සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 155
අමාරුව
1. නා. අපහසුව; දුෂ්කරතාව; අවහිරය.
2. නා. ආබාධය; අසනීපය.
අමාවක
නා. අව පසළොස්වක; මාසෙ පෝය දවස; කළුවර පක්ෂයේ පසළොස්වක දවස; කළුවර පොහොය.
අමික්තුව
නා. (රෝ.ක.) පූජා කටයුතු සඳහා පූජා ප්‍රසාදීන් පලඳින සළුව.
අමිත
වි. අප්‍රමාණ; අනන්ත.
අමිත්
වි. මිතුරු නොවූ; සතුරු.
අමින්
වි. අප්‍රමාණ; අපරිමිත; බොහෝ.
නා.ප්‍ර. රාශිය; සමූහය.
අමියාව
නා. ආහාර නොදිරවීම; අජීර්ණය; ආමය.
අමිල
වි. මිල කළ නොහැකි; අමූල්‍ය; අනර්ඝ.
අමිශ්‍ර
1. වි. මිශ්‍ර නොවූ; නුමුසු.
2. (පාරිභා.) වි. පිරිසිදු; ශුද්ධ (=pure, unalloyed).
අමිශ්‍ර පොළිය
නා. ණයට දුන් මුල් මුදලට පමණක් උපදින පොළිය; සුළු පොළිය.
අමිශ්‍ර භාගය
නා. (ගණිත.) ලවය සහ හරය ඛණ්ඩ සංඛ්‍යාවලින් නොව සම්පූර්ණ සංඛ්‍යාවලින් යුක්ත වූ භාග ගණන (=simple fraction).
අමිශ්‍රිත
වි. මිශ්‍ර නොකරන ලද; අසංකීර්ණ; පාරිශුද්ධ.
අමිශ්රෝදක
අමු
1. වි. නොපිසින ලද; නොතැම්බූ; නොතැම්බුණු; නොපුලුස්සන ලද.
2. වි. (රත් කොට) ශුද්ධ නොකරන ලද; සකස් කර නොගත්.
3. වි. නොපැසුණු; නොඉදුණු.
4. වි. නොදිරූ; නොපැසවූ; අජීර්ණ වූ.
අමු අමුවේ
1. ක්‍රි.වි. දරුණු ලෙස; නිර්දය ලෙස.
2. ක්‍රි.වි. පණ පිටින්.
3. ක්‍රි.වි. පවතින තත්ත්වයෙන්.
අමු බොරුව
(කථා.) නා. සම්පූර්ණ අසත්‍යය; අමූලික බොරුව.
අමු සොහොන
නා. මළ සිරුරු නොදවා, නොවළලා එළිමහනේ තැන්පත් කරන තැන; ආමක සුසානය.
අමුක්කනවා
(කථා.) ක්‍රි. දත් නැති අයකු මෙන් තලුම්බු කරනවා; සෙමින් සෙමින් හපනවා.
අමුක්කුව
1. (කථා.) නා. බාධාව; හිරිහැරය; අමාරුව.
2. නා. හදිසි අනතුර.
3. නා. තුවක්කුවේ කොකා හෙවත් කක්කනාව.
අමුඩය
නා. රහසග පෙදෙස පමණක් වැසෙන සේ අඳින රෙදිකඩ; කැසපට.
අමුණ
1. නා. පෑළ හතරකින් යුක්ත ධාන්‍ය මිණුම් ප්‍රමාණය.
2. නා. පෑළ හතරක ධාන්‍ය වැපිරීමට ගැනෙන වපසරිය දැක්වෙන බිම් මිණුම් ප්‍රමාණය.
3. නා. වැව්, ඇළ, දොළ ආදිය හරස් කර ඉදි කරන ලද බැම්ම; වේල්ල.
4. නා. ජලය රැඳවූ ඇළ.
5. නා. වේල්ලකින් රැඳවූ ජලය.
අමුණනවා
ක්‍රි. (නූල් ආදියෙන්) එකිනෙක සම්බන්ධ කරනවා; පබළු, මල් ආදිය ගොතනවා; අවුළුවනවා; පටලවනවා; උල් ආදියෙන් සවි කරනවා; (කොකූ ආදියෙන්) ආඳනවා.
අමුණු ගිල්ම
1. නා. ස්ථිර බැම්මක් ඇති දිය අගළ.
2. නා. නගරයක හෝ බළකොටුවක හෝ ජලාශය.
අමුතු
1. වි. නව; අලුත්; අභිනව.
2. වි. වෙනත්; අන්‍ය; ආගන්තුක; අසාමාන්‍ය.
3. වි. නොගැලවුණු; නොමිදුණු; අමුක්ත.
4. වි. බැඳි.