත් විශේෂයක් (පා. සඞ්ඝාදිසෙස)

සංඝානුස්මෘති

නා.ප්‍ර. සඟුන් ගුණ නැවත නැවත සිහි කිරීම (පා. සඞ්ඝානුස්සති)

සංඝාරාමය

නා. භික්‍ෂු ආවාසය (පා. සඞ්ඝාරාම)

සංචය

නා. රැස්වීම; එකතුව/ ගබඩාව/ ගබඩා කළ දේ (පා. සඤ්චය)

සංචයන

වි. එකතු වන; එක්රැස් වන (සං. සංචයන)

සංචරණ

වි. එහා මෙහා යන; පණිවුඩ එහා මෙහා ගෙන යන (පා. සඤ්චරණ)

සංචලන

වි. ගමන් කරන (සං. සංචලන පා. සඤ්චලන)

සංචිත

වි. රැස් කළ (පා. සඤ්චිත සං. සංචිත)

සංජානනය

නා. හැඳිනීම; ප්‍රත්‍යක්ෂය (පා. සඤ්ජානන)

සංඥාපනය

නා. හැඳින්වීම (සං. සංඥාපන)

සංඥාව

නා. සිහිය; හැඳිනීම/ නම/ ලකුණ/ අවබෝධය/ ප්‍රබෝධකය (සං. සංඥා)

සංඥිත

වි. සංඥා කළ; නම් ඇති/ හඳුන්වා දුන්; ලකුණු කළ (සං. සංඥිත)

සංඥේය

වි. සිතාමතා කරන; ඕනෑකමින් සිදු වන (සං. සංඥෙය)

සංතරණය

නා. එතෙර ව යෑම

සංතුලන

වි. සමබර වන

සංතෘප්ත

වි. සතුටට පත්; ධාරිතාව ඇති තරමට පිරී ගිය (සං. සංතෘප්ත)

සංදිග්ධ

වි. ව්‍යාකුල වූ අර්ථ ඇති (සං. සංදිග්ධ)

සංදේහ

නා.ප්‍ර. සැකය/ කාව්‍යාලංකාරයක නාමය (සං. සංදෙහ)

සංධ්වනිය

නා. සමූහ ගායනය සහ වාදනය

සංයත

වි. දමනය කරන ලද; සංයමයට පත් (පා. සං. සංයත)