සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1044
ප්‍රභූ ජනයා
නා. ප්‍රධානීන් සමූහය ; ඉසුරුමත් ජනයා.
ප්‍රභූත්වය
නා. අධිපතිබව ; ස්වාමිත්වය ; සමර්ථභාවය ; ඉසුරුමත්බව.
ප්‍රභූරාජ
නා.ප්‍ර. අග රජුට දෙවැනි ව රාජ්‍ය කටයුතු සංවිධානය කරන පාලකයා ; ප්රතිරාජයා.
ප්රභේදක
වි. වෙන් කරන ; බෙදන.
ප්රභේදකය
(පාරිභා.) නා. වෙන් කිරීමට, බෙදීමට උපයෝගී කරගන්නා මාධ්‍යය.
ප්රභේදගත
වි. විශේෂ විභාගයට ලක් වූ ; වෙන් වූ ; විශ්ලේෂණය වූ ; විග්රහයෙහි බැසගත්.
ප්‍රභේදය
1. නා. (යමක් විග්රහකොට දැක්වීමේ දී කරනු ලබන) බෙදීම ; විශේෂ විභාගය.
2. (වෙනස් වූ) වර්ගය ; (නොසැසඳෙන) කොටස වෙනස් ආකාරය.
3. (පාරිභා.) ආකෘතිය ; වර්ණය යනාදියෙන් ප්රවේණි ලක්ෂණ ප්‍රකට කරන්නා වූ ද ඉන් ම සජාතීය කුලයේ අනෙක් සාමාජිකයන්ගෙන් වෙනස් වන්නා වූ ද සත්ව හා ශාක ගණය.
4. තර්ක ශාස්ත්රයේ කොටසක් ; තාර්කික විග්‍රහය.
ප්රභේද්ය
වි. වෙන් කළ හැකි වූ ; කොටස් කිරීමට පිළිවන්.
(පාරිභා.) නා.ප්‍ර. (සත්ත්ව ශාක සම්බන්ධයෙන් පවත්නා) ප්‍රවේණික වෙනස්කම.
ප්‍රමත
(පාරිභා.) වි. සාමාන්‍යයෙන් පවතින පරිදි ; අවිශේෂ ; සාමාන්‍ය.
ප්‍රමත අවකාශය
(පාරිභා.) නා. වියුක්ත විවෘත කුලක දෙකකින් පිළිවෙළින් ආවරණය කරනු ලබන කවර හෝ වියුක්ත සංවෘත කුලක දෙකක පවත්නා ස්ථලක අවකාශය.
ප්‍රමත්ත
1. වි. ප්රකර්ෂයෙන් මත් වූ ; හොඳ සිහියෙන් තොර වූ.
2. ප්‍රමාද වූ ; ලස් වූ.
ප්රමත්තයා
නා. ප්‍රමාද වූ පුද්ගලයා ; (කටයුතු බහුල වීම නිසා) අතපසු වීම්වලට පත් වන තැනැත්තා.
ප්‍රමතිය
නා. කතිකාව ; ගිවිසුම.
ප්රමථනය
1. නා. කැළඹීම ; ඇලලීම ; කෙලෙසීම.
2. මැඩීම ; තැළීම ; වධය.
ප්‍රමද
නා.ප්‍ර. අධික සතුට ; ප්‍රීතිය ; සොම්නස ; (සිතේ) උජ්ජවලිත භාවය.
ප්‍රමදා
වි. ස්ත්රීන්ට අයත් ; ස්ත්‍රීන් හා සම්බන්ධ.
1. නා.ප්‍ර. ස්ත්‍රිය; කාන්තාව ; උත්තමාඞ්ගනාව.
2. කන්‍යා රාශිය.
3. කාව්‍ය විරිතක්.
ප්රමදාරත්නය
නා. උත්තම ස්ත්‍රිය නමැති රත්නය ; උතුම් ශ්‍රේෂ්ඨ කාන්තාව ; රුවනක් සේ සැලකෙන කාන්තාව.
ප්රමදාවනය
නා. ස්ත්‍රීන් සඳහා වෙන් වුණු, ඔවුන් විසින් රක්නා ලද රජ උයන ; රජුන්ගේ අන්තඃපුරයට සම්බන්ධ උද්‍යානය ; උපවනය.
ප්රමර්දනය
නා. අතිශයින් මැඩීම ; පැරදවීම ; අභිබවාලීම.
ප්‍රමා
නා.ප්‍ර. තත්ත්ව ඥානය ; නිවැරදි දැනුම.
ප්‍රමාණ කරනවා
1. ක්‍රි. න්‍යායක් ලෙස ගන්නවා ; ධර්මය ආදර්ශය සේ සලකනවා.
2. සීමා කරනවා ; මිනුමක් කොට දක්වනවා.
ප්‍රමාණ පාඨය
නා.ප්‍ර. කරුණු තහවුරු කරලීම ; කරුණු සාධනය කිරීම ආදිය සඳහා උපයෝගි කොටගත යුතු වාක්‍යය හෝ වාක්‍යාංශය.
ප්රමාණකය
නා. (බල ශක්තියේ) සීමාව ඉක්ම යන්නට නොදී පාලනය කරන උපකරණය.
ප්‍රමාණකරණය
(පාරිභා.) නා. 1. ප්‍රමිත කිරීම.
2. ද්‍රාවණයක ශක්තිය සෙවීම.