සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1644
ෂින්
නා.ප්‍ර. චීනයෙහි ඇති බෞද්ධ නිකායක නාමය.
ෂින්ටෝ
නා.ප්‍ර. මළවුන් ඇදැහීම ප්‍රධාන විශ්වාසය සේ ගත් සාම්ප්‍රදායික ජපන් ආගමක්.
ෂුප්නර් ලප
(පාරිභා.) නා.ප්‍ර. මැලේරියා රෝගකාරක විෂ බීජ ආසාදනය වීමෙන් සිරුරේ හටගන්නා බිබිලි.
ෂේපර් ක්‍රමය
(පාරිභා.) නා.ප්‍ර. උපක්‍රමයෙන් ආශ්වාස කරවීමේ ක්‍රමය.
ෂෝඩශ
නා.ප්‍ර. දහසය ; සොළස.
ස
මිශ්‍ර සිංහල හෝඩියේ තිස්අට වැනි ව්යංජනාක්ෂරය ; තුන්වැනි ඌෂ්මාක්ෂරය.
1. නා.ප්‍ර. සය හෙවත් හය යන සංඛ්‍යාව.
2. (ඡන්ද.) අට ගණවලින් එකක්.
උ. සහිත, ස්වකීය, සමාන අර්ථවල යෙදේ.
සං
උ. එක්ව, එකට සම්බන්ධ, සමඟ, මනා සේ, පූර්ණ, එහා මෙහා, අධික, ආසන්න ආදී අරුත්හි යෙදේ.
සං(ඞ්)ඝටනය
1. නා. එකට සම්බන්ධ වීම ; එකට එකතු වීම.
2. (පාරිභා.) එකට ගැටීම ; එකිනෙක හැපීම ; ඝට්ටනය.
3. (පාරිභා.) සංයුතිය ; සංස්ථිතිය ; සංයෝජනය.
සං(ඤ්)චාරණය
නා. හැසිරීම ; ගැවසීම ; ඇවිදීම.
සංකට
1. වි. අනතුරුදායක ; හානිදායක ; පීඩාදායක.
2. බොහෝ ඇති බහුල ; ගහණ වූ.
සංකටය
1. නා. කරදර සහිත කාලය ; අනතුරු සහිත කාලසීමාව.
2. සුලු කාලයක් ඇතුළත දී ඇති වන බලවත් වෙනස.
3. අවහිර සහිත බව ; බාධක හෝ සම්බාධක සහිත බව.
සංකඩ
වි. දිරාගිය ; වැරහැලි වූ ; අබලන්.
සංකඩ්ඪනය
නා. එකතු කිරීම ; ඇහිළීම.
සංකථනය
නා. සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් පිළිවෙළින් කථනය කිරීම ; සාමූහික ව හඬ නඟා කියවීම.
සංකථා
නා.ප්‍ර. ඔවුනොවුන් එක් කරන කතාබහ ; සම්මන්ත්‍රණය.
සංකදෝරු
(කථා.) වි. එරෙහි ; අරියාදු.
සංකන්තිය
නා. තැනකින් අනික් තැනකට මාරු වීම ; සංක්‍රාන්තිය.
සංකප්ප
නා.ප්‍ර. සිතිවිල්ල ; සිතෙහි පහළ වන අදහස ; මතය ; මතවාදය ; චින්තනය ; කල්පිතය ; කල්පනය ; සිතේ මවා ගත් රූපය.
සංකපාණි
නා.ප්‍ර. සංඛයක් අතින් දරන්නා වන විෂ්ණු දෙවි.
සංකම
1. නා.ප්‍ර. මහණකම ; පැවිද්ද ; ප්‍රව්‍රජ්‍යාව.
2. මාරුවීම ; සංක්‍රමණය.
සංකම්පිත
වි. හොඳින් කම්පා වූ ; බෙහෙවින් කම්පිත.
සංකර
වි. මිශ්‍ර ; කළවම්.
1. නා.ප්‍ර. මිශ්‍ර වූව ; මුසු වූ දෙය.
2. ශිව දෙවි.
3. විෂ්ණු දෙවි.
4. කලහය ; ආරවුල.
සංකරණය
1. නා. මුසු වීම ; මිශ්‍ර වීම ; සංකර වීම.
2. (පාරිභා.) (ගණිත.) සංකේත පරිමිත සංඛ්‍යාවක් ප්‍රතිසංවිධානය කිරීමේ කාර්යය.