සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1128
පොකුරු වැස්ස
නා. තෙමෙනු කැමතියන් තෙමෙන, නොතෙමෙනු කැමතියන් නොතෙමෙන ආශ්චර්යවත් ව වසින අස්වාභාවික වර්ෂාවක්.
පොකුරුමිණි
නා.ප්‍ර. රතු කැටය ; පද්මරාග මාණික්‍යය පියුම්රාමිණි.
පොඟනවා
ක්‍රි. තෙත් වෙනවා ; තෙත් ගතියට මෘදු වෙනවා ; මෙළෙක් වෙනවා.
පොට
1. නා.ප්‍ර. නමන ලද කඩදාසියක හෝ වස්ත්‍රයක එක් පටක්.
2. අඹරන ලද කඹයක එක් පටක්.
3. සාරියක හෝ ඔසරියක හෝ කරෙන් පහළට වැටෙන රෙදිපට.
4. රැහැන ; කැරැල්ල ; දාමය ; වැල.
5. ඉස්කුරුප්පු ආදි උපකරණයක වැද්දූ දඟර කොටස.
6. පිළිවෙළ ; විධිය.
7. වාරය ; කාලය ; අවස්ථාව.
පොට ඇණ
නා.ප්‍ර. තහඩු ආදිය වැද්දීම සඳහා ගැනෙන සම මහතින් යුත් ඉස්කුරුප්පු ඇණ ; බෝල්ට් ඇණ.
පොට පෑදෙනවා
ක්‍රි. සුදුසු අවස්ථාව එළඹෙනවා ; නියම වේලාව එනවා ; නිසි මග සැලසෙනවා.
පොට වැරදෙනවා
1. ක්‍රි. නිසි අවස්ථාව මඟ හැරෙනවා ; සුදුසු තත්ත්වය ඉක්මෙනවා ; යෝග්‍ය පරිසරය ඉක්මෙනවා.
2. හරියට තේරුම් නොගන්නවා ; වැරදි අවබෝධයෙන් ක්‍රියා කරනවා.
පොට්ට
1. වි. ඇස් අන්ධ ; ඇස් නොපෙනෙන.
2. පැහැදිලි ව නොපෙනෙන.
3. කාර්ය යෝග්‍ය නොවන.
පොට්ට කාසිය
නා. මුද්‍රාව ගෙවී ගොස් දක්නට නොමැතිකම නිසා භාවිතයට නුසුදුසු කාසිය.
පොට්ටනම
නා. රෙදිකඩකට එක්කොට බඳින ලද ද්‍රව්‍ය සමූහය ; පොදිය ; පොට්ටනිය.
පොට්ටනිය
නා. ද්‍රව්‍ය සමූහයක් ඇතුළු කොට රෙදි කඩකින් බඳින ලද පොදිය.
පොට්ටයා
නා. ඇස් අන්ධයා.
පොටැහැ
නා. කකුල් දණ්ඩ (කෙණ්ඩය) කෙළවරෙහි පතුළට උඩින් තිබෙන නෙරා ගිය කොටස ; ඇස්වටය ; බොලට.
පොටෑෂ්
නා.ප්‍ර. පොහොර නිෂ්පාදනයේ දී බෙහෙවින් උපයෝගී කරගනු ලබන සුදු ස්ඵටිකමය ක්ෂාර ද්‍රව්‍යයක්.
පොටෑසියම්
නා.ප්‍ර. බලවත් ප්‍රතික්‍රියාකාරී ක්ෂාර ලෝහමය මූල ද්‍රව්‍යයක්.
පොටෑසියම් නයිට්රේට්
නා.ප්‍ර. පොටෑසියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් නයිට්ටේට් සංයෝගයක් ; වෙඩිලුණු.
පොටි
නා.ප්‍ර. දොර පියන් ආදියට වීදුරු සවිකිරීම, දැව භාණ්ඩවල සිදුරු වැසීම ආදිය සඳහා භාවිතයට ගන්නා මැටි වැනි මොළොක් ඇලෙන සුලු බදාමයක්.
පොටෝ
නා.ප්‍ර. කැමරාවකින් සේයා තහඩුවකට ගනු ලබන ඕනෑම සජීවී, අජීවී වස්තුවක ප්‍රතිබිම්බය ; ඡායාරූපය.
පොඩි
1. වි. කුඩා ; සුළු.
2. (වයසින්) බාල ; කනිටු.
1. නා.ප්‍ර. කැබලි ; කුඩු.
2. ලෝහ පෑස්සීමට ගන්නා පුෂ්කර දිය හා මිශ්‍ර කළ වෙනත් ලෝහ කැබලි.
3. වී වර්ගයක්.
පොඩි කරනවා
1. ක්‍රි. කැබලි කරනවා ; කඩනවා ; බිඳිනවා.
2. තළනවා ; මඩිනවා ; මිරිකනවා.
පොඩි ගැහෙනවා
ක්‍රි. හැකිලෙනවා ; ගුලිවෙනවා.
පොඩිත්ත
1. නා. ඉතා ස්වල්පය ; ටික.
2. කුඩා දෙය ; සුළු දෙය.
3. ටික කාලය ; සුළු වේලාව.
පොඩිත්තා
නා. කුඩා ළමයා ; ළදරුවා.
පොඩිස්සී
නා.ප්‍ර. වැඩිවිය පැමිණි ස්ත්‍රිය.
2. ළාබාල දැරිය.
3. උඩරට රාජ්‍ය සමයේ කුලහීන ස්ත්‍රීන් ඇමතීමට යෙදුණු පදයක්.