සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 542
ඛේමඞ්කර
වි. නිරුපද්‍රැත ස්ථානයකට පමුණුවන පරම ශක්තිය; නිවන ගෙන දෙන.
ඛේල පිණ්ඩය
නා. කෙළ පිඬ.
ඛෝම
නා.ප්‍ර. ඛෝම ගසෙන් ලබා ගත් නූලින් වියන ලද වස්ත්‍රය; කොමු පිළිය; කොමු පිළියෙන් කරන ලද සිවුර.
ග
මිශ්‍ර සිංහල හෝඩියේ 'ක' වර්ගයට අයත් තුන්වන අකුර; අපරතාලුජ (කණ්ඨජ) ඝෝෂ අල්පප්‍රාණ ව්‍යංජනය.
නා.ප්‍ර. පෙරදිග සංගීතයෙහි එන සප්ත ස්වර අතුරෙන් තුන් වැන්න.
ගං
නා.ප්‍ර. ගඟ.
ගං දඹය
නා. ගඟට නෙරා ගිය තද බෑවුමක් ඇති පළල් බිම්කඩ; ගංගා ආශ්රිත තද බෑවුම් සහිත කඳු ඇළය.
ගං පැතිකඩ
(පාරිභා.) නා සිතියමක දැක්වෙන ගංගාවක් සරල රේඛාවක් සේ ගෙන එහි බැස්ම හෙවත් අනුක්‍රමණය දැක්වෙන සේ සමෝච්ච රේඛා ආධාරයෙන් අඳින ලද සටහන.
ගංආර
නා. ගඟක හෝ ඔයක හෝ දිය ගලා බස්නා පථය; ගඟ ගලා බසින මාර්ගය; ගං දෙපස මඟ; ගංඕඩය.
ගංඉවුර
නා. ගඟක දෙපස පිහිටි කණ්ඩිය; ගං භික්තිය.
ගංකොළය
(කථා.) නා. පුවක් අත්තේ ගස බදාගෙන සිටින විශාල කොළයක් වැනි කොටස; කොළපත.
ගංගා
1. නා.ප්‍ර. මුහුද හෝ වෙනත් ගඟක් හෝ කරා ජල මාර්ගයක් ඔස්සේ විශාල ජලප්‍රමාණයක් ගලා යන දියපාර ගඟ; නදිය.
2. නා.ප්‍ර. උතුරු ඉන්දියාවේ විශාල ගංගාවේ නම; ගංගානම් ගඟ.
ගංගු
(කථා.) නා. අලුත උපත් බිලිඳකු කටින් පිට කරන පෙණ හෝ සෙම.
ගංගුලා දමනවා
(කථා.) ක්‍රි. (ගොයම් පෑගීම සඳහා යොදවා සිටින මී හරකුන් කමතේ) මූත්‍ර කරනවා.
ගංගොඩ
නා. ගෙවල් සුළු ගණනකින් යුත් කුඩා ගම; ගමක උප කොට්ඨාසය.
ගංජා
නා.ප්‍ර. කන්සා නමැති පැළෑටියෙන් තනා ගනු ලබන මත්ද්‍රව්‍යයක්.
ගංතැන්න
නා. ගඟක් දෙපස පිහිටි සම බිම; ගංතලාව; ගංගා මිටියාවත.
ගංතෙර
නා.ප්‍ර. ගඟක දෙපස බිම් තීරුව.
ගංතොට
නා. ගඟක තොටුපළ; ඔරුපාරු ආදි ජලයාත්‍රා යනෙන ගංගාතීර්ථය.
ගංදඟර
නා.ප්‍ර. ගඟේ දඟරාකාර නැමි; ගංවක්; වක්කලම්.
ගංදඟරමළුව
නා. ගං දඟරයක ඉහළින් පිහිටි වේදිකාවක් බඳු තැනිතලාව.
ගංදියළු
නා.ප්‍ර. ගඟේ වතුරෙන් ගසා ගෙන ගොස් (නිම්න, ගං මුව දොර ආදියෙහි) තැන්පත් වන වැලි පස් ආදිය; රොන්මඩ.
ගංදෙණිය
නා. ගඟක දෙපස පිහිටි පහත් සමතලා භූමි භාගය; ගංගා නිම්නය; ද්‍රෝණිය.
ගංනිලය
නා. රාජකාරියෙහි යෙදී සිටින ගමේ මුලාදෑනියාට භුක්තිය සඳහා ලැබී තිබුණු ඉඩම.
ගංපරය
(පාරිභා.) නා. ගඟක හෝ ගංමෝයක ගඟ දිය අවුරා සිටින ගල්කුළු හෝ වැලිතලා.
ගංබඩ
1. නා. ගඟ අවට ප්‍රදේශය; ගඟ දෙපස පිහිටි පෙදෙස; ගංගාශ්රිත භූමි භාගය.
2. නා. ගංඉවුර; ගඟ අද්දර.