සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1087

පිම්බෙනවා

1. ක්‍රි. මහත් වෙනවා ; විශාල වෙනවා ; ඉදිමෙනවා.
2. (කථා.) උඩඟු වෙනවා ; අහංකාර වෙනවා ; ආඩම්බර වෙනවා.

පිම්ම

1. නා. පැන පැන දිවීම ; පැනීම ; පිනුම.
2. එක් පිනුමක දිග.
3. පිනුම් ගැසීම; අඩවූ ඇල්ලීම.
3. යමක් වාෂ්පයෙන් තැම්බීම පිණිස භාජනයේ කට වටා බඳින රෙදිකඩ ; කඩපිම්ම.

පිඹිනවා

1. ක්‍රි. නලාවක් වැනි භාණ්ඩයකින් හඬ නංවනු සඳහා එය මුවග තබා එතුළට තදින් වායුව යවනවා ; උෂ්ම හඩින් මුඛයෙන් සුළං පිට කරනවා.
2. ගිනි ඇවිලවීමට කටින් හුළං විදිනවා.
3. තරහෙන් ශබ්ද නගා හුස්ම පිට කරනවා.

පිඹුර

1. නා. ඉඩමක මායිම් ආදිය දැක්වෙන සටහන ; පැලෑන ; පීගුර.
2. සින්නක්කර ඔප්පුව.

පිඹුරා

නා. ගොදුර දඟරවලින් වෙළා, මිරිකා පොඩි කොට ගිලින විශාල සර්පයෙක්.

පිය

1. නා. මිනිස් ආදි ජීවීන්ගේ කකුල ; පය ; පාදය.
2. පා සටහන ; පාද ලාංඣනය.
3. පය තබන තැන ; පඩිය ; පියගැටය.
4. පාර ; මඟ.
6. කවිපදය ; පද්‍ය පාදය.
7. පිහිට ; ප්‍රතිෂ්ඨාව.
8. ස්වභාවය ; තත්ත්වය.
9. පක්ෂීන් ආදීන්ගේ අත්තටු.
10. යමක් වහන උපකරණය ; පියන ; පිධානය.
11. සතුට ; ප්‍රීතිය ; ප්‍රියභාවය.
12. ප්‍රියාව ; කාන්තාව ; ස්ත්‍රිය.
13. ප්‍රියයා ; ස්වාමියා ; වල්ලභයා.

පිය නඟනවා

ක්‍රි. ඇවිදිනවා ; ගමන් කරනවා ; යනවා.

පියකර

වි. සිත සතුටු කරන ; සිත්ගන්නා ; මනපිනවන ; ප්‍රියංකර.

පියගැට

1. නා.ප්‍ර. උඩකට නැඟීමේ දී හෝ පහතට බැසීමේ දී පය තැබීම සඳහා තැනූ පඩි.
2. ඉණිමඟ හිණ ; තරප්පුව.

පියඟන

[පිය + අගන]
නා. පෙම්වතිය ; ප්‍රියංගනාව.

පියදසුන

නා. ප්‍රිය උපදවන දැකුම ; ප්‍රියදර්ශනය.

පියන

1. නා. පෙට්ටි බෝතල් භාජන ආදිය වසා තැබීමට උපයෝගී කරගන්නා ආවරණය ; මූඩිය ; වැස්ම ; පිධානය.
2. දොර ජනෙල් ආදිය වැසීමට උපයෝගි කරගන්නා ලී වීදුරු ආදියෙන් සාදාගනු ලබන ආවරණය.

පියනවා

1. ක්‍රි. දොර කවුළු භාජන ආදියේ කට පියන් ආදියකින් වසනවා.
2. හකුළනවා ; වසාගන්නවා.
3. දුරු කරනවා ; ඉවත් කරනවා ; බැහැර කරනවා ; අත් හරිනවා ; හැර දමනවා.
4. දමනවා ; තබනවා.

පියන්

1. නා.ප්‍ර. කෙලෙස් දැවීමට භාවනා කිරීම ; පධානය.
2. කුඹුර ; කෙත.

පියපේරුව

නා. පියාගේ පාර්ශ්වය.

පියබඳ

1. නා.ප්‍ර. ශරීරයෙහි අංගයක් ; ළැම පෙදෙස ; පපුව.
2. ප්‍රිය වූ ශරීරයක් ඇත්තිය ; ප්‍රිය දේහිනිය ; කාන්තාව.

පියමඟ

1. නා.ප්‍ර. පා ගමනින් ලකුණු වී තැනෙන පාර ; අඩිපාර.
2. වනසතුන් ගමන් ගන්නා මඟ ; ඉවපාර.

පියම්බිකාව

නා. භාර්යාව ; බිරිඳ ; ප්‍රියම්බිකාව.

පියඹ

1. නා. ස්ත්‍රිය, වනිතාව.
2. භාර්යාව ; ප්‍රියම්බිකාව.
3. ප්‍රිය වූ හමුව ; ස්ත්‍රී පුරුෂ සංවාසය.
4. ප්‍රිය වු වස්තුවෙහි ඇලීම ; කාම තෘෂ්ණාව.
5. ගස් වර්ගයක් ; කොසඹ ; කොහොඹ.
6. පිය+අඹ ප්‍රිය වූ ජලය.

පියයුරු

1. නා.ප්‍ර. ස්ත්‍රීන්ගේ දෙතන ; පයෝධර.
2. දිය දරන්නා වන වැහි වලාකුළ ; මේඝකූට.
3. ඖෂධීය පැළෑටියක්.

පියර

නා.ප්‍ර. වත්සුනු ; පුයර.

පියරැව් දෙනවා

ක්‍රි. මිහිරි නාදය ඇති කරනවා.

පියල

පියල්ල බ.

පියල්ල

1. නා. රෙද්ද ; වස්ත්‍රය ; රෙදිකඩ.
2. ඇතිරිල්ල ; බුමුතුරුණුව.
3. පහන්වැටි ; පාන්කඩ.
4. බෙහෙත් කැවූ රෙදිකඩ ; රෙදිවැටි ; ඔසුවැටි.
5. කුඩා විලක්කු.
6. පුෂ්ප පත්‍රය ; මල් පෙත්ත.
7. පාත්‍රය ; භාජනය.
8. ඇටයක පලුව ; බෑය.
9. ඇටයක පළුවක හැඩය ගත් දෑ.