සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 482
කීළනය
නා. ක්‍රීඩාව; සෙල්ලම; කෙළිය.
කුංචනාදය
නා. ඇතුන් නගන නාදය; හස්ති නාදය.
කුකවියා
නා. පහත් පෙළේ කවියා; නිර්මාණ ශක්තියෙන් හීන පද්‍ය ප්රබන්ධකයා.
කුක්කුච්චය
නා. තමන් කළ දුසිරිත් ගැන හා නොකළ සුසිරිත් පිළිබඳ නැවත නැවත පසුතැවිලි වන ස්වභාවය.
කුක්කුට
1. නා.ප්‍ර. සැවුළා; කුකුළා.
2. නා.ප්‍ර. වර්ෂ නාමයක්.
3. නා.ප්‍ර. දෙතිස් වැදෑරුම් රාගයන්ගෙන් එකක්; ද්වාදශාවිධ සුගත් වර්ෂයන්ගෙන් එකක්.
කුක්කුර
1. නා.ප්‍ර. බල්ලා; සුනඛයා.
2. නා.ප්‍ර. ඔසු වෙසෙසක්; පෝණ්ඩරු හෙවත් පද්මකාෂ්ඨ.
කුක්කුර දන්ත
නා.බහු. කෘන්තක දත් හා චාර්වක දත් අතර පිහිටා ඇති උල්දත් සතර; රදනක දත් (=canine teeth).
කුක්කුර ව්‍රතය
නා. සුනඛයකු ලෙස ඉරියවූ පැවත්වීමෙන් රකින තාපස ධර්මය; බලුතපස් වත.
කුක්ෂිය
1. නා. බඩ; උදරය.
2. නා. (මව්) කුස; ගර්භාශය; ගර්භය.
3. නා. (යමක) අභ්‍යන්තරය.
4. (පාරිභා.) නා. ඩිම්බය තුළ පිරී තිබෙන සහ කලල කෝෂය දරා තිබෙන තුනී බිත්ති සහිත සෛල රාශිය (=nucellus).
කුක්ෂිවෘන්තය
(පාරිභා.) නා. මලක කීලය.
කුකුන්දරාස්ථිය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ ශ්‍රෝණි මේඛලාව සෑදුණු අස්ථි තුනෙන් පසුපස ඇටය (=ischium).
කුකුරුවා
1. නා. බල්ලා; සුනඛයා.
2. නා. බලු පැටියා; බලු කුක්කා.
කුකුල් අඩිය
(කථා.) නා. කුකුළු අඩියක හැඩරුව ඇති මුද්‍රාව සහිත මායිම් ගල; ඉඩම්වල සීමා ලකුණු කිරීම පිණිස රජය විසින් පිහිටුවන මායිම් ගල.
කුකුල් කේන්තිය
නා. ඉක්මන් කෝපය; නිතර තරහ යෑම.
කුකුල් නින්ද
(කථා.) නා. විටින් විට අවදි වෙමින් නිදන නින්ද; කෙටි නින්ද.
කුකුල්සායම්
නා.ප්‍ර. පන් ආදියට පාට පෙවීමට ගන්නා කෘත්‍රිම සායම් විශේෂයක්.
කුකුස
1. නා.ප්‍ර. නැවත නැවත පසුතැවිලි වන ස්වභාවය.
2. නා.ප්‍ර. සැකය; ශඞ්කාව.
කුකුස්වත
නා.ප්‍ර. සැකයට හේතු වූ වස්තුව හෙවත් කාරණය
කුකුළාවැටි
නා.ප්‍ර. (වැව් ආදියේ) ජලය රඳවනු පිණිස බඳින වේලි.
කුකුළුපොර
නා.ප්‍ර. ඔට්ටුවට කුකුළන් කෙටවීමේ ක්‍රීඩාව; කුකුළන් කෙටවීමේ සූදුව.
කුඞ්කුම
නා.ප්‍ර. ලංකාවේ හා ඉන්දියාවේ වැවෙන වෘක්ෂයක නාමය; කොකුම්.
කුඞ්කුමවර්ණ
නා.ප්‍ර. රක්ත වර්ණය; රන්පැහැය.
කුඞ්කුමාඞ්ග රාගය
නා. ඇඟෙහි ගල්වන කොකුම් ආදි සුවඳ කල්කය; කොකුමඟරා.
කුච
නා.ප්‍ර. තනය; පියොවුර.