සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1088
පියලි කපාටය
නා. (භෞති.) වායු පීඩනය රැක ගැනීම පිණිස සරනේරුවක් වැනි උපකරණයකින් සවි කරනු ලබන ඉපියා.
පියවනවා
1. ක්‍රි. දුරුකරනවා ; බැහැර කරනවා ; අස් කරනවා ; නවත්වනවා.
2. වහනවා, අත්හිටවනවා.
පියවර
1. නා. පාදය පය ; පතුල ; විලුඹේ කෙළවර සිට මහපට ඇඟිල්ල අග දක්වා කොටස.
2. පාද සටහන ; පා සලකුණ ; පාද ලාඤ්ඡනය.
3. ගමනේ දී තබන පා දෙක අතර දුර.
4. යම්කිසි ක්‍රියාවක අවස්ථාවක් ; ක්‍රියාවලියක එක් කොටසක්.
පියවසාව
නා. පදනම වසන බැම්ම ; පේසාව ; දාගැප්හි පේසා වළල්ල.
පියවි
වි. ස්වභාවික ; මුල් ස්වභාවය ඇති ; ප්‍රකෘති.
පියවි රා
1. නා.ප්‍ර. ස්වාභාවික වර්ණය ; ප්‍රකෘති පැහැය.
2. ප්‍රකෘති රාගය ; ජනානු රාගය.
පියවිළිය
නා. පය තැබීම පිණිස එළන වස්ත්‍රය ; පාවාඩය.
පියවු පරික්‍රමණය
(පාරිභා.) නා. (භූගෝ) වසන ලද හරස් කැපුම.
පියස
1. නා. පෙදෙස ; දිසාව ; පළාත ; ප්‍රදේශය.
2. මළුව.
3. කිට්ටු පාත හරිය.
4. ගෙයක මන්දිරයක හෝ ස්තූපයක වහල ; ඡදනය ; පියස්ස.
පියසටහන
නා. පා සලකුණ ; පාදසටහන.
පියසන්
[පිය + සන්]
1. නා.ප්‍ර. පාදයේ සලකුණ ; පොළොවේ හෝ වෙන යමක් මත පය තැබූ විට දක්නට ලැබෙන පය ලකුණ.
2. පාදය තබන විට නැගෙන හඩ.
3. පියාපත් ගැසීම ; පක්ෂ ප්‍රහාරය.
පියසර
1. නා.ප්‍ර. ප්‍රිය කාන්තාව ; ප්‍රියංකර ස්ත්‍රිය.
2. ප්‍රිය වූ නාදය ; පියකරු හඩ.
පියස්ස
1. නා. වහල ; පියස ; ඡදනය.
2. කුඩා පැල ; තාවකාලික මඩුව.
පියසුන්
1. වි. පියාපත් සිඳුණු.
2. පියකරු බසින් තොර ; ප්‍රිය ශූන්‍ය.
නා.ප්‍ර. කේළාම් ; පෛශුනය.
පියසුනු
වි. පියාපත් බිඳුණු ; පිහාටු සිඳී ගිය.
පියහඹනවා
ක්‍රි. පියාපත් ගසා අහසේ ගමන් කරනවා.
පියහසර
නා. පයින් යා හැකි පටුමඟ ; පියමඟ ; අඩිපාර.
පියළි
1. නා.ප්‍ර. වස්ත්‍ර කැබැල්ල ; රෙදිකඩ.
2. ගමන් කිරීමේදී හරසර ; පාවාඩය සඳහා එළන රෙදිකඩ.
3. බුමුතුරුණුව.
4. ඉරන ලද රෙදිපටිය.
5. පහන්තිරය.
පියා
1. නා. දරුවකු දාකළ තැනැත්තා ; උත්පාදකයා ; අප්පා ; අප්පච්චි; තාත්තා.
2. යම් මිනිස් සමාජයකට තීරණාත්මක සේවයක් කළ උත්තමයා.
පියාඩය
(පාරිභා.) නා. මුහුදු වෙරළේ උස ගල් කඩතොලු අතර වූ දිග පටු කලපුව.
පියාබුන්
වි. පියාපත් බිඳුණ ; පියා සිඳීගිය.
පියාලය
පියාසර කරනවා
ක්‍රි. පියාහඹනවා ; අහසේ ඉගිළ යනවා ; අහසේ යාත්‍රා කරනවා.
පියැලි
1. නා.ප්‍ර. රෙදිකෑලි.
2. බීජ පලුව.
3. පුෂ්ප පත්‍රය ; මල් පෙත්ත.
4. බඳුන ; පාත්‍රය ; කුසලාන.