බුද්ධදත්ත පාලි අකාරාදිය – 96

අස්සාදනා

පු. රස විඳීම.

අස්සාදෙති

(ආ+සද+ණෙ) රස විඳියි.

අස්සාරොහ

පු. අසුපිට යන්නා.

අස්සාස

පු. සැනසිල්ල; හුස්ම ගැනීම.

අස්සාසක

3. සනසන්නා.

අස්සාසෙති

(ආ+ස්ස+ණෙ) දුක් නසයි; සනසයි.

අස්සු

වන්නාහ; න. කඳුලු; නි. පදපූර්ණයෙහි නිපාතයක්.

අස්සුත

3. නො ඇසූ.

අස්සුතවන්තු

3. නූගත්.

අස්සුධාරා

ඉ. නො නැවතී ‍වැගිරෙන කඳුලු.

අස්සුමොචන

න. කඳලු හෙළීම; කඳුලු උපදවන.

අසාත

න. දුක; නො මිහිරි.

අසාදිස

3. අමිහිරි වූ; සමානයකු නැති.

අසාධාරණ

3. පොදු නො වන; විශේෂ වූ.

අසාර

3. නිසරු; සාරයක් නැති.

අසාරද්ධ

3. දාහ නැති; සන්හුන්.

අසාරුප්ප

3. සුදුසු නො වූ; හිතවත් නො වූ.

අසාහාස

3. දරුණු නො වූ; සාහසික නො වූ.

අසි

පු. කඩුව.

අසිග්ගාහක

පු. රජු‍ගේ කඩුව ගෙන යන ඇමතියා.

අසිචම්ම

න. කඩුව හා පලිහ.

අසිත

3. ආශ්‍රිත නො වූ; කළු පැහැති.
න. ආහාරය; දෑකැත්ත.

අසිථිල

3. බුරුල් නො වූ.

අසිධාරා

ඉ. කඩු මුවහත.